Tuesday, December 15, 2015

කිංසුකොපම සූත්‍රය

කිංසුකොපම සූත්‍රය


මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක.

ඉක්බිති එක්තරා භික්‍ෂුවක්, තවත් එක්තරා භික්‍ෂුවක් යම් තැනකද, එතැනට පැමිණියේය. පැමිණ, ඒ භික්‍ෂුවට ,ඇවැත්නි, භික්‍ෂුවගේ දැකීම කොපමණකින් පිරිසිදු වූවක් වේදැයි, ඇසුවේය.

ඇවැත්නි යම් තැනක පටන් මහණතෙම ස්පර්‍ශායතන සයදෙනාගේ පහළවීමද විනාශවීමද තත්වූ පරිද්දෙන් දනීද, ඇවැත්නි, මෙපමණකින් භික්‍ෂුවගේ දර්‍ශනය (සෝවාන් මාර්‍ගය) පිරිසිදු වූයේයයිකීය.

ඉක්බිති භික්‍ෂුතෙම ඒ භික්‍ෂුවගේ ප්‍රශ්න විසඳීමෙන් අසතුටුවූයේ තවත් භික්‍ෂුවක් කරා පැමිණියේය. පැමිණ, ඒ භික්‍ෂුවගෙන් ,ඇවැත්නි, කොපමණකින් භික්‍ෂුවගේ දර්‍ශනය පිරිසිදු වූයේ වේදැයි, ඇසීය.

’’ඇවැත්නි, යම් කාලයක පටන් භික්‍ෂුව උපාදානස්කන්‍ධ පස්දෙනාගේ පහළවීමද විනාශවීමද තත්වූ පරිද්දෙන් දනීද, ඇවැත්නි, එපමණකින් භික්‍ෂුවගේ දර්‍ශනය පිරිසිදු වූයේ වේයයි, කීය.

ඉක්බිති ඒ භික්‍ෂුවගේ ප්‍රශ්න විසඳීමෙන් අසතුටුවූ භික්‍ෂුතෙම අනෙක් එක්තරා භික්‍ෂුවක් කරා පැමිණියේය. පැමිණ, ,ඇවැත්නි, කොපමණකින් භික්‍ෂුවගේ දර්‍ශනය පිරිසිදු වූයේ වේදැයි, ඒ භික්‍ෂුවගෙන් ඇසීය.

’’ඇවැත්නි, යම් තැනක පටන් භික්‍ෂුව සතර මහා භූතයන්ගේ පහළවීමද විනාශවීමද තත්වූ පරිද්දෙන් දනීද ඇවැත්නි, මෙපමණකින් භික්‍ෂුවගේ දර්‍ශනය පිරිසිදු වේයයි, කීය.

ඉක්බිති ඒ මහණතෙම ඒ භික්‍ෂුවගේ ප්‍රශ්න විසඳීමෙන් නොසතුටුව අනෙක් එක්තරා භික්‍ෂුවක් යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, ,ඇවැත්නි, භික්‍ෂුවගේ දර්‍ශනය කොපමණකින් පිරිසිදු වේදැයි, ඇසීය.

’’ඇවැත්නි, භික්‍ෂුව යම් තැනක පටන් ඉපදීම ස්වභාව කොට ඇති යම් කිසිවක් ඇද්ද, ඒ සියල්ල නැතිවීම ස්වභාව කොට ඇත්තේයයි තත්වූ පරිද්දෙන් දනීනම් ඇවැත්නි, මෙපමණකින් භික්‍ෂුවගේ දර්‍ශනය පිරිසිදු වේයයි, ඒ භික්‍ෂුව කීයේය.

ඉක්බිති ඒ භික්‍ෂුවගේ ප්‍රශ්න විසඳීමෙන් නොසතුටුව බුදුරජාණන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන් ඒ භික්‍ෂුව බුදුරජාණන් වහන්සේට මෙසේ සැළ කළේය. ,සවාමීනි, මම මෙහි එක්තරා භික්‍ෂුවක් කරා පැමිණියෙමි. පැමිණ, ‘ඇවැත්නි, කොපමණකින් භික්‍ෂුවගේ දර්‍ශනය පිරිසිදු වේදැයි ඒ භික්‍ෂුවගෙන් ඇසුවෙමි. සවාමීනි, මෙසේ කල්හි ඒ භික්‍ෂුතෙම ,ඇවැත්නි යම් තැනක පටන් භික්‍ෂුතෙම ස්පර්‍ශායතන සයදෙනාගේ ඇතිවීමත් නැතිවීමත් තත්වූ පරිද්දෙන් දනීද, ඇවැත්නි, මෙපමණකින් භික්‍ෂුවගේ දර්‍ශනය පිරිසිදු වේයයි, මට කීයේය………………

’’මහණ, යම්සේ (එරබදු) කෑලමල් නුදුටු පුරුෂයෙක්වේද, ඔහු කෑල ගසක් දුටු පුරුෂයෙකු කරා යන්නේය. ගොස්, ‘පින්වත් පුරුෂය, කෑල ගස කෙබඳුදැයිඔහුගෙන් අසන්නේය. පින්වත් පුරුෂය, කෑල ගස දැවුණු කණුවක්සේ කළුයයිකියන්නේය. මහණ, ඒ පුරුෂයාගේ දැකීම යම්සේද, ඒ කාලයෙහි කෑලගස එබඳුය.

’’මහණ, ඉක්බිති එ පුරුෂතෙම ඒ පුරුෂයාගේ පිළිතුරෙන් නොසතුටුව කෑල ගසක් දුටු අනික් පුරුෂයෙක් යම් තැනකද එතැනට පැමිණෙන්නේය. පැමිණ ඒ පුරුෂයාගෙන් කෑලගස කෙබඳුදැයි අසන්නේය. හෙතෙම එම්බා පුරුෂය, මස් වැදැල්ලක් යම්සේද කෑලගස එසේ ලේ පාටයයි කියන්නේය. මහණ, ඒ පුරුෂයාගේ දැකීම යම්සේද, එකල්හි කෑලගස එබඳුය.

’’මහණ, ඉක්බිති එ පුරුෂතෙම ඔහුගේ පැණ විසඳීමෙන් නොසතුටුව කෑල ගසක් දුටු අනික් පුරුෂයෙකු කරා යන්නේය. ගොස්, ‘පින්වත් පුරුෂය, කෑල ගස කෙබඳුදැයිඅසන්නේය. හෙතෙම පින්වත් පුරුෂය, කෑලගස ඉරිතලා ගිය මාර ගසක් බඳුයයිකියන්නේය. මහණ, ඒ අවස්ථාවෙහි ඒ පුරුෂයාගේ දැකීම යම්සේද, ඒ කාලයෙහි කෑල ගස එබඳුය.

’’මහණ, ඉක්බිති එ පුරුෂතෙම ඒ පුරුෂයාගේ ප්‍රශ්න විසඳීමෙන් නොසතුටුව කෑල ගස් දුටු අනික් පුරුෂයෙකු කරා යන්නේය. ගොස්, ‘පින්වත් පුරුෂය, කෑල ගස කෙබඳුදැයිඒ පුරුෂයාගෙන් අසන්නේය. එම්බල පුරුෂය, ඝණව වැඩුණු කොළ සහ දළු ඇති සිහිල් සෙවනැති නුග ගසක් යම්සේද කෑලගස එවැනියයිකියන්නේය. මහණ, ඒ පුරුෂයාගේ දැකීම යම්සේද, එකල්හි කෑලගසත් එබඳුය. මහණ, එසේම යම් යම් අවබොධ කරණ ලද ඒ පුරුෂයන්ගේ දැකීම පිරිසිදු වූයේවේද ඒ ඒ ආකාරයෙන් ඒ ඒ සත්පුරුෂයන් විසින් තොපට ප්‍රකාශ කරණ ලදී.

’’මහණ, දැඩිවූ රැකවල් ඇති ශක්තිමත් ප්‍රාකාර තොරන් ඇති, දොරටු සයක් ඇති, රජුගේ ප්‍රත්‍යන්ත නගරයක් වෙයි. එහි පණ්ඩිතවූ ව්‍යක්තවූ ඤාණවන්තවූ නොහඳුනන්නන් වලක්වන්නාවූ හඳුනන්නන් ඇතුල්කරවන්නාවූ දොරටුපාලයෙක් වේද, ශීඝ්‍රගාමී දූතයන් දෙදෙනෙක් පෙරදිගින් පැමිණ ඒ දොරටුපාලයාට එම්බල පුරුෂය, මේ නගරයෙහි ස්වාමිවරයා කොහිදැයිඅසන්නේය. ස්වාමීනි, හෙතෙම මැද සතරමං හන්දියෙහි හිඳින්නේයයිකියන්නේය. ඉක්බිති ශීඝ්‍රගාමී දූතයන් දෙදෙන තත්වූ පරිදි වචනය නගර හිමියාට භාරදී පැමිණි මාර්‍ගයටම බසින්නේය.

’’පශ්චිම දිශාවෙන් ශීඝ්‍රගාමී දූතයන් දෙදෙනෙක් පැමිණ මේ දොරටුපාලයාට එම්බල පුරුෂය, මේ නගරයෙහි ස්වාමිවරයා කොහිදැයිඅසන්නේය. ස්වාමීනි, හෙතෙම මැද සතරමංහන්දියෙහි හිඳින්නේයයිකියන්නේය. ඉක්බිති ඒ ශීඝ්‍රගාමී දූතයන් දෙදෙන තත්වූ පරිදි වචනය නගර හිමියාට භාරදී පැමිණි මාර්‍ගයටම බසින්නේය.

’’උතුරු දිශාවෙන් ශීඝ්‍රගාමී දූතයන් දෙදෙනෙක් පැමිණ, මේ දොරටුපාලයාට එම්බල පුරුෂය, මේ නගරයෙහි ස්වාමිවරයා කොහිදැයිඅසන්නේය. ස්වාමීනි, හෙතෙම මැද සතරමංහන්දියෙහි හිඳින්නේයයිකියන්නේය. ඉක්බිති ඒ ශීඝ්‍රගාමී දූතයන් දෙදෙන තත්වූ පරිදි වචනය නගර හිමියාට භාරදී පැමිණි මාර්‍ගයටම බසින්නේය.

’’දකුණු දිශාවෙන් ශීඝ්‍රගාමී දූතයන් දෙදෙනෙක් පැමිණ එම්බා පුරුෂය, මේ නගරයෙහි ස්වාමිවරයා කොහිදැයිඒ දොරටුපාලයාගෙන් අසන්නේය. ස්වාමීනි, හෙතෙම නුවර මැද සතරමංසන්දියෙහි හිඳින්නේයයිකියන්නේය. ඉක්බිති ඒ ශීඝ්‍රගාමී දූතයන් දෙදෙන තත්වූ පරිදි වචනය නගර හිමියාට භාරදී පැමිණි මාර්‍ගයටම බසින්නේය.


’’මහණ, මේ මා විසින් අර්‍ථය අවබොධ කරවීම පිණිස උපමාවක් කරණ ලදී. මේ එහි අදහසයි. මහණ, නගරය යනු මව්පිය ශුක්‍රශ්‍රොණිතයෙන් හටගත් බත් කොමුපිඬු ආදියෙන් වැඩුණු අනිත්‍යවූ නෑම පිරිමැදීම බිඳීම විනාශය ස්වභාව කොට ඇති, සතරමහා භූතයන්ගෙන් හටගත් ශරීරයට නමකි. මහණ, දොරටු සය යනු අධ්‍යාත්මික ආයතන සයදෙනාට නමකි. මහණ, දොරටුපාලයා යනු මේ සිහියට නමකි. ශීඝ්‍රගාමී දූතයන් දෙදෙනා යනු මේ සමථ විදර්‍ශනා දෙකට නමකි. මහණ, නගර ස්වාමියා යනු විඥානයට නමකි. මහණ, නුවර මැද සතරමංසංදි යනු පඨවි, ආපො, තෙජො, වායො යන සතරමහා භූතයන්ට නමකි. මහණ, තත්වූ පරිදි වචනය යනු නිර්‍වාණයට නමකි. පැමිණි මාර්‍ගය යනු සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පනාව, සම්‍යක් වචනය, සම්‍යක් කනර්‍මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය සහ සම්‍යක් සමාධිය යන ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගික මාර්‍ගයට නමකි.,


Sunday, November 29, 2015

ඉන්ද්‍රියභාවනා සූත්‍රය

(2015-11-29 දින කොළඹ 06,සුගත දස්සිනාරාමය විහාරස්ථානයේ පැවැත්වූ  ධර්මදෙශණාව.)




දෙශණා-02




ඉන්ද්‍රියභාවනා සූත්‍රය

අසෙඛ පුද්ගලයන් (රහතන්වහන්සේ)-:
කථඤ්චානන්ද, අරියස්ස විනයෙ අනුත්තරා ඉන්ද්‍රියභාවනා හොති? ඉධානන්ද, භික්ඛුනො චක්ඛුනා රූපං දිස්වා උප්පජ්ජති මනාපං, උප්පජ්ජති අමනාපං, උප්පජ්ජති මනාපාමනාපං. සො එවං පජානාති - උප්පන්නං ඛො මෙ ඉදං මනාපං, උප්පන්නං අමනාපං, උප්පන්නං මනාපාමනාපං . තඤ්ච ඛො සඞ්ඛතං ඔළාරිකං පටිච්චසමුප්පන්නං. එතං සන්තං එතං පණීතං යදිදං - උපෙක්ඛාති. තස්ස තං උප්පන්නං මනාපං උප්පන්නං අමනාපං උප්පන්නං මනාපාමනාපං නිරුජ්ඣති; උපෙක්ඛා සණ්ඨාති. සෙය්‍යථාපි, ආනන්ද, චක්ඛුමා පුරිසො උම්මීලෙත්වා වා නිමීලෙය්‍ය, නිමීලෙත්වා වා උම්මීලෙය්‍ය; එවමෙව ඛො, ආනන්ද, යස්ස කස්සචි එවංසීඝං එවංතුවටං එවංඅප්පකසිරෙන උප්පන්නං මනාපං උප්පන්නං අමනාපං උප්පන්නං මනාපාමනාපං නිරුජ්ඣති, උපෙක්ඛා සණ්ඨාති - අයං වුච්චතානන්ද, අරියස්ස විනයෙ අනුත්තරා ඉන්ද්‍රියභාවනා චක්ඛුවිඤ්ඤෙය්‍යෙසු රූපෙසු.

ආනන්දය, කිසෙයින් ආර්‍ය්‍යවිනයෙහි අනුත්තර ඉන්ද්‍රියභාවනා වෙයි යත්: ආනන්දය, මෙසස්නෙහි මහණහට ඇසින් රූ දැක මනාප උපදී, අමනාප උපදී, මනාපාමනාප උපදී. හේ මෙසේ දැනගනී: මට මේ මනාපය උපන, අමනාපය උපන, මනාපාමනාපය උපන, එය සඞ්ඛත යැ, ඖලාරික යැ, ප්‍රතීත්‍යසමුත්පන්න යි. යම් උපෙක්ෂාවක් ඇද්ද එය ශාන්ත යැ, එය ප්‍රණීත යැයි කියා යි. ඔහුට ඒ උපන් මනාපය උපන් අමනාපය උපන් මනාපාමනාපය නිරුද්ධ වෙයි. උපෙක්ෂාව පිහිටා සිටී. ආනන්දය, යම්සේ ඇස් ඇති පුරුෂයෙක් ඇස ඇර පියාලන්නේ හෝ වේ ද ඇස පියා ඇරලන්නේ හෝ වේ ද, එසෙයින් මැ ආනන්දය, යම් කිසිවක්හට මෙසේ ශීඝ්‍ර වැ, මෙසේ ක්ෂණිකව මෙසේ නිදුකින් උපන් මනාපය උපන් අමනාපය උපන් මනාපාමනාපය නිරුද්ධ වේ ද, විදර්ශනොපෙක්ෂාව පිහිටා සිටී ද, ආනන්දය, මේ ආර්‍ය්‍යවිනයෙහි චක්ෂුර්විඥෙය රූප විෂයෙහි අනුත්තර වූ ඉන්ද්‍රියභාවනා යයි කියනු ලැබේ.
කනින් ශබ්ද අසා ... නැහැයෙන් ගඳ ආඝ්‍රාණය කොට ... දිවින් රස විඳ ... කයින් පහස් පැහැස ... මනසින් දහම් දැන මනාප උපදී . අමනාප උපදී………………….

සෙඛ පතිපදා (ශුතවත් ආර්ය්‍ය ශාවක)-:
‘‘කථඤ්චානන්ද , සෙඛො හොති පාටිපදො? ඉධානන්ද, භික්ඛුනො චක්ඛුනා රූපං දිස්වා උප්පජ්ජති මනාපං, උප්පජ්ජති අමනාපං, උප්පජ්ජති මනාපාමනාපං. සො තෙන උප්පන්නෙන මනාපෙන උප්පන්නෙන අමනාපෙන උප්පන්නෙන මනාපාමනාපෙන අට්ටීයති හරායති ජිගුච්ඡති. සොතෙන සද්දං සුත්වා...පෙ.... ඝානෙන ගන්ධං ඝායිත්වා..., ජිව්හාය රසං සායිත්වා... කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා... මනසා ධම්මං විඤ්ඤාය උප්පජ්ජති මනාපං, උප්පජ්ජති අමනාපං, උප්පජ්ජති මනාපාමනාපං. සො තෙන උප්පන්නෙන මනාපෙන උප්පන්නෙන අමනාපෙන උප්පන්නෙන මනාපාමනාපෙන අට්ටීයති හරායති ජිගුච්ඡති. එවං ඛො, ආනන්ද, සෙඛො හොති පාටිපදො.


ආනන්දය, කිසෙයින් ශෛක්ෂප්‍රතිපත් ඇත්තේ වෙයි යත් : ආනන්දය, මේ සස්නෙහි මහණහට ඇසින් රූ දැක මනාප උපදී. අමනාප උපදී. මනාපාමනාප උපදී. හේ ඒ උපන් මානාපයෙන් උපන් අමනාපයෙන් උපන් මනාපාමනාපයෙන් දුකට පැමිණෙයි. ලජ්ජාවට පැමිණෙයි. ජුගුප්සාවට පැමිණෙයි. කනින් ශබ්ද අසා ... නැහැයෙන් ගඳ ආඝ්‍රාණය කොට ... දිවින් රස විඳ ... කයින් පහස් පැහැස ... මනසින් දහම් දැන මනාප උපදී . අමනාප උපදී. මනාපාමනාප උපදී. හේ ඒ උපන් මනාපයෙන් උපන් අමනාපයෙන් උපන් මනාපාමනාපයෙන් දුක් වෙයි. ලජ්ජාවෙයි. ජුගුප්සා කෙරෙයි. ආනන්දය, මෙසේ ශෛක්ෂප්‍රතිපත් ඇත්තේ වේ.

සෙඛ පුද්ගලයන් (සොවාන් ,සකදාගාමි ,අනාගාමි)-:

‘‘කථඤ්චානන්ද, අරියො හොති භාවිතින්ද්‍රියො? ඉධානන්ද, භික්ඛුනො චක්ඛුනා රූපං දිස්වා උප්පජ්ජති මනාපං, උප්පජ්ජති අමනාපං, උප්පජ්ජති මනාපාමනාපං. සො සචෙ ආකඞ්ඛති - පටිකූලෙ අප්පටිකූලසඤ්ඤී විහරෙය්‍යන්ති, අප්පටිකූලසඤ්ඤී තත්ථ විහරති. සචෙ ආකඞ්ඛති - අප්පටිකූලෙ පටිකූලසඤ්ඤී විහරෙය්‍යන්ති, පටිකූලසඤ්ඤී තත්ථ විහරති. සචෙ ආකඞ්ඛති - පටිකූලෙ ච අප්පටිකූලෙ ච අප්පටිකූලසඤ්ඤී විහරෙය්‍යන්ති, අප්පටිකූලසඤ්ඤී තත්ථ විහරති. සචෙ ආකඞ්ඛති - අප්පටිකූලෙ ච පටිකූලෙ ච පටිකූලසඤ්ඤී විහරෙය්‍යන්ති, පටිකූලසඤ්ඤී තත්ථ විහරති. සචෙ ආකඞ්ඛති - පටිකූලඤ්ච අප්පටිකූලඤ්ච තදුභයං අභිනිවජ්ජෙත්වා උපෙක්ඛකො විහරෙය්‍යං සතො සම්පජානොති, උපෙක්ඛකො තත්ථ විහරති සතො සම්පජානො.

ආනන්දය, කිසෙයින් ආර්‍ය්‍ය වැඩූ ඉඳුරන් ඇත්තේ වෙයි යත් : ආනන්දය, මේ සස්නෙහි මහණහට ඇසින් රූ දැක මනාප උපදී, අමනාප උපදී, මනාපාමනාප උපදී. ඉදින් හේ ප්‍රතිකුලයෙහි අප්‍රතිකුලසංඥා ඇති වැ වසන්නෙමියි කැමති වේ නම් එහි අප්‍රතිකුලසංඥා ඇති වැ වෙසෙයි. ඉදින් අප්‍රතිකුලයෙහි ප්‍රතිකූලසංඥා ඇති වැ වෙසෙන්නෙමියි රිසි වේ නම් එහි ප්‍රතිකූල සංඥා ඇති වැ වෙසෙයි. ඉදින් ප්‍රතිකූලයෙහි ද අප්‍රතිකූලයෙහි ද අප්‍රතිකූලසංඥා ඇති වැ වෙසෙන්නෙමියි රිසි වේ නම් එහි අප්‍රතිකූල සංඥා ඇති වැ වෙසෙයි. ඉදින් අප්‍රතිකූලයෙහි ද ප්‍රතිකූලයෙහි ද ප්‍රතිකූලසංඥා ඇති වැ වෙසෙන්නෙමියි රිසි වේ නම් එහි ප්‍රතිකුලසංඥා ඇති වැ වෙසෙයි. ඉදින් ප්‍රතිකූලයත් අප්‍රතිකූලයත් යන දෙක දුරු කොට පියා උපේක්ෂා ඇති වැ ස්මෘතිමත් වැ සම්‍යග්ඥාන ඇති වැ වෙසෙන්නෙමියි කැමැති වේ නම් එහි උපේක්ෂා ඇති වැ ස්මෘතිමත් වැ සම්‍යග්ඥාන ඇති වැ වෙසෙයි.
කනින් ශබ්ද අසා ... නැහැයෙන් ගඳ ආඝ්‍රාණය කොට ... දිවින් රස විඳ ... කයින් පහස් පැහැස ... මනසින් දහම් දැන මනාප උපදී . අමනාප උපදී…………………………………..

ආනන්දයෙනි, මෙසේ වනාහි මා විසින් ආර්‍ය්‍ය විනයෙහි නිරුත්තරවූ, ඉන්ද්‍රිය භාවනාව දෙශනා කරනලදී. ශෛක්ෂ ප්‍රතිපදාව ඇති පුද්ගලයා දෙශනා කරන ලද්දේය. වඩනලද ඉන්ද්‍රියයන් ඇති ආර්‍ය්‍යතෙම දෙශනා කරන ලද්දේය. ආනන්දයෙනි, ශ්‍රාවකයනට හිතෛෂීවූ අනුකම්පා කරන්නාවූ ශාස්තෲන් විසින් අනුකම්පා පිණිස යමක් කටයුතුද, එය මා විසින් තොපට කරනලදී. ආනන්දය, ඒ වෘක්ෂමූලයෝ වෙති. ඒ සූන්‍යාගාරයෝ වෙති. ආනන්දය, භාවනා කරව්. පමා වූවෝ නොවව්. පසුව විපිළිසර වූවෝ නොවව්. මේ තොපට අපගේ අනුශාසනයයි.

(මජ්‌ඣිම නිකාය-උපරි පන්නාසකය-සළායතන වර්ගය-ඉන්ද්‍රියභාවනා සූත්‍රය)

Wednesday, November 11, 2015

සබ්බාසව සූත්‍රය




2015-11-10 දින මාලඹේ සූසිලාරාමයේ සබ්බාසව සුත්‍රය ඇසුරෙන් සිදුකල ධර්ම දෙශණාව හා ධර්ම සාකච්චාව.








සබ්බාසව සූත්‍රය
මහණෙනි, මම (නුවණින්) දන්නහුට දක්නහුට ආස්‍රවයන්ගේ ක්‍ෂය කිරීම කියමි. නො දන්නහුට නො දක්නහුට නො කියමි. යලි දු මහණෙනි, කුමක් දන්නහුට කුමක් දක්නහුට ආස්‍රව ක්‍ෂය වේ ද? යොනිසොමනසිකාරය ද අයොනිසොමනසිකාරය ද (දන්නහුට දක්නහුට ආස්‍රව ක්‍ෂය) වේ. මහණෙනි, නුනුවණින් මෙනෙහි කරන්නහුට නුපන්නා වූ ද ආස්‍රවයෝ උපදිති. උපන්නාවූ ද ආස්‍රවයෝ වැඩෙති. මහණෙනි, නුවණින් මෙනෙහි කරන්නහුට නුපන්නා වූ ද ආස්‍රවයෝ නුපදිති. උපන්නා වූ ද ආස්‍රවයෝ ප්‍රහීණ වෙති.

මහණෙනි, සෝවන්මගනුවණින් පහ කළ යුතු ආස්‍රව ඇත. ස්මෘතිසඞ්ඛ්‍යාත සංවරයෙන් පහ කළ යුතු ආස්‍රව ඇත. ඥානසංවරසඞ්ඛ්‍යාත ප්‍රත්‍යවෙක්ෂාප්‍රතිසෙවනායෙන් පහ කළ යුතු ආස්‍රව ඇත. ක්ෂාන්තිසංවරසඞ්ඛ්‍යාත අධිවාසනායෙන් පහ කළ යුතු ආස්‍රව ඇත. ශීලසංවරසඞ්ඛ්‍යාත පරිවර්ජනයෙන් පහ කළ යුතු ආස්‍රව ඇත. වීර්යසංවරසඞ්ඛ්‍යාත විනොදනයෙන් පහ කළ යුතු ආස්‍රව ඇත. උපරිමාර්ගත්‍රය හා සම්ප්‍රයුක්ත බොධ්‍යඞ්ගයන්ගේ භාවනාවෙන් පහ කළ යුතු ආස්‍රව ඇත.

1. ඔහුට මෙනෙහි නො කළ යුතු ධර්මයන් මෙනෙහි නො කිරීමෙන් මෙනෙහි කළ යුතු ධර්මයන් මෙනෙහි කිරීමෙන් නූපන් ආස්‍රවයෝත් නූපදිත්, උපන් ආස්‍රවයෝත් ප්‍රහීණ වෙත්. හේ මේ දුකැයි නුවණින් මෙනෙහි කරයි. මේ දුක්ඛසමුදය යි නුවණින් මෙනෙහි කරයි. මේ දුක්ඛනිරොධය යි නුවණින් මෙනෙහි කරයි. මේ දුක්ඛනිරොධගාමිනීපටිපදාය යි නුවණින් මෙනෙහි කරයි. මෙසේ නුවණින් මෙනෙහි කරන ඔහුගේ සක්කායදිට්ඨි විචිකිච්ඡා සීලබ්බතපරාමාස යන තුන් සංයෝජනයෝ ප්‍රහීණ වෙත. මහණෙනි, මොහු දර්ශනයෙන් (සෝවන් මඟින්) ප්‍රහීණ කළ යුතු ආස්‍රවයෝ යි කියනු ලැබෙත්.

2.මහණෙනි, සංවරයෙන් ප්‍රහීණ කළ යුතු ආස්‍රවයෝ කවරහ ? යත්: මහණෙනි, මේ සස්නෙහි මහණ තෙමේ නුවණින් සලකා චක්ෂුන්ද්‍රියසංවරයෙන් සංවෘත ව වෙසේ ද, මහණෙනි, චක්ෂුන්ද්‍රිය සංවරයෙන් සංවෘත නො වී වසන්නහුට පීඩා කර වූ යම් (ක්ලේශ විපාක) පරිදාහ කෙනෙක් උපදිත් නම්, චක්ෂුන්ද්‍රිය සංවර සංවෘත ව වසන ඔහුට මෙසේ ඒ පීඩාකර පරිදාහයෝ නො වෙත්. නුවණින් සලකා ශෝතෙන්ද්‍රියසංවරයෙන් සංවෘත ව වෙසේ දනුවණින් සලකා ඝ්‍රාණෙන්ද්‍රියසංවරයෙන් සංවෘත ව වෙසේ දජිව්හෙන්ද්‍රියසංවරයෙන්කායෙන්ද්‍රිය සංවරයෙන්මනින්ද්‍රියසංවරයෙන් සංවෘත ව වෙසේ ද, මහණෙනි, මනින්ද්‍රිය සංවරයෙන් සංවෘත නො වී වසන්නහුට පීඩාකර වූ යම් පරිදාහ කෙනෙක් උපදිත් නම්, මනින්ද්‍රියසංවරයෙන් සංවෘත ව වෙසෙන ඔහුට මෙසේ ඒ පීඩාකර පරිදාහයෝ නො වෙත්. මහණෙනි, යම් හෙයෙකින් සංවරයක් නැතිව වාසය කරන්නා වූ ඔහුට වෙහෙස හෝ දැවිලි සහිත ආස්‍රවයෝ උපදිත් ද, සංවරයෙන් යුක්ත ව වාසය කරන්නා වූ ඔහුට මෙසේ ඒ වෙහෙස හා දැවිලි සහිත ආස්‍රවයෝ නො වෙත්. මහණෙනි, මේ ආස්‍රවයෝ සතිසංවරයෙන් පහ කළ යුත්තෝ ය යි කියනු ලැබෙත්.

3.මහණෙනි, ප්‍රත්‍යවෙක්ෂාඥානයෙන් පහ කළ යුතු ආස්‍රවයෝ කවරහ ? යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ නුවණින් සලකා හුදෙක් ශීත නැති කිරීම පිණිස, උෂ්ණ නැති කිරීම පිණිස, මැසි මදුරු සුළං අවු සපුන්ගේ ස්පර්ශ නැති කිරීම පිණිස, ලජ්ජාස්ථාන වසා ගැන්ම පිණිස පමණක් සිවුරු පරිභොග කෙරෙ යි. නුවණින් සලකා පිණ්ඩපාතය වළඳයි. (එය) ක්‍රීඩා පිණිස නො වේ ම ය. පුරුෂ මදය වැදීම පිණිස නො වේ ම ය. සැරසීම පිණිස නො වේ ම ය. අලංකාර පිණිස නො වේ ම ය. හුදෙක් මේ ශරීරයාගේ පැවැත්ම පිණිස ම ය. යැපීම පිණිස ම ය. බඩගිනි වැළැක්වීම පිණිස ම ය. බ්‍රහ්මචර්යාව රැකීමට අනුබලයක් සඳහා ම ය. මෙසේ පැරණි බඩගිනි වෙදනාවන් නැති කරන්නෙමි. අලුත් වෙදනා ද නූපදවන්නෙමි. එයින් මාගේ ජීවිතය පැවැත්ම ද වන්නේ ය. නිවැරදි බව ද වන්නේ ය. සැප විහරණය ද වන්නේ යි (සලකා පිණ්ඩපාතය වළඳයි). හුදෙක් ශීත නැති කිරීම පිණිස, උෂ්ණය නැති කිරීම පිණිස, මැසි මදුරු සුළං අවු සපුන්ගේ ස්පර්ශ නැති කිරීම පිණිස, ඍතුපීඩා නැති කිරීම පිණිස විවෙකයෙහි ඇලීම් පිණිස පමණක් ය යි නුවණින් සලකා සෙනසුන සෙවනය කරයි. හුදෙක් උපන්නා වූ නොයෙක් ආබාධයන්ගේ වෙදනා නැති කිරීම පිණිස, රොග දුක් නැති ව සිටීම පිණිස පමණක් සෙවනය කරමි යි නුවණින් සලකා ගිලන්පස බෙහෙත් ආදිය සෙවනය කරයි. මහණෙනි, යම් හෙයෙකින් ප්‍රත්‍යවෙක්ෂා නො කරන්නා වූ ඔහුට වෙහෙස හා දැවිලි සහිත ආස්‍රවයෝ උපදිත් ද, ප්‍රත්‍යවෙක්ෂා කරන්නාට මෙසේ ඒ දැවිලි සහිත ආස්‍රවයෝ නො වෙත්. මහණෙනි, මේ ආස්‍රවයෝ ප්‍රත්‍යවෙක්ෂාවෙන් පහ කළ යුත්තෝය යි කියනු ලැබෙත්.


4.මහණෙනි, අධිවාසනායෙන් පැහිය යුතු ආස්‍රවයෝ කවරහ ? යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ නුවණින් සලකා ශීත ඉවසන සුල්ලෙක් වෙයි. උණුසුම ද, බඩගින්න ද, පවස ද, මැසි, මදුරු, සුළං, අවු, සපුන්ගේ ස්පර්ශ ද, නපුරු කොට කියූ, නපුරු ලෙස පැමිණි වචන ද ඉවසන සුල්ලෙක් වෙයි. උපන් ශාරීරික වූ, තියුණු වූ රළු වූ කටුක වූ අමිහිරි වූ අමනාප වූ දිවි පැහැර ගන්නා වූ වෙදනා ඉවසන සුල්ලෙක් වෙයි. යම් හෙයෙකින් නො ඉවසන්නා වූ ඔහුට වෙහෙසකර දැවිලි සහිත ආස්‍රවයෝ උපදිත් ද, මෙසේ ඉවසන්නා වූ ඔහුට වෙහෙසකර දැවිලි සහිත ආස්‍රවයෝ නූපදිත්. මහණෙනි, මේ අධිවාසනායෙන් පහ කළ යුතු ආස්‍රවයෝ යි කියනු ලැබෙත්.

5. මහණෙනි, දුරු කිරීමෙන් පැහිය යුතු ආස්‍රවයෝ කවරහ ? යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ නුවණින් සලකා නපුරු ඇතු දුරු කෙරෙ යි. නපුරු අසු දුරු කෙරෙ යි. නපුරු ගොනු දුරු කෙරෙ යි. නපුරු බලු දුරු කෙරෙයි. සපු, කණු, කටුලැහැබ, හෙබ, පවයින්, ගවරවළ, මොළඟ දුරු කෙරෙයි. යම් බඳු නුසුදුසු අස්නෙහි හුන්නහු, යම්බඳු නුසුදුසු තන්හි හැසිරෙන්නහු, යම්බඳු පවිටු මිත්‍රයන් සෙවනය කරන්නහු නුවණැත්තා වූ සබ්‍රම්සරහු ලාමක තන්හි ලා සලකන්නාහු ද, ඒ තෙමේ ඒ නො අසුන ද ඒ අගොචාරය ද ඒ පාපමිත්‍රයන් ද නුවණින් සලකා දුරු කෙරෙ යි. මහණෙනි, යම් හෙයෙකින් එබඳු දේ දුරු නො කරන්නහුට වෙහෙස හා දැවිලි සහිත ආස්‍රවයෝ උපදිත් ද, මෙසේ එබඳු දේ දුරු කරන්නහුට වෙහෙස හා දැවිලි සහිත ආස්‍රවයෝ නො වෙත්. මහණෙනි, මේ ආස්‍රවයෝ දුරු කිරීමෙන් පැහිය යුත්තෝ ය යි කියනු ලැබෙත්.

6.මහණෙනි, විනොදනයෙන් (දෝෂ සැලකීම් සහිත වීර්යයෙන්) පහ කළ යුතු ආස්‍රවයෝ කවරහ ? යත්: මහණෙනි, මේ ලොකයෙහි මහණ තෙමේ නුවණින් සලකා උපන් කාමවිතර්කය සිත තබා නො ගනියි, දුරු කරයි, බැහැර කරයි, විනාශ කරයි. නැවත නො ඉපදීමට පමුණුව යි. උපන්නා වූ ව්‍යාපාදවිතර්ක සිත තබා නො ගනියි, දුරු කරයි, බැහැර කරයි, විනාශ කරයි, නැවත නො ඉපදීමට පමුණුවයි. උපන්නා වූ විහිංසා විතර්කය...උපනුපන් ලාමක අකුශල ධර්මයන් සිත තබා නො ගනියි, දුරු කරයි, බැහැර කරයි, විනාශ කරයි, නැවත නො ඉපදීමට පමුණුවයි. මහණෙනි, යම් හෙයකින් එබඳු දේ දුරු නො කරන්නා වූ ඔහුට වෙහෙස හා දැවිලි සහිත ආස්‍රවයෝ උපදිත් ද, මෙසේ එබඳු දේ දුරු කරන්නහුට වෙහෙස හා දැවිලි සහිත ආස්‍රවයෝ නො වෙත්. මහණෙනි, මේ ආස්‍රවයෝ විනොදනයෙන් පැහිය යුත්තෝ ය යි කියනු ලැබෙත්.

7.මහණෙනි, භාවනාවෙන් පැහිය යුතු ආස්‍රවයෝ කවරහ ? යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ නුවණින් සලකා විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවණට නැඹුරු සතිසම්‌බොජ්‌ඣඞ්‌ගය වඩයිනුවණින් සලකා ධම්මවිචය සම්‌බොජ්‌ඣඞ්‌ගය වඩයිවිරියසම්‌බොජ්‌ඣඞ්‌ගය වඩයිපීතිසම්‌බොජ්‌ඣඞ්‌ගය වඩයිපස්සද්ධි සම්‌බොජ්‌ඣඞ්‌ගය වඩයිසමාධිසම්‌බොජ්‌ඣඞ්‌ගය වඩයි. විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරොධය ඇසුරු කළ නිවණට නැඹුරු උපෙක්ඛා සම්‌බොජ්‌ඣඞ්‌ගය වඩයි. මහණෙනි, යම් හෙයෙකින් බොජ්‌ඣඞ්‌ග නො වඩන්නාට වෙහෙස හා දැවිලි සහිත ආස්‍රවයෝ උපදිත් ද, මහණෙනි, මෙසේ ඒ බොජ්‌ඣඞ්‌ග වඩන්නා වූ ඔහුට ඒ වෙහෙස දැවිලි සහිත ආස්‍රවයෝ නො වෙත්. මහණෙනි, මේ ආස්‍රවයෝ භාවනාවෙන් පැහිය යුත්තෝ ය යි කියනු ලැබෙත්.