Friday, June 24, 2016

සාලාගාම සූත්‍රය හා සකුණග්ඝී සූත්‍රය


2016-07-05 දින පානදුර වැලිපිටිය විහාරස්ථානයේ අරියවංස සම්බන්දව සිදුකල දෙශණා.





2016-06-26 දින හැව්ලොක් ටවුමේ සුගතදස්සිනාරාමයේ පැවැත්වූ දෙශණාව.




2016-06-14 දින මාළඹේ සුසිලාරාමයේ  පැවැත්වූ ධර්ම දෙශණාව






සාලාගාම සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ කොසොල් රට සාලා නම් බ්‍රාහ්මණ ගමෙහි වාසය කරන සේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට ආමන්ත්‍රණය කොට මෙසේ වදාළහ. “මහණෙනි, අලුත පැවිදිවූ අලුත මේ ශාසනයට ඇතුළත්වූ යම් ඒ නවක භික්ෂූහු වෙත්ද, මහණෙනි, තෙපි ඔවුන් සතර සතිපට්ඨානයන් වඩනු පිණිස සමාදන් කරවිය යුතුය. එහි ඇතුළත් කරවිය යුතුය. පිහිටුවිය යුතුය.
“කවර සතරක්ද යත්? ඇවැත්නි, තෙපි එව් කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිතේ එකඟකමින් යුක්තව පැහැදුණු සිත් ඇතිව සමාහිතව එකඟ සිත් ඇතිව ඇති සැටියෙන් කය අවබොධ කරනු පිණිස කයෙහි කය නැවත නැවත බලමින් වාසය කරව්.
“කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිතේ එකඟකමින් යුක්තව පැහැදුනු සිත් ඇතිව සමාහිතව එකඟ සිත් ඇතිව වේදනාවන් ඇති සැටියෙන් අවබෝධ කරනු පිණිස වේදනාවන්හි වේදනා නැවත නැවත බලමින් වාසය කරව්.
“කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිතේ එකඟකමින් යුක්තව පැහැදුණු සිත් ඇතිව සමාහිතව එකඟ සිත් ඇතිව චිත්තයන් ඇති සැටියෙන් අවබොධ කරනු පිණිස චිත්තයන්හි චිත්තයන් නැවත නැවත බලමින් වාසය කරව්.
“කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිතේ එකඟකමින් යුක්තව පැහැදුනු සිත් ඇතිව සමාහිතව එකඟ සිත් ඇතිව ධර්මයන් ඇති සැටියෙන් අවබොධ කරනු පිණිස ධර්මයන්හි ධර්මය නැවත නැවත බලමින් වාසය කරව්.
 “මහණෙනි, රහත් බවට නොපැමිණියාවූ නිරුත්තර නිර්වාණය බලාපොරොත්තු වන්නාවූ යම් ඒ ශෛක්ෂ භික්ෂූහු වෙත්ද ඔව්හුද වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිතේ එකඟකමින් යුක්තව පැහැදුනු සිත් ඇතිව සමාහිතව එකඟ සිත් ඇතිව කය පිරිසිඳ දැනගැනීම පිණිස කයෙහි කය නැවත නැවත බලමින් වාසය කරත්......................................
 “මහණෙනි, ආශ්‍රවයන් ක්ෂය කළාවූ වැස නිමවන ලද බ්‍රහ්මචර්යා ඇත්තාවූ අවසාන කළ කටයුතු ඇත්තාවූ බහා තැබූ ස්කන්ධ බර ඇත්තාවූ තමාගේ අර්ථයට පැමිණියාවූ ක්ෂය කළ භව බැඳුම් ඇත්තාවූ මනාව දැනගත්තාවූ කෙලෙසුන් කෙරෙන් මිදුණාවූ රහත් භික්ෂූහු වෙත්ද, ඔව්හුද වීර්‍ය්‍යයෙන් යුක්තව
නුවණින් යුක්තව සිතේ එකඟකමින් යුක්තව පැහැදුනු සිත් ඇතිව සමාහිතව එකඟ සිත් ඇතිව කය හා බැඳීමෙන් වෙන්ව කයෙහි කය නැවත නැවත බලමින් වාසය කරත්......................................
 (සංයුත්තනිකාය- සතිපට්ඨානසංයුත්තය- අම්බපාලිවග්ගය)


සකුණග්ඝී සූත්‍රය
 “මහණෙනි, පෙර වූ දෙයක් කියමි. උකුස්සෙක් වේගයෙන් බැස කැටකුරුල්ලෙකු හදිසියෙන් අල්වාගත්තේය. මහණෙනි, ඉක්බිති උකුස්සා විසින් ඩැහැගෙන යනු ලබන්නාවූ කැට කුරුල්ලා මෙසේ කියමින් හැඬීය. කෙසේද? ‘අපිම කාලකණ්ණි වෙමු. අපිම අඩු පින් ඇත්තෝ වෙමු. ඒ අපි විසීමට නුසුදුසුවූ අනුන්ට අයත්වූ ස්ථානයක විසුවෙමු. ඉදින් අපි සිය පරපුරෙන් ආ තමහට අයත් වාසස්ථානයෙහි විසුවෙමු නම් මේ උකුසුතෙම (මා සමග කරන) යුද්ධයට සමර්ථ නොවේ’ යනුය.
(මෙසේ කී කල්හි) උකුසුතෙම ‘කැටකුරුල්ලා, තගේ පිය පරපුරෙන් ආ තට අයත් වාසස්ථානය නම් කවරේදැයි’ ඇසීය.‘නගුලෙන් සාන ලද කැට ස්ථානයයි!’ හේ කීය.“මහණෙනි, ඉක්බිති උකුස්සා ස්වකීය බලයෙහි දැඩිව සිට ස්වකීය බලය ප්‍රකාශ කරමින් ‘කැට කුරුල්ල එසේ නම් පල එහිදීද තෝ (මගෙන්) නොගැලවෙන්නෙහියයි’ කියා කැටකුරුල්ලා අතහැරියේය.“ඉක්බිති කැට කුරුල්ලා නඟුලෙන් සාන ලද කැට ඇති තැනකට ගොස් ලොකු කැටයක් උඩට නැඟී උකුස්සාට ‘දැන් ඉතින් වර’යයි කියමින් සිටියේය.
ඉක්බිති උකුස්සා ස්වකීය බලයෙහි පිහිටා ස්වකීය බලය ප්‍රකාශ කරමින් යුද්ධයට ඊතලය මෙන් අත්තටු හදා ක්ෂණයකින් කැට කුරුල්ලා වෙත පාත්විය. කැට කුරුල්ලා උකුස්සා තමහට ඉතාම ළංවන අවස්ථාව යම් විටෙක දැන ගත්තේද එකෙණෙහිම එම සී කැටයේ ඇතුල් පැත්තට රිංගා ගත්තේය. මහණෙනි, ඉක්බිති උකුස්සා එහිම ළය පැළී මළේය. මහණෙනි, යමෙක් තමහට නුසුදුසු ස්ථානයෙහි හැසිරේනම් මෙසේ වන්නේය.
මහණෙනි, එහෙයින් අනුන්ට අයත්වූ නුසුදුසු ස්ථානයන්හි නොවසව්. අනුන්ට අයත් තන්හි වසන්නහු පිළිබඳව මාරයා ඉඩ ලබන්නේය. මාරයා කරුණු ලබන්නේය. මහණෙනි, භික්ෂුවට නුසුදුසු ස්ථානය නම් කුමක්ද? මේ කාමගුණ පස වෙති.
කවර පසක්ද? ඇසින් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මන වඩන්නාවූ ප්‍රිය ස්වභාවය ඇත්තාවූ ඇලීම පිණිස පවත්නාවූ ඇලිය යුතුවූ යම් රූපයෝ වෙත්ද,කනින් ..........,නැහැයෙන්  ..........,දිවෙන්  .........., “කයින්  ..........,මහණෙනි, මේ වනාහි භික්ෂුවට නුසුදුසුවූ අනුන්ට අයත් වාසස්ථානය වෙයි.
“මහණෙනි, තම පිය පරපුරෙන් එන ස්වකීය වාසස්ථානයෙහි වාසය කරව. මහණෙනි, තම පිය පරපුරෙන් එන ස්වකීය වාසස්ථානයෙහි වසන්නහු පිළිබඳව මාරයා ඉඩක් නොලබන්නේය. මාරයා කරුණක් නොලබන්නේය.
“මහණෙනි, සිය පිය පරපුරෙන් එන ස්වකීය වාසස්ථානය නම් කවරේද? මේ සතර සතිපට්ඨානයෝයි. කවර සතරක්ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිතේ එකඟකමින් යුක්තව පැහැදුනු සිත් ඇතිව සමාහිතව එකඟ සිත් ඇතිව කයෙහි කය පිරිසිඳ දැනගැනීම පිණිස කයෙහි කය නැවත බලමින් වාසය කරන්නේය. වෙදනාවන්හි වේදනා නැවත නැවත…………
චිත්තයන්හි චිත්තයන් නැවත නැවත………….,
 මහණෙනි, මේ භික්ෂුවගේ සිය පරපුරෙන් එය ස්වකීය වාසස්ථානය වෙයි.

www.medamawatha.blogspot.com  

Wednesday, June 22, 2016

පොළොන්නරුව ධර්ම දෙශණා





ජුනි මස   19,20,21 දිනවල පොළොන්නරුව පුලතිසිගම ශ්‍රි බිම්බාරාමයේ පැවැවූ ධර්ම දෙශණා 














2016 පොසොන් සතිය තුල පැවැවූ ධර්ම දෙශණා 





2016 පොසොන් සතිය තුල  ශ්‍රි ලංකා මහ බැංකුවේ 2016-06-16 දින පැවැත්වූ ධර්ම දෙශණාව

2016 පොසොන් සතිය තුල  ශ්‍රි ලංකා මහ බැංකුවේ 2016-06-17 දින පැවැත්වූ ධර්ම දෙශණාව




වැලිමඩ මොරගොල්ල ධර්ම ගවේශී ආර්ය්‍ය සදහම් සමිති ශාලාවේ
2010-06-15 දින පැවැත්වූ ධර්ම දෙශණා




දෙශණා - 04 




2016-06-17 දින CIC ආයතනයේ පැවැත්වූ ධර්ම දෙශණාව

දෙශණාව

Saturday, June 11, 2016

ගණේමුල්ල භාවණා වැඩමුළුව.



ගණේමුල්ල වැලිපිල්ලෑව ශ්‍රි මහා පුරාණ විහාරයේ ජූනි මස 11,18,25 ජුලි මස 09 යන දිනවලදි පැවැත්වූ භාවණා වැඩමුළුව.



Monday, May 16, 2016

2016 වෙසක් සතිය තුල පැවැවූ ධර්ම දෙශණා















ශ්‍රි ලංකා මහ බැංකුවේ 2016  මැයි මස 16,17  දින පැවැත්වූ ධර්ම දෙශණා

දෙශණා-01

දෙශණා-02


2016-05-18දින ශ්‍රි ලංකා මොබිටෙල් ආයතනයේ පැවැත්වූ ධර්ම දෙශණය.

දෙශණය



2016-05-20 වැනි දින බළංගොඞ වැලිගෙපොල ප්‍රදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්වූ දෙශණාව.
                                              දෙශණය


2016-05-20 වැනි දින රත්මලාන ශ්‍රි සුගත ධර්මායතනයේ පැවැත්වූ දෙශණාව.
දෙශණය

2016-05-21 වැනි දින තලගල භාවනා මධස්ථානයේදි පැවැත්වූ දෙශණාව.

                                               දෙශණය



2016-05-21 වැනි දින ලංකා බැංකු මූලස්ථානයේදි පැවැත්වූ දෙශණාව.

දෙශණය

හොරණ රොහලේ 2016-05-23 දින පැවැත්වූ දෙශණය.


Tuesday, May 10, 2016

බෙලුවගාමක සූත්‍රය



පානදුර වැලිපිටිය විහාරස්ථානයේ 2016-06-07 දින පැවැත්වූ ධර්ම දෙශණය.





2016-05-29 දින හැව්ලොක් ටවුමේ සුගතදස්සිනාරාමයේ පැවැත්වූ දෙශණාව.





2016-05-10 දින මාළඹේ සුසිලාරාමයේ පැවැත්වූ දෙශණාව.










බෙලුවගාමක සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ විශාලා නුවර බෙලුව නම් ගමෙහි වාසය කරති. එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට ආමන්ත්‍රණය කළසේක. “මහණෙනි, එව තෙපි විශාලා නුවර අවට මිත්‍රයන් යහළුවන් එකට වළඳා පුරුදු ඇතියන් ඇති ඇති සැටියෙන් වස් වසව. මම මෙහිම බෙලුව ගමෙහි වස් වසන්නෙමියි” වදාළේය.
“ස්වාමීනි, එසේයයි” ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දී විශාලා නුවර හාත්පස මිත්‍රයන් යහළුවන් එකට වළඳා පුරුදු වූවත් ඇති පරිදි වස් වැසූහ. භාග්‍යවතුන් වහන්සේ වනාහි බෙලුව ගමෙහි වස් වැසූහ.
එහි වස්වැසූ භාග්‍යවතුන් වහන්සේට කෲර ආබාධයක් උපන්නේය. මාරණාන්තිකවූ බලවත් වෙදනා පවතිත්. ඒ වෙදනා භාග්‍යවතුන් වහන්සේ පීඩා නොවෙමින් සිහි නුවණින් යුක්තව ඉවසූසේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේට මෙසේ අදහස් විය. ‘උපස්ථායකයන්ට නොදන්වා භික්ෂූ සංඝයාට අවවාද නොකොට පිරිනිවන්පාන්නෙමි නම් එය මට සුදුසු නොවේ. එහෙයින් මම මේ ආබාධය වීර්‍ය්‍යයෙන් දුරුකොට ජීවිත සංස්කාරය ආරක්ෂා කරන්නාවූ ඵල සමාපත්තිය ඉටා වාසය කරන්නෙමි නම් මැනවි කියායි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වීර්‍ය්‍යයෙන් ආබාධය දුරුකොට ජීවිතය රක්නාවූ ඵලසමාපත්තිය ඉටා වාසය කළසේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ගිලන්කමින් නැගිට ගිලන්කමින් නැගිටි නොබෝකල් ඇත්තේ සවස් කාලයෙහි වැටෙන විහාර ඡායාවෙහි පණවන ලද ආසනයෙහි වැඩ හුන්හ.
එකල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පසෙක හිඳ ගත්තේය. එක් පසෙක හිඳගත් ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැල කෙළේය. “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේට ඉවසිය හැකි බව දක්නා ලදී. භාග්‍යවතුන් වහන්සේට යැපිය හැකි බව දක්නාලදී. භාග්‍යවතුන් වහන්සේගේ ගිලන්කම නිසා මගේ කය ගල් ගැසුනාක් මෙන් විය. මට දිශාද නොවැටහෙත්. මට සතිපට්ඨාන ධර්මයන්ද නොවැටහෙත්. එහෙත්, ස්වාමීනි, මට දැන් භාග්‍යවතුන් වහන්සේ භික්ෂුසංඝයා අරබයා කිසියම් පශ්චිම අවවාදයක් නොදී පිරිනිවන් නොපාන්නේ යයි ස්වල්ප මාත්‍ර ආශ්වාදයක් ලැබිණැයි” කීය.
“ආනන්දය දැන් භික්ෂු සංඝයා මා කෙරෙහි කුමක් හෙයින් බලාපොරොත්තු වන්නෙහිද? ආනන්දය මාවිසින් ඇතුළත් පිරිස, පිට පිරිස වශයෙන් වෙනසක් නොකොට ධර්මය දෙශනා කරන ලදී. ආනන්දය, තථාගතයන්ගේ ධර්මයෙහි ගුරුමුෂ්ටියක් නැත්තේය.
“ආනන්දය, යමෙකුට වනාහි මමම භික්ෂු සංඝයා පරිහරණය කරන්නෙමියි හෝ භික්ෂුසංඝයා මා බලාපොරොත්තුවෙන්ම සිටීවායී හෝ හෙතෙමේම භික්ෂු සංඝයා අරබයා කිසි අවසාන අවවාදයක් කරන්නේයයි හෝ අදහස් වේද, ආනන්දය, තථාගතයන් වහන්සේට එවැනී වූ ‘මමම භික්ෂු සංඝයා පරිහරණය කරන්නෙමි. භික්ෂු සංඝයා මාම බලාපොරොත්තු වේවා’ යන අදහසක් නැත. ආනන්දය, ඒ තථාගතයන් වහන්සේ භික්ෂු සංඝයා අරබයා කිනම් අවසාන අවවාදයක් කරන්නේද? ආනන්දය, දැන් වනාහි මම දිරා ගියේ වෙමි. මහළු වූයේ වෙමි. කල් ගත වූයේ වෙමි. වයසට පැමිණියේ වෙමි. අසූ වයස් වෙමි. ආනන්දය, යම්සේ දිරාගිය ගැලක් උණ පතුරු බැඳ ප්‍රයෝජනයට ගනියිද, ආනන්දය, එසේම තථාගතයන් වහන්සේගේ කය උණ පතුරු තබා බඳින ලද්දාක් මෙන් හඟිමියි වදාළේය
“ආනන්දය, යම්විටෙක තථාගත තෙමේ සියලු රූපාදී අරමුණු මෙනෙහි නොකිරීමෙන් ඇතැම් වේදනා (ලෞකික වෙදනා) නිරුඞ කිරීමෙන් අනිමිත්ත චෙතො විමුක්ති සංඛ්‍යාත අර්හත්ඵල සමාපත්තියට පැමිණ වාසය කරන්නේද, ආනන්දය, එකල්හි තථාගතයන් වහන්සේට අතිශයින් පහසු වෙයි. එහෙයින් ආනන්දය, තමා ආලෝකයක් කොට ගෙන තමා පිහිට කොට ගෙන අනිකක් පිහිට කොට නොගෙන ධර්මය ආලෝකයක් කොට ගෙන ධර්මය පිහිට කොට ගෙන අනිකක් පිහිට කොට නොගෙන වාසය කරව්.
‘‘කථඤ්චානන්ද, භික්ඛු අත්තදීපො විහරති අත්තසරණො අනඤ්ඤසරණො, ධම්මදීපො ධම්මසරණො අනඤ්ඤසරණො? ඉධානන්ද, භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්‍ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං; වෙදනාසු...පෙ.... චිත්තෙ...පෙ.... ධම්මෙසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්‍ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. එවං ඛො, ආනන්ද, භික්ඛු අත්තදීපො විහරති අත්තසරණො අනඤ්ඤසරණො, ධම්මදීපො ධම්මසරණො අනඤ්ඤසරණො. යෙ හි කෙචි, ආනන්ද, එතරහි වා මමච්චයෙ වා අත්තදීපා විහරිස්සන්ති අත්තසරණා අනඤ්ඤසරණා, ධම්මදීපා ධම්මසරණා අනඤ්ඤසරණා ; තමතග්ගෙ මෙතෙ, ආනන්ද, භික්ඛූ භවිස්සන්ති යෙ කෙචි සික්ඛාකාමා’’ති. නවමං.
“ආනන්දය, කෙසේ නම් මහණතෙම තමා ආලෝකයක් කොට ගෙන තමා පිහිට කොට ගෙන අනිකක් පිහිට කොට නොගෙන ආලෝකයක් කොට ගෙන ධර්මය පිහිට කොට ගෙන අනිකක් පිහිට කොට නොගෙන වාසය කරන්නේද?
“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම වීර්‍ය්‍යයෙන් යුත්තව නුවණින් යුක්තව සිහියෙන් යුක්තව ලෝකයෙහි ලොභ ද්වෙෂයන් දුරුකොට කයෙහි කය නැවත නැවත බලමින් වාසය කරයිද, “වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිහියෙන් යුක්තව ලොකයෙහි ලෝභ ද්වෙෂයන් දුරුකොට වේදනාවන්හි වෙදනාවන් නැවත නැවත බලමින් වාසය කරයිද, “වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිහියෙන් යුක්තව ලෝකයෙහි ලෝභ ද්වෙෂයන් දුරුකොට චිත්තයන්හි චිත්තයන් නැවත නැවත බලමින් වාසය කරයිද, ‘වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිහියෙන් යුක්තව ලෝකයෙහි ලෝභ ද්වෙෂයන් දුරු කොට ධර්මයන්හි ධර්මයන් නැවත නැවත බලමින් වාසය කරයිද,
“ආනන්දය, මෙසේ වනාහි මහණතෙමේ තමා ආලෝකයක් කොට ගෙන තමා පිහිට කොට ගෙන අනිකක් පිහිට කොට නොගෙන ධර්මය ආලෝකයක් කොට ගෙන ධර්මය පිහිට කොට ගෙන අනිකක් පිහිට කොට නොගෙන වාසය කරන්නේ වෙයි.

“ආනන්දය, දැන් හෝ මගෙන් පසුව හෝ යම්කිසිවෙක් තමා ආලෝකයක් කොට ගෙන තමා පිළිසරණ කොට ගෙන අනිකක් පිහිට කොට නොගෙන ධර්මය ආලෝකයක් කොට ගෙන ධර්මය පිළිසරණ කොට අනිකක් පිහිට කොට නොගෙන වාසය කරන්නාහුද ආනන්දය, ඔව්හුම අග්‍ර භික්ෂූහු වෙත්. ඔව්හුම ශික්ෂාකාමීහු වෙත්යයි” වදාළේය.                                         ( සංයුත්‌ත නිකාය - සතිපට්ඨාන සංයුක්තය) (www.medamawatha.blogspot.com)  

Monday, May 9, 2016

ගාල්ල භාවනා වැඩමුළුව



ගාල්ල මාගල්ලේ කච්චිවත්ත රජමහා විහාරස්ථානයේ සෑම මසකම දෙවෙනි ඉරුදින පවත්වන භාවනා වැඩමුළුව. (ආරම්භය 2016 මැයි මස 8  ඉරිදා)