Saturday, March 5, 2016

මහානුවර දෙශණා


2016-08-07 දින පැවැත්වූ ධර්ම දෙශණාව (අහාර හා සංසාර විමුක්තිය)









2016 මාර්තු මස 05,12,19,26  දින වල මහානුවර බෞද්ධ මන්දිරයේ පැවැත්වූ භාවනා වැඩමුළුව.

දෙශණා -01

දෙශණා -02

දෙශණා -03

දෙශණා -04

දෙශණා -05

දෙශණා -06

දෙශණා -07

දෙශණා -08

දෙශණා -09

දෙශණා -10

දෙශණා -11

දෙශණා -12

2016-05-01 දින  මහානුවර බෞද්ධ මන්දිරයේ පැවැත්වූ භාවනා වැඩමුළුව.

දෙශණා -01

දෙශණා -02

දෙශණා -03

2016-06-05, මහානුවර බෞද්ධ මන්දිරයේ පැවැත්වූ භාවනා වැඩමුළුව.

kinsupama sutta-01

kinsupama sutta-02

kinsupama sutta-03

2016-07-03, මහානුවර බෞද්ධ මන්දිරයේ පැවැත්වූ භාවනා වැඩමුළුව.


Kalaviwada sutta -01

Kalaviwada sutta -02

Kalaviwada sutta -03

2016-09-03, මහානුවර බෞද්ධ මන්දිරයේ පැවැත්වූ භාවනා වැඩමුළුව.

Indriya Bhawana-01   Indriya Bhawana-02  Indriya Bhawana-03



2016 මාර්තු මස 06,13,20,27 දින වල ගම්පොල ගලගෙඩියාව, කිරින්ද ආදර්ශ විදුහලේ පැවැත්වූ භාවනා වැඩසටහන.

දෙශණා -01

දෙශණා -02

දෙශණා -03

දෙශණා -04

දෙශණා -05

දෙශණා -06

දෙශණා -07

දෙශණා -08

දෙශණා -09

දෙශණා -10

දෙශණා -11

දෙශණා -12




2016-03-22 මැදින් පෝය දින, දිගහවතුර මෙහෙණි ආරාමයේ පැවැත් වූ ධර්ම දෙශණාව.

දෙශණා -01

දෙශණා -02

දෙශණා -03


Saturday, February 20, 2016

ඕමාන් දෙශණ

පෝය දින භාවනා වැඩමුළු
මැදින් පුර පසලොස්වක පෝය දින මාර්තු මස 22 අගහරුවාදා පෙරවරැ 8.30 සිට පස්වරු 3.00 දක්වා දීගහවතුර මෙහෙණි ආරාම යේ පවත්වනු ලැබේ.
  දීගහවතුර මෙහෙණි ආරාමය, දීගහවතුර, මහනුවර

බක් පුර පසලොස්වක පෝය දින අප්‍රේල් මස 21  බ්‍රහස්පතින්දා  පෙරවරැ 8.30 සිට පස්වරු 3.00 දක්වා මැද්දවත්ත ශ්‍රී වජිරඤාණ ධර්මායතනයේ  පවත්වනු ලැබේ.
ශ්‍රී වජිරඤාණ ධර්මායතනය,මැද්දවත්ත, මාතර



ඕමාන් සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයේ පැවැත්වූ දෙශණ

2016-02-19 -01

2016-02-19 -02

2016-02-19 -03

2016-02-19 -04

2016-02-19 -05

2016-02-20-01

2016-02-20-02

2016-02-20-03

2016-02-20-04

2016-02-20-05

2016-02-20-06   ,2016-02-20 දින පංසලේ පැවැත්වූ ධර්ම දෙශණාව.

2016-02-21-01   ,2016-02-21 දින පංසලේ පැවැත්වූ ධර්ම දෙශණාව.

2016-02-22-01    ,2016-02-22 දින පංසලේ පැවැත්වූ ධර්ම දෙශණාව.

2016-02-23-01

2016-02-23-02

2016-02-24

2016-02-25-01

2016-02-25-02


2016-02-26-01

2016-02-26-02

2016-02-26-03

2016-02-26-04

2016-02-27-01

2016-02-27-02

2016-02-27-03

2016-02-27-03  ,2016-02-27 දින පංසලේ පැවැත්වූ ධර්ම දෙශණාව.





Sunday, February 14, 2016

Ariyawansa Sutta

අරියවංශ සූත්‍රය
Wesunu Niwandora Viwara Kara Ganimu.pdf

2016-04-02 පානදුර වැලිපිටිය විහාරස්ථානයේ සිදුකල දෙශණාව

Pandura-Ariwansa sutta (1)

Pandura-Ariwansa sutta (2)

Pandura-Ariwansa sutta (3)



2016-03-01 මාලඹේ පැවැත්වූ ධර්ම දෙශණාව.

Ariyawansa Sutta 01

Ariyawansa Sutta 02

Ariyawansa Sutta 03


2016-02-14  සුගතදස්සිනාරාමයේ පැවැත්වූ ධර්ම දෙශණාව.





මහණෙනි, මේ ආර්‍ය්‍යවංස සතර අග්‍රයයි දත යුත්තාහ. බොහෝ පැරණියයි දත යුත්තාහ. වංශය (පරපුර) යයි දත යුත්තාහ. අථත් දෙයක් නොවේයයි දත යුත්තාහ. බැහැර නොකරණ ලද්දාහ. පෙර බුදුවරයන් විසිනුදු අත් නොහරින ලදහ. දැනුදු අත් නොහරිත්. අනාගතයෙහිත් අත්නොහරින්නාහ. ශ්‍රමණයන් විසිනුදු, බ්‍රහ්මණයන් විසිනුදු, නුවණැත්තන් විසිනුදු ගර්‍හා නොකරණ ලද්දාහ. කවර සතර දෙනෙක්ද යත්?

මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම ලැබුණු යම්කිසි සිවුරකින් සතුටුවූයේ වේද, ලැබුණු යම්කිසි සිවුරක් ගැන සතුටුවීමෙහි ගුණ කියන්නේ වේද, සිවුරක් නිසා නුසුදුසු සෙවීමකට නොපැමිණෙයි. සිවුරු නොලැබීම හේතුකොටගෙන නොතැවෙයි. සිවුරු ලැබද, එහි නොඇලුණේ, මුසපත් නොවූයේ, නොගිලුණේ, ආදීනව දකිමින්, සසරින් නික්මීමේ නුවණින් යුක්තව පරිභොග කරයිද, ලැබුණු යම්කිසි සිවුරකින් සතුටුවීමෙන් තමන් උසස්කොට නොසිතයිද, අනුන් පහත්කොට නොසිතයිද

ලද දෙයින් සතුටුවීමෙහි දක්‍ෂවූයේ, අලස නොවූයේ, නුවණින් හා සිහියෙන් යුක්තවූයේ වෙයි. මහණෙනි, මේ මහණ තෙම අග්‍රයයි දත යුතු පැරණි ආර්‍ය්‍ය වංශයෙහි සිටියේය.

මහණෙනි, නැවතද භික්‍ෂු තෙමේ ලැබුණු යම්කිසි පිණ්ඩපාතයකින් සතුටුවූයේ වේද, ලැබුණු යම්කිසි පිණ්ඩපාතයකින් සතුටුවීමේ ගුණ කියන්නේ වේද, පිණ්ඩපාත හේතුවෙන් නුසුදුසු සෙවීමකට නොපැමිණේද පිණ්ඩපාතය නොලැබීම නිසා නොතැවෙයිද. පිණ්ඩපාතය ලැබද, එහි නොඇලුණේ, තෘෂ්ණාවෙන් මුසපත් නුවූයේ, නොගිලුණේ, ආදීනව දකිමින්, සසරින් මිදීමේ නුවණින් යුක්තව වළඳයිද, ඒ ලැබුණු යම්කිසි පිණ්ඩපාතයකින් සතුටුවීමෙන් තමන් උසස්කොට නොසිතයිද, අනුන් පහත්කොට නොසිතයිද, හෙතෙමේ

ලද දෙයින් සතුටුවීමෙහි දක්‍ෂවූයේ, අලස නොවූයේ, නුවණින් හා සිහියෙන් යුක්තවූයේ වෙයි. මහණෙනි, මේ මහණ තෙම අග්‍රයයි දත යුතු පැරණි ආර්‍ය්‍ය වංශයෙහි සිටියේය.
මහණෙනි, නැවතද භික්‍ෂු තෙමේ ලැබුණු යම්කිසි සෙනසුනකින් සතුටුවූයේ වේද, ලැබුණු යම්කිසි සෙනසුනකින් සතුටුවීමේ ගුණ කියන්නේ වේද, සෙනසුන් හේතුවෙන් නුසුදුසු සෙවීමකට නොපැමිණේද සෙනසුනක් නොලැබීම නිසා නොතැවෙයිද. සෙනසුන ලැබද, ලොභ නුවූයේ, තෘෂ්ණාවෙන් මුසපත් නුවූයේ, නොගිලුණේ, ආදීනව දකිමින්, සසරින් මිදීමේ නුවණින් පරිභොග කරයිද, ඒ ලැබුණු යම්කිසි සේනාසනයකින් සතුටුවීමෙන් තමන් උසස්කොට නොසිතයිද, අනුන් පහත්කොට නොසිතයි,

ලද දෙයින් සතුටුවීමෙහි දක්‍ෂවූයේ, අලස නොවූයේ, නුවණින් හා සිහියෙන් යුක්තවූයේ වෙයි. මහණෙනි, මේ මහණ තෙම අග්‍රයයි දත යුතු පැරණි ආර්‍ය්‍ය වංශයෙහි සිටියේය.
මහණෙනි, නැවතද භික්‍ෂුතෙම භාවනාවෙහි කැමැත්ත ඇත්තේ වේද, භාවනාවෙහි ඇලුනේ වේද, කෙලෙස් ප්‍රහාණයෙහි කැමැත්ත ඇත්තේද, කෙලෙස් ප්‍රහාණයෙහි ඇලුනේ වේද, ඒ භාවනාවෙහි කැමැත්තෙන්, භාවනාවෙහි ඇල්මෙන්, කෙලෙස් පහ කිරීමෙහි කැමැත්තෙන්, කෙලෙස් පහ කිරීමෙහි ඇල්මෙන්, තමා උසස් කොට නොසිතයි. අනුන් පහත් කොට නොසිතයි.

හෙතෙමේ එහි දක්‍ෂ වූයේ නොමැළි වූයේ. මනාව දන්නා නුවණින්ද, සිහියෙන්ද යුක්තවූයේ වෙයි. මහණෙනි, මේ මහණ තෙම අග්‍රයයි දතයුතු පුරාණ ආර්‍ය්‍ය වංශයෙහි සිටියේය.
මහණෙනි, මේ ආර්‍ය්‍ය වංශ සතර අග්‍රයයි දත යුත්තාහ. බොහෝ පැරණියයි දත යුත්තාහ. වංශයයි දත යුත්තාහ. අළුත් දෙයක් නොවේයයි දත යුත්තාහ. බැහැර නොකරණ ලද්දාහ. පෙර බුදුවරයන් විසිනුදු ඉවත් නොකරණ ලදහ. දැනුදු අත් නොහරිත්. අනාගතයෙහිත් අත් නොහරිත්. ශ්‍රමණයන් විසින්ද, බ්‍රාහ්මණයන් විසින්ද, නුවණැත්තන් විසින්ද, ගර්‍හා නොකරණ ලදී.

මහණෙනි, මේ සතර ආර්‍ය්‍ය වංශයෙන් යුක්තවූ භික්‍ෂුව ඉදින් පෙරදිග වසන්නේද, හෙතෙමේම අරතිය (සසුන්හි නොඇල්ම) යටපත් කරයි. අරතිය තොමෝ ඔහු යටපත් නොකරයි. ඉදින් පච්ඡිම දිශාවෙහි වාසය කරන්නේද, හෙතෙමේම අරතිය යටපත් කරයි. අරති තොමෝ ඔහු යටපත් නොකරයි. උතුරු දිශාවෙහි ඉදින් වසන්නේද, හෙතෙමේම අරතිය යටපත් කරයි. අරති තොමෝ ඔහු යටපත් නොකරයි. දකුණු දිසාවෙහි වසන්නේද, හෙතෙමේ අරතිය යටපත් කරයි. අරති තොමෝ ඔහු යටපත් නොකරයි. ඊට හේතු කවරේද? ප්‍රාඥ තෙමේ, අරතියද, පඤ්ච කාම ගුණයන්හි ඇලීමද, අභිභවනය කරන්නේය.

අරති තොමෝ වීර්‍ය්‍යවන්තයා අභිභවනය නොකරයිද, එහෙයින් අරතිය ධීරයා යටපත් නොකරයි. ධීර තෙමේ අරතිය අභිභවනය කරයිද, එහෙයින් ධීරයා අරතිය මඩින්නේ නම් වේ. සියලු ත්‍රෛභූමික ධර්‍මයන් පිරිසිඳ, කෙලෙසුන් පහකොට සිටි ඔහු, කවර නම් රාග, දෝෂ, මොහයෙක් වලක්වන්නේද? ජාම්බොනද ස්වර්‍ණයක් වැනි ඔහුට කවරෙක් නින්‍දා කිරීමට සුදුසුද? ඔහුට දෙවියෝද ප්‍රශංසා කරත්. බ්‍රහ්මයා විසිනුදු ප්‍රශංසා කරණ ලදී.


(අඞ්‌ගුත්‌තර නිකාය - චතුක්ක නිපාතය - උරුවෙල වර්ගය- අරියවංස සූත්‍රය)

Tuesday, January 12, 2016

ආහාර හා සංසාර විමුක්තිය



ආහාර හා සංසාර විමුක්තිය

2016-02-07 දින ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව මගින් විකාශණය වූ ධර්ම දෙශණය.



2016-02-06 දින පානදුර වැලිපිටිය විහාරස්ථානයේ ආහාර සම්බන්දව සිදුකල දෙශණා. 






2016-01-24 දින සුගතදස්සිනාරාමයේ පැවැත්වූ ධර්ම දෙශණාව. 







මාලඹේ සුසිලාරාමයේ 2016-01-12 දින  පැවැත්වූ ධර්ම දෙශණාව.





යං කිඤ්චි දුක්ඛං සම්භොති, සබ්බං ආහාරපච්චයා;   ආහාරානං නිරොධෙන, නත්ථි දුක්ඛස්ස සම්භවො.
යම්කිසි දුකක් රැස් කෙරේද, සියල්ල ආහාරය හෙතු කොටගෙනය. ආහාරය නැතිවීමෙන් දුක් රැස්වීමක් නැත.

එතමාදීනවං ඤත්වා, දුක්ඛං ආහාරපච්චයා;  සබ්බාහාරං පරිඤ්ඤාය, සබ්බාහාරමනිස්සිතො.
ආහාරය හෙතුවෙන් දුකයයි, මේ දොෂය දැක සියලු ආහාරයන් දැන, සියලු ආහාර ඇසුරු නොකිරීමට.
(ද්වයතානුපස්සනා සූත්‍රය-සුත්තනිපාත )

දිට්ඨිය සෘජු බවට පැමිණියා වෙයිද, ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ මේ (නිර්වාණ) ධර්මයට පැමිණියේ වෙයිද, එබඳුවූ වෙනත් ක්‍රමයකුත් ඇත්තේද?

“ඇවැත්නි, ඇත්තේය, යම්තැනක පටන් ආර්ය ශ්‍රාවක තෙම ආහාරය දනීද, ආහාරයාගේ හේතුව දනීද, ආහාරයාගේ නැතිකිරීම දනීද, ආහාර නැතිකිරීමට පමුණුවන ප්‍රතිපදාව දනීද මෙපමණකින්ද ආර්ය ශ්‍රාවකතෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයි, ඔහුගේ දෘෂ්ටිය සෘජු බවට පැමිණියා වෙයි. ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ මේ (නිර්වාණ) ධර්මයට පැමිණියේ වෙයි.

“ඇවැත්නි, ආහාරය කවරේද? ආහාරයාගේ හෙතුව කවරේද? ආහාරයාගේ නැතිකිරීම කවරේද? ආහාර නැති කිරීමේ ප්‍රතිපදාව කවරේද? ඇවැත්නි, සත්ත්වයන්ගේ පැවැත්ම පිණිසද, සත්ත්වයන්ට අනුග්‍රහ පිණිසද පවත්නාවූ ආහාර සතරක් වෙත්. කවර සතරක්ද යත්? ඝනවූද සියුම් වූද කබලිංකාර ආහාරය (කන බොන ආහාරය) ද, දෙවෙනිවූ ස්පර්ශ ආහාරය (විඳීමට හෙතු වන්නාවූ සිතත් අරමුණත් ගැටීම) ද, තුන්වැනිවූ මනොසංචෙතනා ආහාරය (උත්පත්තියට හේතුවන කර්මය) ද, සතරවැනිවූ විඤ්ඤාණ ආහාරය (නාම රූපයන්ගේ පැවැත්මට හෙතුවූ විඤ්ඤාණය) ද යන සතරය.

“තෘෂ්ණාවගේ හටගැන්ම නිසා ආහාරයෙන් හටගැන්ම වේ. තෘෂ්ණාව නැතිකිරීමෙන් ආහාරයාගේ නැතිකිරීම වෙයි. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයම ආහාර නැතිකිරීමට පමුණුවන ප්‍රතිපදාවයි. එනම් නිවැරදි දැකීම, නිවැරදි කල්පනාව, නිවැරැදි වචනය, නිවරැදි කර්මාන්තය, නිවැරැදි ක්‍රියාව, නිවැරැදි ව්‍යායාමය, නිවැරැදි සිහිය, නිවැරැදි සමාධිය යන මේයි. ඇවැත්නි, යම් තැනක පටන් ආර්ය ශ්‍රාවක තෙම මෙසේ ආහාරය දනීද, මෙසේ ආහාරයාගේ හෙතුව දනීද, මෙසේ ආහාර නැතිකිරීම දනීද, මෙසේ ආහාර නැතිකිරීමට යන ප්‍රතිපදාව දනීද, හෙතෙම සර්වප්‍රකාරයෙන් රාගය දුරුකොට ක්‍රොධය දුරුකොට මම වෙමියි යන දෘෂ්ටිය හා මානය නසා අවිද්‍යාව දුරුකොට අර්හත් මාර්ගඥාන විද්‍යාව උපදවා මේ ආත්මයෙහිම දුක් කෙළවර කරන්නේ වෙයි. ඇවැත්නි, මෙපමණකින්ද ආර්ය ශ්‍රාවකතෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයි ඔහුගේ දෘෂ්ටිය සෘජු බවට පැමිණියා වෙයි. ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ මේ (නිර්වාණ) ධර්මයට පැමිණියේ වෙයි.
(මජ්ඣිම නිකාය- සම්මා දිට්ඨි සූත්‍රය)


මොළියඵග්ගුනසුත්තං
මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණසේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

“මහණෙනි, උපන් සත්වයින්ගේ පැවැත්ම පිණිසද, උපදිමින් සිටින සත්වයින්ට උපකාර පිණිසද, පවත්නාවූ මේ ආහාරයෝ (හෙතු) සතරක් වෙත්. කවර සතරක්ද යත්? මහත්වූ හෝ සියුම්වූ හෝ කබලිංකාර ආහාරය, දෙවැනිවූ ස්පර්ශාහාරය, තුන්වැනිවූ මනොසංචෙතනාහාරය, සතරවැනිවූ විඤ්ඤාණාහාරය යන මොහුයි. මහණෙනි, උපන් සත්වයින්ගේ පැවැත්ම පිණිසද, උපදිමින් සිටින්නාවූ සත්වයින්ට උපකාරය පිණිසද මේ සතර ආහාරයෝ පවතිත්.

මෙසේ වදාළ කල්හි, ආයුෂ්මත් “මෝළිය ඵග්ගුන” (නම් භික්ෂුව) භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය “ස්වාමීනි, කවරෙක් වනාහි විඤ්ඤාණය ආහාරය අනුභව කෙරේද?” කියායි.

භාග්‍යවතුන් වහන්සේ “ප්‍රශ්නය නුසුදුසුය”යි වදාළ සේක. ‘අනුභව කෙරේයයි මම නොකියමි ඉදින් මම අනුභව කෙරේයයි කියම් නම්, “ස්වාමීනි, කවරෙක් වනාහි අනුභව කෙරේද? යන ප්‍රශ්නය සුදුසු වන්නේය. මම වනාහි මෙසේ නොකියමි 

මෙසේ නොකියන්නාවූ, මාගෙන් ‘ස්වාමීනි, විඤ්ඤාණ ආහාරය කුමකට උපකාර වේද?’ කියා මෙසේ යමෙක් අසයි නම්, එය සුදුසු ප්‍රශ්නයකි. විඤ්ඤාණආහාරය සසර නැවත ඉපදීමට උපකාර වෙයි. ඒ ඉපදීම ඇතිවූ කල්හි සළායතන ඇතිවෙයි. සළායතනයන් නිසා ස්පර්ශය ඇතිවේයයි කියා එහිදී විසඳීම සුදුසුය.”

“ස්වාමීනි, කවරෙක් වනාහි ස්පර්ශය කෙරේද?

“ප්‍රශ්නය නුසුදුසුයයි” භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. ‘ස්පර්ශය කෙරේයයි’ මම නොකියමි. ඉදින් ‘ස්පර්ශය කෙරේයයි’ මම කියම් නම් එකල ‘ස්වාමීනි, කවරෙක් වනාහි ස්පර්ශය කෙරේද?’ යන ප්‍රශ්නය සුදුසු වන්නේය. මම වනාහි එසේ නොකියමි. එසේ නොකියන්නාවූ මාගෙන් ‘ස්වාමීනි, ස්පර්ශය කුමක් නිසා ඇතිවේද?’ කියා, මෙසේ යමෙක් අසයි නම් එය සුදුසු ප්‍රශ්නයකි. සළායතනයන් නිසා ස්පර්ශය ඇති වෙයි. ස්පර්ශය නිසා වේදනාව ඇතිවේයයි කියා එහිදී විසඳීම සුදුසුය.”

“ස්වාමීනි, කවරෙක් වනාහි විඳීද?”

“ප්‍රශ්නය නුසුදුසුයයි” භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. “විඳීයයි මම නොකියමි. ඉදින් මම විඳීයයි කියම් නම්, ‘ස්වාමීනි, කවරෙක් වනාහි විඳීද?’ යන ප්‍රශ්නය එහිදී සුදුසු වන්නේය. එසේ වනාහි මම නොකියමි. එසේ නොකියන්නාවූ මාගෙන් ‘ස්වාමීනි කුමක් නිසා වේදනාව ඇතිවේද?’ කියා, මෙසේ යමෙක් අසයි නම්, මෙය සුදුසු ප්‍රශ්නයකි. එහිදී ස්පර්ශය නිසා වේදනාව ඇතිවෙයි. වේදනාව නිසා තණ්හාව ඇතිවේයයි කියා විසඳීම
සුදුසුය.”

“ස්වාමීනි, කවරෙක් වනාහි ආශා කරයිද?”

භාග්‍යවතුන් වහන්සේ ප්‍රශ්නය නුසුදුසුයයි වදාළ සේක “මම ආශා කෙරේයයි නොකියමි. ඉදින් මම ආශා කෙරේයයි කියම් නම්, ‘ස්වාමීනි, කවරෙක් වනාහි ආශා කෙරේද?’ යන ප්‍රශ්නය එහිදී සුදුසු වන්නේය. එසේ වනාහි මම නොකියමි. එසේ නොකියන්නාවූ මාගෙන් ‘ස්වාමීනි, කුමක් නිසා ආශාව ඇතිවේද?” කියා මෙසේ යමෙක් අසයි නම් මෙය සුදුසු ප්‍රශ්නයකි. එහිදී වේදනාව නිසා තණ්හාව (ආශාව) ඇතිවේ. තණ්හාව නිසා උපාදානය (දැඩිකොට අල්වාගැනීම) ඇති වේයයි කියා විසඳීම සුදුසුය.”

“ස්වාමීනි, කවරෙක් වනාහි උපාදානය (දැඩිකොට අල්වාගැනීම) කෙරෙත්ද?”
භාග්‍යවතුන් වහන්සේ ප්‍රශ්නය නුසුදුසුයයි වදාළ සේක. “මම උපාදානය කෙරේයයි නොකියමි. ඉදින් මම උපාදානය කෙරේයයි කියම් නම් ‘ස්වාමීනි, කවරෙක් වනාහි උපාදානය ඇති කෙරේද?’ යන ප්‍රශ්නය එහිදී සුදුසු වන්නේය. එසේ වනාහි මම නොකියමි. එසේ නොකියන්නාවූ මාගෙන් ‘ස්වාමීනි, කුමක්නිසා උපාදානය ඇතිවේද?’ කියා මෙසේ යමෙක් අසයි නම්, මෙය සුදුසු ප්‍රශ්නයකි. එහිදී තණ්හාව නිසා උපාදානය ඇතිවේ. උපාදානය නිසා භවය ඇතිවේ. භවය නිසා ජාතිය (ඉපදීම) ඇතිවේ. ජාතිය (ඉපදීම) නිසා ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝද ඇතිවෙත්. මෙසේ මේ සියලු තනිකර දුක් සමූහය ඇතිවෙයි.

“ඵග්ගුනය, සවැදෑරුම් ස්පර්ශායතනයන්ගේ මුළුමනින් නැසීම හෙතුකොටගෙන ස්පර්ශය නැතිවේ. ස්පර්ශය නැතිවීම හෙතුකොටගෙන වේදනාව නැතිවේ. වේදනාව නැතිවීම හෙතුකොටගෙන තණ්හාව නැතිවේ. තණ්හාව නැතිවීම හෙතුකොටගෙන උපාදානය නැතිවේ. උපාදානය නැතිවීම හෙතුකොටගෙන භවය නැතිවේ. භවය නැතිවීම හෙතුකොට ගෙන ඉපදීම නැතිවේ. ඉපදීම නැතිවීම හෙතුකොටගෙන ජරාව මරණය, ශෝකය. පරිදේව (හැඬීම) දුක්, දොම්නස් සහ උපායාසයෝ (තද ශෝක) නැතිවෙත්. මෙසේ මේ සියලු තනිකර දුක් සමූහය නැතිවෙයි.
(සංයුත්තනිකාය-නිදානසංයුත්තං-ආහාරවග්ගො- මොළියඵග්ගුනසුත්තං)
සතිපට්ඨාන සමුදය සූත්‍රය

 “මහණෙනි, සතර සතිපට්ඨානයන්ගේ ඇතිවීමට හෙතුවද නැතිවීමද දෙශනා කරන්නෙමි. එය අසව්. මහණෙනි, කයේ ඇතිවීමට හේතුව කවරේද? ආහාරය හේතු කොටගෙන කයේ හටගැනීම වේ. ආහාරය නැතිවීමෙන් කයේ නැතිවීම වේ. ස්පර්ශය හේතුකොටගෙන වේදනාවේ හට ගැනීමවේ ස්පර්ශය නැතිවීමෙන් වේදනාවේ නැතිවීම වෙයි. නාම රූපයන් හෙතුකොටගෙන චිත්තයාගේ හටගැනීම වේ. නාම රූපයන් නැතිවීමෙන් චිත්තයාගේ නැතිවීම වෙයි. මනසිකාරය හේතුකොටගෙන ධර්මයන්ගේ හටගැනීම වේ. මනසිකාරය නැතිවීමෙන් ධර්මයන්ගේ නැතිවීම වේ.”

(සංයුත්තනිකාය - සතිපට්ඨාන සංයුත්තය - අමත වර්ගය -සතිපට්ඨාන සමුදය සූත්‍රය)