Friday, April 24, 2015

ගැටලු හා විසදුම්

ගැටලු හා විසදුම්

ඔබගේ ගැටළු ඊමේල් මාර්ගයෙන් (සිංහල යුනිකෝඩ් භාවිතා කර ) අප වෙත යොමු කරන්න.ellawalavijithananda@gmail.com


1.භාවනා කරනවිට නිදිමත වැඩියෙන් දැනෙන් ඇයි?

පිළිතුර ශ්‍රවණයකරන්න.

2.අනිච්ච දුක්ඛ අනාත්ම මෙනෙහි කිරිම විපස්සනාවක් නොවන්නෙ ඇයි?

පිළිතුර ශ්‍රවණයකරන්න.

3.සමාධි ශික්ෂාව පැහැදිලි කරන්න. ?

පිළිතුර ශ්‍රවණයකරන්න.

4.සමාධි ශික්ෂාවෙදි උපන්අකුසලය මැඩපැවත්වන්නෙ කෙසෙද.?

පිළිතුර ශ්‍රවණයකරන්න.

5.පැරණි අයට පහාසුවෙන් මෙම ධර්මය තෙරීඇත්තෙ කෙසෙද.?

පිළිතුර ශ්‍රවණයකරන්න.

6.හුස්ම නොදැනෙන අවස්ථාවලදි කලයුතු දෙය කුමක්ද?

පිළිතුර ශ්‍රවණයකරන්න.

7.වාචා කම්මන්ත ආජිව යන අංග තුන සම්මා වන අවස්ථා උදාහරණ ඇසුරෙන් පෙන්වා දෙන්න.

පිළිතුර ශ්‍රවණයකරන්න.

8.අංග අට මගින් සංසාරය හැදෙනහැටි උදාහරණ ඇසුරෙන් පෙන්වා දෙන්න.

පිළිතුර ශ්‍රවණයකරන්න.

9.ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩිය යුත්තේ ශීල, සමාධි, ප‍්‍රඥා වසයෙන්ද නැත්නම් ප‍්‍රඥා,ශීල, සමාධි වසයෙන්ද?

පිළිතුර ශ්‍රවණයකරන්න

10.කාය විවෙකය අදුන්වාදෙන්න?

පිළිතුර ශ්‍රවණයකරන්න

11.ආනාපානසති භාවනාව කරගෙන යනවිට කයට දැනෙන වෙදනාවල්
සම්බන්ධව අවධානයෙන් සිටීම හොදද?

පිළිතුර ශ්‍රවණයකරන්න

12.බෞද්ධයා සෑමවිටම සම්මාදිට්ඨියේ සිටිනවාද?

පිළිතුර ශ්‍රවණයකරන්න

13.කාමරාග හා රෑපරාග පැහැදිලි කරණ්න?

පිළිතුර ශ්‍රවණයකරන්න

14.ආනාපාන සති භාවනා කරමින් බණ ඇසීම කලහැකිද?

පිළිතුර ශ්‍රවණයකරන්න

15.මේ ජිවිත කාලයේදීම සොවාන් විමට පුලුවන්ද?

පිළිතුර ශ්‍රවණයකරන්න

16. ආනාපානසති භාවනාවේ සබ්බකාය පටිසංවේදි අවස්ථාව  පැහැදිලි කරණ්න?.

පිළිතුර ශ්‍රවණයකරන්න

17.ආනාපානසති භාවනාවේ අජ්ජත්ත කය හා බහිද්ධ කය  පැහැදිලි කරණ්න?

පිළිතුර ශ්‍රවණයකරන්න

18.ආනාපානසති භාවනාවේ අජ්ජත්ත කය හා බහිද්ධ කය නැවත පැහැදිලි කරණ්න?

පිළිතුර ශ්‍රවණයකරන්න

19.ඇතැම් භාවනා ගුරුවරු ආනාපානසති භාවනා කරණවිට දැනෙන වේදනාවල් හා ශබ්ද මෙනෙහිකිරීමට  උපදෙස් දෙයි මෙය කලයුතුම දෙයක්ද?

පිළිතුර ශ්‍රවණයකරන්න

20.සමථ භාවනාවේදි සම්මාවායාමය වැඩියයුතු ආකාරය පැහැදිලි කරණ්න?

පිළිතුර ශ්‍රවණයකරන්න

21.මෛත්‍රි භාවනා කිරීමට සුදුසුම වචන ක්‍රමය කුමක්ද?

පිළිතුර ශ්‍රවණයකරන්න

22.පස්සම්භයං කායසංඛාර අවස්ථාව කායවිඤ්ඤාණය ක්‍රියාකාරි නොවන
      අවස්ථාවක්ද?

පිළිතුර ශ්‍රවණයකරන්න

23.රෑප රාගය යෙදෙන අවස්ථාවලට උදාහරණ දෙන්න.

පිළිතුර ශ්‍රවණයකරන්න

24.පස්සම්භයං කායසංඛාර අවස්ථාවට පසුව ඇතිවන හිස්තැනෙදි කලයුතුදෙය කුමක්ද?

පිළිතුර ශ්‍රවණයකරන්න

25.රෑප රාගය යෙදෙන අවස්ථාවල් ප්‍රඥ්ඥාව හා සතියෙන් තෙරුම්ගන්ඞ පලුවන්නේද?


26.යෝනිසෝ මනසීකාරය පැහැදිලි කරණ්න.

පිළිතුර ශ්‍රවණයකරන්න

27.සතිය හා මතකය එකම දෙයක්ද?

පිළිතුර ශ්‍රවණයකරන්න

28.පංච නීවර්ණ තුල රූපරාග තිබියහැකිද?

පිළිතුර ශ්‍රවණයකරන්න

29.විපස්සනා භාවනාවේදි සමුදය ධම්මානුපස්සි විහරති පැහැදිලි කරණ්න.

පිළිතුර ශ්‍රවණයකරන්න

30.භාවණාවේදි අරූපරාග දැනෙන අවස්ථාවක් පැහැදිලි කරණ්න.

පිළිතුර ශ්‍රවණයකරන්න

31.අධිකුසලය පැහැදිලි කරණ්න?

පිළිතුර ශ්‍රවණයකරන්න

32.නිවන් දැකීමේ අරමුණෙන් ලෝකයා යෙදෙන ආජිවය පැහැදිලි කරණ්න?

පිළිතුර ශ්‍රවණයකරන්න

33.අල්පේච්ඡ බව තිබුණත් පදපරම පුද්ගලයාට නිවන් දකින්න බැහැනේද?

පිළිතුර ශ්‍රවණයකරන්න

34.භාවණා කරණවිට තමාගේ සරීරය වැනෙන බව දනෙනවා නම් කලයුතුදෙය කුමක්ද?

පිළිතුර ශ්‍රවණයකරන්න

35.භාවණා කරණවිට දැනෙන නිමිත්ත ප්‍රමානයෙන් විශාල ලෙස පෙනිය හැකිද?

පිළිතුර ශ්‍රවණයකරන්න


36.නීවර්න යටපත් කිරීමේ සිට මාර්ගඵල අවබෝධය දක්වා විදර්ශණා භාවනාව පැහැදිලි කරණ්න?

පිළිතුර ශ්‍රවණයකරන්න

37.විපස්සනා භාවනාවේදි යොගියා විසින් සිදුකරණ අත්වැරදි පැහැදිලි කරණ්න?

පිළිතුර ශ්‍රවණයකරන්න

38.
 ස්වාමින් වහන්සේගේ ධර්ම දෙසනා ශ්‍රවණය කලෙමි. 
ආනාපාන භාවනාවේදී එන අද්ජත්තන්වා භාහිද්දවා හා ඉරියාපත භාවනාවේ එන අද්ජත්තන්වා භාහිද්දවා සම්බන්ද කරන්නේ කෙසේද.
ඉරියාපත භාවනාවේදී මා ඉගෙන ඇති ආකාරයට කරනුයේ ඉරියව් ගෙන අවදානයෙන් සිටීමය. මෙහිදී තමාට දැනෙන හා නොදැනෙන ලෙසද එය ගත යුත්තේ? මෙය හරි හැටි නොවැටහේ.

තෙරුවන් සරණයි 
ජයන්ත 

පිළිතුර

ඉරිපථ භාවනාවේ අද්ධත්ත හා බහිද්ධ අවස්ථාව

ඉරිපථ භාවනාවේදී පලමුව ඉරියව්පැවැත්වීම සම්බන්දව අවධානයෙන් සිටිය යුතුවේ. වැඩි කාලයක් මෙසේ පුරුදුවන විට එම ඉරියව්පැවැත්වීම හුදු කායික දැනීමක් පමනක් බවට පත්වන අවස්ථාවකට එලබේ. මෙම අවස්ථාවේ එම කායික දැනීම අද්ධත්ත වන අතර එසේ නොදැනෙන කොටස් බහිද්ධ  ලෙස ගත යුතුවේ.

තෙරුවන් සරණයි .

39.මනුස්සන්ට මෙන් දෙවියන්ට පංචස්කන්ධයේ අනිත්‍ය තාව 
      වැටහෙනවාද?

පිළිතුර ශ්‍රවණයකරන්න

40.දෙවියන් පිංඅනුමෝදන් කරගන්නේ කේසේද?

පිළිතුර ශ්‍රවණයකරන්න

41. කාම, භව.  විභව තණ්හා මගින් පංචස්කන්ධය උපාධාන වන ආකාරය       පැහැදිලි කරන්න.


පිළිතුර ශ්‍රවණයකරන්න

42.ඕඝ තරණ ස්‍රත්‍රයේ පැහැදිලි කරණ අප්තිට්ඨං, අනායුහං       යනආකාරයෙන් පෙන්වා ඇති විපස්සනා භාවනාව   පැහැදිලි කරන්න.

පිළිතුර ශ්‍රවණයකරන්න

43.
ගරුතර ස්වාමීන්වහන්ස,

ඉහත ප්‍රශ්ණයට ඔබ වහන්සේ දෙන ලද පිළිතුර තව දුරටත් නිරාකරණය කර ගැනීමට අවශ්‍යයි. පංච විමුක්තායතන සුත්‍රයේදී මෙනෙහි කිරීම තුලින් නිවන් අවබෝධ වන බව පහත සඳහන් අයුරින් සඳහන් වේ.

තවද මහණෙනි, භික්‍ෂුහට ශාස්තෘ හෝ අන්‍යතර ගුරුස්ථානික සබ්‍රම්සරෙක් හෝ නො ම දහම් දෙසන්නේ ය. යථාශ්‍රැත යථාපර්ය්‍යාප්ත ධර්‍මය විස්තරයෙන් පරහට නො ද දෙසන්නේ ය. යථාශ්‍රැත යථාපර්ය්‍යාප්ත ධර්‍මය විස්තරයෙන් නො ද සජ්ඣායනා කරන්නේ ය. වැලිත් යථාශ්‍රැත යථාපර්ය්‍යාප්ත ධර්‍මය සිතින් අනුවිතර්‍ක කෙරේ. අනුවිචාර කෙරේ. සිතින් අනුප්‍රෙක්‍ෂා කෙරේ. මහණෙනි, මහණ යම් යම් පරිදි යථාශ්‍රැත යථාපර්ය්‍යාප්ත ධර්‍මය සිතින් අනුවිතර්‍කන කෙරේ නම්, අනුවිචරණ කෙරේ නම්, සිතින් අනුප්‍රෙක්‍ෂා කෙරේ නම්, ඒ ඒ පරිදි හෙ එ දහම්හි අරුත් පිළිවිදුනේත් පෙළදම් පිළිවිදුනේත් වෙයි. අරුත් පිළිවිදුනා පෙළදම් පිළිවිදුනා ඕහට ප්‍රමොදය උපදනේය. ප්‍රමුදිතයාහට ප්‍රීතිය උපදනේය. ප්‍රීතිමනස්කයාගේ කය සන්හිඳෙයි. සන්හුන් කය ඇතියේ සුව විඳිනේය. සුව ඇතියහුගේ සිත සමාහිත වේ. මහණෙනි, යම් විමුත්තායතනයෙක්හි අප්‍රමත්ත ව ආතාපී ව ප්‍රහිතාත්ම ව වාස කරණ මහණහුගේ අවිමුක්ත වූ හෝ චිත්තය මිදේ නම්, අපරික්‍ෂීණ වූ හෝ ආස්‍රවයෝ පරික්‍ෂයට යෙත් නම්, අනනුප්‍රාප්ත වූ හෝ අනුත්තරයොගක්‍ෂමයට අනුප්‍රාප්ත වේ නම්, මේ ඒ සතරවන විමුක්තායතනයයි.

එසේ නම් කෙනෙක් අර්ථ සහිතව කෙළෙස් තවන අයුරින් අනිච්ච දුක්ඛ අනාත්ම මෙනෙහි කිරිම තුලින් නිවන් ලැබිය හැකි නේද? කරුණාකර පහදා දෙන්න. 



Tuesday, April 21, 2015

සත්තිස් බෝධිපාක්ෂික ධර්ම

සත්තිස් බෝධිපාක්ෂික ධර්ම

සතර සතිපට්ඨානය -:
                                 කායානු පස්සනාව
                                 වේදනානු පස්සනාව
                                 චිත්තානු පස්සනාව
                                 ධම්මානු පස්සනාව

සතර සම්ය්‍යයක් ප‍්‍රධාන වීර්යය-:  
                                                  නූපන් අකුසල් නූපදවීමේ වීර්යය
                                                 උපන් අකුසල් ප‍්‍රහාණය කිරීමේ වීර්යය.
                                                 නූපන් කුසල් උපදවාගැනිමෙ වීර්යය
                                                 උපන් කුසල් වැඩිදියුනු කරගැනීමේ වීර්යය

සතර සෘද්ධිපාද-: 
                            ඡන්ද සෘද්ධිපාද
                            චිත්ත  සෘද්ධිපාද
                            විරිය සෘද්ධිපාද
                            වීමංසා  සෘද්ධිපාද

පංච ඉන්ද්‍රිය-:  
                            ශ‍්‍රද්ධා ඉන්ද්‍රිය
                            විරිය ඉන්ද්‍රිය
                            සති ඉන්ද්‍රිය
                           සමාධි ඉන්ද්‍රිය
                           ප‍්‍රඥා ඉන්ද්‍රිය

පංච බල-: 
                          ශ‍්‍රද්ධා බල
                          විරිය බල
                          සති බල
                          සමාධි බල
                          ප‍්‍රඥා බල

සප්ත බොජ්ජංග-:  
                                 සති බොජ්ජංගය
 ධම්මවිජය බොජ්ජංගය
 වීරිය බොජ්ජංගය
 ප‍්‍රීති බොජ්ජංගය
 පස්සද්ධි බොජ්ජංගය
 සමාධි බොජ්ජංගය
 උපේක්ෂා බොජ්ජංගය

ආර්ය අෂ්ඨාංගික මාර්ගය-:
                                         සම්මා දිට්ඨි
                                   සම්මා සංකප්ප
 සම්මා වාචා
 සම්මා කම්මන්ත
                                   සම්මා ආජීව
 සම්මා වායාම
 සම්මා සති
 සම්මා සමාධි


සත්තිස්බෝධිපාක්ෂික ධර්ම හා ආර්ය අෂ්ඨාංගික මාර්ගය අතර සම්බන්ධය-:











සත්තිස් බෝධිපාක්ෂික ධර්ම සම්බන්ඳව වැඩිදුර අද්ධ්‍යනය කිරීම සඳභා පහතින් දක්වා ඇති ධර්මදෙශනා ශ්‍රවණය කර්න්න-:





2.   ධර්මදෙශනා -02

3. ධර්මදෙශනා-03

4. ගෙඹි අම්මා සහ ඉස්ගෙඩි පැටව්
(ශ‍්‍රී පාද අඩවියේ වර්ණගල අම්බලමේ 2014 වර්ෂයේ නොවැම්බර් මස  පැවැත්වූ භාවනා වැඩ සටහනේ සිදුකළ අනුශාසනාවකි.)

      ධර්මදෙශනා -04





පංච නීවර්ණ

පංච නීවර්ණ

1.නීවණ යනු මනසේ පහල වන මානසික ගති ස්වභාවයකි.

2. පුද්ගලයන්ගේ සත්‍ය ස්වරූපය ආවරණය කිරීම නීවරණවල කෘත්‍ය වේ.

3.බුදුදහමේ පෙන්වන නිවන ආවරණය කරන ප‍්‍රධාන මානසික අංගයන් වන්නේ නීවරණයන් වේ.

4.තවද කාමාවචර භාවය ඉක්මවා ඇති රූපාවචර හා අරූපාවචර මානසික තත්වයන් නීවරණ මගින් ආවර්ණය    කරයි.

5.සමථ භාවනා ක‍්‍රම මගින් නීවර්ණ යටපත් කිරීමට හැකිවේ.

6.විපස්සනා භාවනා ක‍්‍රම මගින් පළමුව නීවර්ණ යටපත් කරන අතර දෙවනුව නීවර්ණ ජනණය කරණ  ආස‍්‍රවයන් විනාශකර නීවර්ණ අතුරුදහන් කරනු ලබයි.

7.ධර්මයේ පංච නීවර්ණ කාමච්ඡුන්ද, ව්‍යාපාදය, ථීනමිද්ධය, උද්ධච්ච- කුක්කුච්ච හා විචිකිචිචා ලෙස නම් කරයි.


කාමච්ඡන්ද
කාමලෝකයේ ජීවත්වන සත්්වයන්ගේ ඇස්, කන, නාසා ආදී ඉන්ද්‍රියයන් මගින් ලබාදෙන අරමුණු වලට කැමැත්ත, ආශාව, ඇල්ම ඇති කරනු ලබන්නේ කාමඡන්ද නීවර්ණය මගිනි.

ව්‍යාපාදය
කාම ලෝකයේ ජීවත්වන සත්්වයන්ගේ ඇස්, කන්්, නාසා ආදී ඉන්ද්‍රියයන් මගින් ලබාදෙන අරමුණු වලට අකමැත්ත තරහව ගැටීම ඇති කරනු ලබන්නේ ව්‍යාපාද නීවර්ණය මගිනි.

ථීනමිද්ධය
කාමලෝකයේ ජීවත්වන සත්වයන්ගේ ඇස්, කන, නාසා ආදී ඉන්ද්‍රියයන් මගින් ලබාදෙන අරමුණුු තාවකාලිකව නවතා දැමීමට කි‍්‍රයාකරනු ලබන්නේ ථීනමිද්ධ නීවර්ණයයි. සෑම පුද්ගලයෙක්ම නින්දට යොමු කරන්නේ ථීනමිද්ධ නීවර්ණයයි.

උද්ධච්ච කුක්කුච්ච
කාමලෝකයේ ජීවත්වන සත්වයන්ගේ ඇස්, කන, නාසා ආදී ඉන්ද්‍රියයන් මගින් ලබාදෙන අරමුණු වල නොසන්සුන් ස්වභාවය ඇති කරනු ලබන්නේ උද්ධච්ච කුක්කුච්ච නීවර්ණය මගිනි.

විචිකිච්චා
කාමලෝකයේ ජීවත්වන සත්වයන්ගේ ඇස්, කන, නාසා ආදී ඉන්ද්‍රියයන් මගින් ලබාදෙන අරමුණු වලට සැක ස්වරූපයක් ඇති කරනු ලබන්නේ විචිකිච්චා නීවර්ණය මගිනි.


ජීවත්වීම හා නීවර්ණ අතර සම්බන්ධය

නීවර්ණ මගින් නිවන ආවරණය කරන අතරමල සංසාරය පවත්වාගෙන යෑමට ද උදව් කරනු ලබයි.
සාමාන්‍ය මිනිසුන්ගේ කි‍්‍රයාකාරීත්වය රදා පවතින්නේ එම පුද්ගලයන්ගේ මනසේ කි‍්‍රයාත්මක වන  නීවර්ණ වල බලපෑම අනුව වේ.

සෑම මිනිසෙක්ම ජීවත්ව වීමේදී තමන් කැමති දෙය ලබා ගැනිමටත් අකමැති දෙයින් ඉවත් වීමටත් උත්සාහ කරයි. මෙය සමාජයේ ඉල්ලූම ලෙස හඳුන්වයි. ලෝකයේ තිබෙන සියලූම ඉල්ලූම්වල මනෝකාරකයන් වන්නේ කාමච්ඡන්ද සහ ව්‍යාපාදයයි

සමාජයේ ඉල්ලුමක් ඇති විට ඊට අදාල සැපයුම් නිපදවනු ලැබේ. මේ සදහා සිදුකරනු ලබන නව සොයා ගැනිම් පර්යේෂණාදියට උදව් වන්නේ උද්දච්ච කුක්කුච්ච නීවරණය හා විචිකිච්චා නීවරණයයි.

එනම් සමාජයේ දිවණුව යනු උද්දච්ච කුක්කුච්ච හා විචිකිච්චා නීවරණ දෙකෙන් වැඩ ගන්න ප‍්‍රමාණයයි.

සෑම පුද්ගලයෙක්ම නිදා ගැනීමට ආසන්න මොහොතේ නීවරණ පහම යටපත් වේ. නමුත් එවැනි අවස්ථාවකදී පලදායි මනෝ භාවයන් වන ශද්ධාව, සතිය, වීරියය ,සමාධි, පඤ්ඥා,  වැනි ගුණාංග අක‍්‍රීය බැවින් සත්‍යය අවබෝධයකට යොදා ගත නොහැකි වෙයි. 

සමථ භාවනාවක් මගින් පංච නීවරණ යටපත් කරණ අතර ශ‍්‍රද්ධාව, සතිය, වීරිය, සමාධි යන මනෝ භාවයන් සංවර්ධනය කරයි.


විපස්සනා භාවනාවකින් වැඩි දියුණු කරන සප්තබොජ්ජංග නැමැති මනෝ භාවයන් මගින් යටපත් වූ නීවර්ණවල මූලයන් විනාශ කරනු ලබයි. 

සාමාන්‍ය පුද්ගලයෙකුගේ මරණාසන්න අරමුණේ යෙදී ඇති නීවරණවල ප‍්‍රබලතාව මත දේව මනුස්ස සතර අපාය යන සත්ව තලවල නැවත ඉපදීම සිදු වේ.

සමථ භාවනාවකින් නීවණ යටපත් කල පුද්ගලයෙකු මරණාසන්න අරමුණේ නීවර්ණ යටපත් කරගැනීමට දක්ෂ වූ විට ඔහු විසින් වැඩි දියුණු කරගත් යහපත් මනෝභාවයන්ගේ ස්වභාවය අනුව රූපාවචර අරූපාවචර සත්ව තලවල ඉපදීම සිදුවේ.

විපස්සනා භාවනාවකින් පළමුව නීවරණ යටපත් කරගෙන දෙවනුව විචිකිච්චා නීවරණය සම්පූර්නයෙන් විනාශ කිරීමන් සොවාන් තත්ත්වයට පත්වී මරණයෙන් පසු කාමලෝකයේ නැවත ඉපදීම් හතකට අවම කරගනී.
විපස්සනා භාවනාවකින් කාමච්ඡුන්දය හා ව්‍යාපාදය නීවරණවල මූල වල අඩක් විනාශ කිරීමෙන් සකදාගාමී තත්ත්වයට පත්වී කාමලෝකයේ නැවත ඉපඳීම් එකකට සීමා කර ගනී.

විපස්සනා භාවනාවකින් කාමච්ඡුන්දය හා ව්‍යාපාදය නීවරණවල මූල  සම්පූර්ණයෙන් විනාශ කිරීමෙන් අනාගාමී තත්ත්වයට පත්වී අකනිඨා බ‍්‍රහ්මලෝකයේ එක්වරක් පමණක් ඉපඳීම සිදු වේ.

විපස්සනා භාවනාවකින් පංච නීවර්ණවල මූලයන් සියල්ලම සම්පූර්ණයෙන්ම විනාශ කිරීමෙන් මහරහත් භාවයට පත් වී සංසාරය අවසාන කරයි.



පංච නීවර්ණ සම්බන්ඳව වැඩිදුර අද්ධ්‍යනය කිරීම සඳභා පහතින් දක්වා ඇති ධර්මදෙශනා ශ්‍රවණය කර්න්න


ධර්මදෙශනා-01
ධර්මදෙශනා-02



Monday, April 20, 2015

භාවනා වැඩමුළු

Wesunu Niwandora Viwara Kara Ganimu.pdf

භාවනා වැඩමුළු
විවිධ ස්ථානවල සිදු කළ භාවනා වැඩමුළුවල  දේශනා මෙම වෙබ් පිටුවේ ඇතුලත් කර ඇති බැවින් ඒවා ශ්‍රවණය කරමිත් ඔබගේ භාවනාව සාර්ථක කර ගන්න.




රාගම  වල්පොල ශ්‍රි විමලරත්නා රාම විහාරස්ථානයේ දී 2015
නොවැම්බර් මස 28,දෙසැම්බර් මස 12,19,26 2016 ජනවාරි
           මස 09,16,23 දින වල පැවැත්වූ භාවණා වැඩමුළුව


දේශනා-01

දේශනා-02

දේශනා-03

දේශනා-04

දේශනා-05

දේශනා-06

දේශනා-07

දේශනා-08

දේශනා-09

දේශනා-10

දේශනා-11

දේශනා-12

දේශනා-13

දේශනා-14

දේශනා-15










එඩේරමුල්ල ගොංගිතොට ශ්‍රි විජයාරාම විහාරස්ථානය(205 සැප්. 112,19,26 ඔක්. 10,17,24 නොවැ. 14 සෙනසුරාල දා දිනවපෙරවරැ 8.30 සිට පස්වරු 3.00 දක්වා)


දේශනා-01

දේශනා-02

දේශනා-03

දේශනා-04

දේශනා-05

දේශනා-06

දේශනා-07

දේශනා-08

දේශනා-09


දේශනා-10

දේශනා-11

දේශනා-12

දේශනා-13

දේශනා-14

දේශනා-15

දේශනා-16

දේශනා-17

දේශනා-18

දේශනා-19

දේශනා-20

දේශනා-21

දේශනා-22

දේශනා-23

දේශනා-24

දේශනා-25

දේශනා-26








කොළඹ 06,සුගත දස්සිනාරාමය






දේශනා-03

දේශනා-04




7.   2015-ජූනි 27,ජූලි 04,11,18,25  අගොස්තු 01,08 යන 
     සෙනසුරාදා දිනවල පෙරවරැ 8.30 සිට පස්වරු 3.00 දක්වා
    පානදුර වලාන ශ්‍රී බෞද්ධාරාමයේදී (මඩවල පන්සල) හා වැලිපිටිය         විහාරස්ථානයේ පැවැත්වූ භාවනා  වඩමුළුව.

දේශනා-01

දේශනා-02

දේශනා-03

දේශනා-04

දේශනා-05

දේශනා-06

දේශනා-07

දේශනා-08

දේශනා-09

දේශනා-10

දේශනා-11

දේශනා-12


දේශනා-13


දේශනා-14

දේශනා-15

දේශනා-16

දේශනා-17

දේශනා-18

දේශනා-19

















පානදුර වැලිපිටිය විහාරස්ථානයේ 2015-10-03 දින පැවැත්වූ දෙශණා

Panadura 151107-01

Panadura 151107-02

Panadura 160106-01

Panadura 160106-02

Panadura 160106-03


6.කැළණිමුල්ලේ කිත්සිරිමෙවන් රාජමහා විහාරයේ 2015 වර්ෂයේ අප්‍රේල් මස 26,මැයි මස 10,17,24,31 ජුනි මස 07,14 යන දිනයන් වල පවත්වන භාවනා වැඩමුලුව.

දේශනා-01

දේශනා-02

දේශනා-03

දේශනා-04

දේශනා-05

දේශනා-06

දේශනා-07

දේශනා-08

දේශනා-09

දේශනා-10

දේශනා-11

දේශනා-12

දේශනා-13

දේශනා-14

දේශනා-15

දේශනා-17

දේශනා-18


දේශනා-19

දේශනා-20

දේශනා-21

දේශනා-22

දේශනා-23



5.රත්මලාන සමන්මාවතෙ අංක 124 නිවසෙ පැවත්වු භාවනා වැඬමුලුව
2015-04-23

දේශනා-01

දේශනා-02

දේශනා-03

දේශනා-04

දේශනා-05

දේශනා-06

දේශනා-07

දේශනා-08

දේශනා-09

දේශනා-11

දේශනා-12

දේශනා-13

දේශනා-14

දේශනා-15

දේශනා-16

දේශනා-17

දේශනා-18

දේශනා-19

දේශනා-20
 



1. ශ්‍රී පාද අඩවියේ වර්ණගල අම්බලම




දේශනා-05



2.බලංගොඩ අටවක්වෙල සුගතාරාම විහාරය.



3.එල්ලාවල  පරනගම බෝධිය





4. මාලඹේ සුසිලාරාමය

දේශනා-19
දේශනා201403-24

දේශනා-201404-29-01
දේශනා-201404-29-02
දේශනා-201404-29-03

දේශනා-150526-01
දේශනා-150526-02
දේශනා-150526-03

දේශනා-150623-01
දේශනා-150623-02
දේශනා-150623-03

දේශනා-150929-01

දේශනා-150929-02

දේශනා-150929-03

Malabe-Sugathadassinaramaya 2016-02-09 (01)

Malabe-Sugathadassinaramaya 2016-02-09 (02)

Malabe-Sugathadassinaramaya 2016-02-09 (03)



4.කොට්ටාව දූව පුරාණ විහාරය


දේශනා-01
දේශනා-02
දේශනා-03
දේශනා-04
දේශනා-05
දේශනා-06
දේශනා-07
දේශනා-08
දේශනා-09
දේශනා-10
දේශනා-11
දේශනා-12
දේශනා-13
දේශනා-14
දේශනා-15
දේශනා-16
දේශනා-17
දේශනා-18
දේශනා-19
දේශනා-20
දේශනා-21
දේශනා-22
දේශනා-23
දේශනා-24
දේශනා-25
දේශනා-26
දේශනා-27




විශේෂ දේශණා
01 දෙවියන්ගේ බණ හා බුදු බණ

කොට්ටාව දූව පුරාණ විහාරයේ 2015 වර්ෂයේ පෙබරවාරි හා මාර්තු මස  පැවැත්වූ භාවනා වැඩ සටහනේ සිදුකළ අනුශාසනාවකි.

අනුශාසනාව

02 මනාලියක් විවාහ මංගල්‍යය දිනයේ සෝවාන් වෙයි.

කොට්ටාව දූව පුරාණ විහාරයේ 2015 වර්ෂයේ පෙබරවාරි හා මාර්තු මස  පැවැත්වූ භාවනා වැඩ සටහනේ සිදුකළ අනුශාසනාවකි.


අනුශාසනාව

03 ආනාපාන සති භාවනාව හා මැරතන් තරඟය

කොට්ටාව දූව පුරාණ විහාරයේ 2015 වර්ෂයේ පෙබරවාරි හා මාර්තු මස  පැවැත්වූ භාවනා වැඩ සටහනේ සිදුකළ අනුශාසනාවකි.


04 ගෙඹි අම්මා සහ ඉස්ගෙඩි පැටව්

ශ‍්‍රී පාද අඩවියේ වර්ණගල අම්බලමේ 2014 වර්ෂයේ නොවැම්බර් මස  පැවැත්වූ භාවනා වැඩ සටහනේ සිදුකළ අනුශාසනාවකි.



05 දුක්ඛ ආර්යය සත්‍ය හා දුකේ හෙවනැල්ල 

 2015 - 03- 24 දින මාලඹේ සුසිලාරාමයේදී පැවැත්වූ භාවනා වැඩ සටහනේ සිදුකළ අනුශාසනාවකි.


අනුශාසනාව


5. දිට්ඨිය හා ගොඩාහැලිය

ශ‍්‍රී පාද අඩවියේ වර්ණගල අම්බලමේ 2014 වර්ෂයේ නොවැම්බර් මස  පැවැත්වූ භාවනා වැඩ සටහනේ සිදුකළ අනුශාසනාවකි.

අනුශාසනාව

6. මහා මංගල සුත්‍රයට දෙවියන් වැඩියෙන් කැමති ඇයි?

මංගල කරුණු 38-

(1.බාලයන් සේවනය නොකිරීම, 2.පණ්ඩිතයන් ඇසුරු කිරීම,3.පිදිය යුත්තන් පිදීම,4.සුදුසු ප‍්‍රදේශයන් හි වාසය කිරීම, 5.පෙර කරන ලද පින් ඇති බව, 6.තමා ශීලාදී දහම්හි පිහිටුවීම, 7.බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව, 8.මනා කොට ශිල්ප දැනීම,9.විනයෙන් හික්මීම, 10.යහපත් වචන භාවිතය, 11.මව්පිය උපස්ථානය, 12දරුවන්ට සංග‍්‍රහ කිරීම, 13.භාර්යාවන්ට සංග‍්‍රහ කිරීම, 14නිරවුල් කර්මාන්තය,15.දානය,
16.ධර්මයෙහි හැසිරීම,17.නෑයන්ට සංග‍්‍රහ කිරීම,18.නිරවුල් කර්මාන්තය,
19.පවින් වැළකීම,20.මත්පැන් පානයෙන් වැළකීම,21.නොපමාව කුසල් කිරීම,
22.ගරු කළ යුත්තන්ට ගරු කිරීම, 23නිහතමානී බව, 24.ලද දෙයින් සතුටු වීම,
25.කළ ගුණ සැලකීම, 26.සුදුසු කල ධර්මය ශ‍්‍රවනය කිරීම, 27.ඉවසීම,
28.කීකරු බව, 29.ශ‍්‍රමණයන් වහන්සේලා දැකීම, 30.සුදුසු කල්හි ධර්ම සාකච්ඡුාව,

31.තපස, 32.බඹසර රැුකීම, 33.චතුරාර්ය සත්‍ය පිළිබඳ දැනීම, 34.නිර්වාණය අවබෝධ කිරීම,

35.අටලෝ දහමින් කම්පා නොවීම, 36.ශෝක නැති බව, 37.කෙළෙසුන්ගෙන් දුරු වීම, 38.චතුර්යෝග භයින් මිදුණු බව,)



7.විපස්සනා භාවනාව හා අධිමානසික බලය



8.සතර ඍද්ධිපාද  ආමිසපුජාව, ශීල ශික්ෂාව, සමාධි ශික්ෂාව, පඤ්ඤා
 ශික්ෂාවට බලපාන ආකාරය
 අතුරැගිරිය අබේවීර ධර්මායතනයේ 2015-06-06 දින පැවත්වූ ධර්ම
 දෙශණාව

අනුශාසනාව-01

අනුශාසනාව-02






Sunday, April 19, 2015

ආනාපානසති භාවනාව මගින් ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩීම.

ආනාපානසති භාවනාව මගින් ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩීම.


දීඝනිකායේ මහා සතිපට්ඨාන සූත්‍රයේ කායානුපස්සනාව යටතේ ඇති මුල්ම භාවනා ක්‍රමය ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ අංග අටම වැඩෙන ආකාරය පැහැදිලිව දක්වා ඇත. මේ සම්බන්ධව පහත කරුණු තේරුම් ගෙන ආධුනිකයන්ට ද මෙම භාවනාව පුරුදු කළ හැකවෙි. 

කය සෘජුව තබා ගෙන බිම හෝ කුඩා පුටුවක වාඩිවීමෙන් භාවනාවට සූදානම් විය හැක.

ඉන්පසුව ඇස් දෙක පියාගෙන තමාගේ හුස්ම පිළිබඳව අවධානය යොමු කළ යුතු වේ.

මෙසේ අවධානය යොමු කරණු ලබන්නේ තමාගේ නාසාආග්‍රයෙන්, තොල ආදී ස්ථානවල ආශ්වාසය හා ප්‍රාශ්වාසය එම කායික කොටස්වල ස්පර්ශ වන ආකාරය පිළිබඳව දැනුවත් වීමෙනි.

කිසිම අවස්ථාවක තමාගේ උත්සාහයෙන් වේගයෙන් හුස්ම ගැනීම හෝ හෙලීම සිදු නොකළ යුතු වේ.

නාසාආග්‍රයෙන් හෝ තොලේන් හුස්ම ස්පර්ශය ගැන අවධානයක් සොයා ගැනීමට නොහැකි අය තම උදරය මගින් මෙම භාවනාව ආරම්භ කළ හැකි වේ.

හුස්ම ගැනීම හා හෙලීම සම්බන්ධව අවධානය හොඳින් පවත්වා ගැනීමට හුස්ම ගන්නා අවස්ථාව "ආශ්වාසය" ලෙස මනසින් මෙනෙහි කිරීම වැදගත් වේ. මේ ආකාරයටම ප්‍රාශ්වාසය සඳහා ද "ප්‍රාශ්වාසය" ලෙස මනසින් මෙනෙහි කළ හැකි වේ.


පුහුණුව මනාකොට පවත්වාගෙන යාමට පහතින් පෙන්නුම් කරන කරුණු ක්‍රියාත්මක කිරීමට උත්සාහ ගතන්න.

1. කන් මගින් ඇසෙන ශබ්දවල යෙදෙන අවධානය ක්‍රම ක්‍රමයෙන් අඩු කිරීමට උත්සාහ කිරීම.


2. මනස මගින් ඇති කරන වෙනත් අරමුණුවලට අවධානය නොයොදා සිටීම.

3. හුස්ම ස්පර්ශවන කායික ස්ථානය (තොල, නාසාආග්‍රය) හැර වෙනත් කායික කොටස්වලින් අවධානය ඉවත් කර ගැනීම.

4. පිටත ශබ්ද, මනසට මතක් වන අරමුණු, කයේ එක් එක් කොටසකට දැනෙනා වේදනා ආදියට තමන් විසින් දක්වන ප්‍රතිචාර අඩු කිරීමෙන් අවධානය පිටතට යෑම අඩු කර ගත හැකි වේ.

මුලින් සඳහන් කරුණු 4 සැලකිල්ලට ගෙන දින කිහිපයක් (දිනකට මිනිත්තු 30 පමණ)  පුහුණු වීමෙන් අඛණ්ඩව ආශ්වාසයේ හා ප්‍රාශ්වාසයේ අවධානය පවත්වාගෙන යෑමට හැකියාව ලැබේ.

දැන් අපි සතිපට්ඨාන සූත්‍රයේ ඇති භාවනාවේ මූලික උපදෙස්වලට අවධානය යොමු කරමු.



"දීඝංවා, අස්සසන්තෝ දීඝං අස්සසිස්සාමිති පජානාති
දීඝංවා පස්සන්තෝ දීඝං පස්සසිස්සාමිති පජානාති
රස්සාංවා අස්සන්තෝ රස්සං අස්සසිස්සාමිති පජානාති
රස්සංවා පස්සන්තෝ රස්සං පස්සසිස්සාමිති පජානාති
සබ්බකාය පටිසාංවේ දී අස්සසිස්සාමිතිි සික්ඛති
සබ්බකාය පටිසංවේදී පස්සසිස්යාමිති සික්ඛති
අස්සම්භයං කාය සංඛාරං අස්සසිස්සාමිති සික්ඛති
පස්සම්භයං කාය සංඛාරං අස්සසිස්සාමිත සික්ඛති"


සතිපට්ඨාන සූත්‍රය තුළ මුලින්ම හුස්ම පිළිබඳව අවධානය පැවැත්වීමේ ක්‍රම හතරක් පෙන්නුම් කරයි. ඒවා නම්

1 දීර්ඝ ආශ්වාසය හා ප්‍රාශ්වාසය දැන ගැනීම. (පජානති)
2 කෙටි ආශ්වාසය හා ප්‍රාශ්වාසය දැන ගැනීම. (පජානති)
3 සම්පූර්ණ වශයෙන් (සබ්බකාය) ආශ්වාසය හා ප්‍රාශ්වාසය අවධානයෙන් සිටීමේ පුහුණුව (ශික්චති)
4 ආශ්වාසය හා ප්‍රාශ්වාසය සංසිඳවමින් (පස්සම්භයං) අවධානයෙන් සිටීමට පුහුණුව (ශික්ඛති)


දීර්ඝ ආශ්වාසය හා ප්‍රාශ්වාසය අවස්ථාව

මුලින් සඳහන් කළ ආකාරයට පිටත ශබ්ද, මනසට මතක් වන අරමුණු හා කයේ වෙනත් ස්ථානවල දැනෙන වේදනා ආදියට අවධානය අවම කර හුස්ම ගැන අවදානයෙන් සිටීමේදී දීර්ඝ ආශ්වාසය හා ප්‍රාශ්වාසය අවස්ථාව අත් දැකිය හැකි වේ. මේ සම්බන්ධව දැන ගැනීම පමණක් ප්‍රමාණවත් වන බැවින් "පාජානාති" පදයෙන් පැහැදිලි කර ඇත.


කෙටි ආශ්වාස හා ප්‍රාශ්වාස අවස්ථාව

සාමාන්‍යයෙන් කය (ශරීරය) විවේකයට පත් වනවිට හුස්ම ගන්නා ප්‍රමාණය අඩු වේ. ආනාපානසති භාවනාවේ දී කාය විවේකය ලැඛෙන ප්‍රමාණයට හුස්ම කෙටි වේ. මෙය හඳුනා ගැනීම පමණක් භාවනාවට ප්‍රමාණවත් වේ. 

සබ්බකාය පටිසංවේදී අවස්ථාව
කෙටි ආශ්වාසය හා ප්‍රාශ්වාසය දැනෙන අවස්ථාව තවදුරටත් ප්‍රගුණ කිරිමෙන් ආශ්වාසයේ මේ දක්වා හසු නොවන මුල හා අග කොටස් දෙකක් අවධානයට ගත හැකි වේ. දී ඇති සටහන අනුව මෙය තේරුම් ගන්න. මෙම ශික්ෂාව වැඩිකලක් පුහුණු විය යුතුයි. 







පස්සම්භයං කාය සංඛාර අවස්ථාව

මෙම අවස්ථාව භාවනාවේ ප්‍රධාන සන්ධිස්ථානයක් වේ. මේ සම්බන්ධව වැරදි හඳුන්වා දීම සමාජයේ බහුලව ඇති බැවින් නිවැරදිව තේරුම් ගැනීමට උත්සාහ ගත යුතු වේ. පහත කරුණු සම්බන්ධව සැලකිලිමත් වන්න.

1 මීට ඉහතින් දැක්වූ දීර්ඝ ආශ්වාසය, කෙටි ආශ්වාසය, සබ්බ කායපටිසංවේ දී අවස්ථා තුන තුළම භාවනාව          සඳහා යෝගියාගේ කාය විඥාණය හා මනෝ විඥාණය යන ඉන්ද්‍රියන් දෙකම ක්‍රියාකාරී වේ.

2 පස්සම්භයංකාය සංඛාර අවස්ථාවේ දී කාය විඥාණයට පමණක් ආශ්වාසය හා ප්‍රාශ්වාසය කෙරෙන          අවස්ථාවකි.

3 මෙම අවස්ථාවේ දී යෝගියාට ආශ්වාසය හා ප්‍රාශ්වාසය තේරෙන අතර අවස්ථා දෙකේ වෙනසක් දැකිය නොහැකි වේ.

4 ආශ්වාසය හා ප්‍රාශ්වාසය ශරීරයේ ගැටෙන ස්ථාන තේරුම් ගැනීමට නොහැකිබව, වාඩිවී සිටින ආසනය නොදැනී යාම ආදී අත්දැකීම් ලැබේ.

5 පස්සම්භයං කාය සංඛාර අවස්ථාව, මනාව පුහුණු කිරීමෙන් ආනාපානසති භාවනාවේ සමථ (සමාධි) කොටස සම්පූර්ණ වේ.


ආනාපානසති භාවනාවේ විපස්සනා කොටස

"ඉති අජ්ඣත්තංවා කායේ කායානුපස්සීවිහරතී
බහිද්ධාවා කායේ කායානුපස්සීවිහරතී
අජ්ඣත්ත බහිද්ධාවා කායේ කායානුපස්සීවිහරතී
සමුදය ධම්මානුපස්සීවා කායස්මීං විහරතී
වය ධම්මානුපස්සීවා කායස්මිං විහරතී
සමුදය ධම්මානුපස්සීවා කායස්මිං විහරතී"


ආනාපානසති භාවනාවේ විපස්සනා කොටස දී ඇති පාලි පාඨ මගින් ඉහත දැක්වේ.

මෙම භාවනා කොටස සිදු කිරීම සඳහා ආශ්වාසයේ හා ප්‍රාශ්වාසයේ "පස්සම්භයං කාය සංඛාර" යන අවස්ථාව ප්‍රගුණ කර තිබිය යුතු වේ.

විපස්සනා භාවනා කොටසට ඇතුලත් වීමට පහත දැක්වෙන උපදෙස් පිළිිපදින්න.

1 තමා කරන භාවනාවේ "පස්සම්භයං කාය සංඛාර" යන අවස්ථාවට පත්වීම හඳුනා ගන්න.

2 දැනට ආශ්වාසය හා ප්‍රාශ්වාසයට පමණක් යොමු කළ අවධානය තමාගේ මුළු කයටම යොමු කිරීමට උත්සාහ ගන්න.

3 තමාගේ කය තුලින් දැනෙන සීතලගති, උෂ්ණගති, වැගිරෙන ගති, තද ගති, මස්පිඩු නටන ගති, විවිධ චංචල ගති, කම්පන ගති හඳුනා ගැනීමට උත්සාහ ගන්න.

4 මෙසේ හුස්ම ගැන හා කයට දැනෙන සීතලගති, උෂ්ණගති, වැගිරෙන ගති, තද ගති, මස්පිඩු නටන ගති, විවිධ චංචල ගති, කම්පන ගති  ආදියට මාරුවෙන් මාරුවට අවධානය පැවැත්වීමට පුරුදුවන්න.

5 එක් මෙහොතක තමාට දැනෙන ආශ්වාසය, ප්‍රාශ්වාස, සීතලගති, උෂ්ණගති, වැගිරෙන ගති, තද ගති, මස්පිඩු නටන ගති, විවිධ චංචල ගති, කම්පන ගති ආදිය එම මොහොතේ තමාගේ අජ්ඣත්ත කය වේ. මෙසේ අවධානයෙන් සිටීම "ඉති අජ්ඣත්තංවා කායෙ කායානු පස්සී විහරතී"අදාලව සිදු කරන විපස්සනා භාවනාවයි.

6 එක් මොහොතක තමාගේ කයේ නොදැනෙන කොටස් බහිධ කය වේ. මෙහි දී කයෙහි නොදැනෙන කොටස් හිස් අවකාශයක් ලෙස තේරුම් ගනී. මෙසේ අවධානයෙන් සිටීම "බහිද්ධා කායේ කායානුපස්සී විහරතී"අදාලව සිදු කරන විපස්සනා භාවනාවයි.

7 ඉහත සඳහන් අවධාන තවදුරටත් පුහුණු කිරීමෙන් එක් මොහොතක දී අජ්ඣත්ත කායික කොටස් එම මොහොතේම බාහිර කය වන අවස්ථාව අවධානයට ලක් වේ. මෙය "අජ්ඣත්තබහිද්ධා කායේ කායානුපස්සී සමුදයධම්මානුපස්සී, වයධම්මානුපස්සී, සමුධයවයධම්මානු පස්සී විහරතී" යන්න ඉහත අවධාන තුනම පෙන්නුම් කර තවත් ආකාරයක් පමණකි.

8 මෙසේ වාසය කිරීම ආනාපානසති භාවනාවේ විපස්සනාවයි. මෙසේ භාවනා කිරීම, කායික මානසික පීඩාවක් නොමැතිව බොහෝ කාලයක් කළ හැකි වේ.

9 මුලින් සඳහන් කළ විපස්සනාව බහුල වශයෙන් පුහුණු කිරීමෙන් සාමාන්‍ය භාවනා ආසනයේ දී පමණක් නොව නිදහසේ සිටින වෙනත් ඉරියව්වලදී කළ හැකි බවට පුහුණුවන්න.

10 ඉහත සඳහන් පුහුණුව පවතින ඕනෑම මොහොතක ඔබ සිටින්නේ ප්‍රඥා ශික්ෂාව තුලයි.



ආනාපානාසති භාවනාවෙන් ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩෙන අනුපිළිවෙල



ජීවත්වන අවස්ථාව                             සම්මා තත්ත්වයට පත්වන අංග                          යෙදී සිටින ශික්ෂාව


පංචශීලය කැඩෙන අවස්ථාවන්              නොමැත.                                                         නොමැත.


පංචශීලය රකින අවස්ථාවන්               වචා,කම්මන්න,ආජීව                                        ශීල ශික්ෂාව                           

ආනාපානසති භාවනාව සිදු කරනවිට   වචා,කම්මන්න,ආජීව                                      සමාධි ශික්ෂාව
 දීර්ඝ,කෙටි,සබ්බකාය                        වායාම, සති

ආනාපානසති භාවනාව සිදු කරන       වචා,කම්මන්න,ආජීව                                        සමාධි ශික්ෂාව
පස්සම්භයං කාය සංඛාර අවස්ථාව        වායාම, සති,සමාධි                           (සමාධි ශික්ෂාව සම්පූර්ණ කරයි) 


ඉති අජ්ඣත්තංවා ....ආදී                 වචා,කම්මන්න,ආජීව                                          ප්‍රඥා ශික්ෂාව
විපස්සනා කොටස් ඇතිවිට               වායාම, සති,සමාධි                                           (ආරම්භවි ඇත.)
                                                       සංකප්ප ,දිට්ඨි 



සැලකිය යුතුයි.

විවිධ ස්ථානවල මෙම භාවනා සම්බන්ධව සිදු කළ දේශනා වෙබ් පිටුවේ ඇතුලත් කර ඇති බැවින් ඒවා ශ්‍රවණය කරමිත් ඔබගේ භාවනාව සාර්ථක කර ගන්න.