Monday, May 16, 2016

2016 වෙසක් සතිය තුල පැවැවූ ධර්ම දෙශණා















ශ්‍රි ලංකා මහ බැංකුවේ 2016  මැයි මස 16,17  දින පැවැත්වූ ධර්ම දෙශණා

දෙශණා-01

දෙශණා-02


2016-05-18දින ශ්‍රි ලංකා මොබිටෙල් ආයතනයේ පැවැත්වූ ධර්ම දෙශණය.

දෙශණය



2016-05-20 වැනි දින බළංගොඞ වැලිගෙපොල ප්‍රදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්වූ දෙශණාව.
                                              දෙශණය


2016-05-20 වැනි දින රත්මලාන ශ්‍රි සුගත ධර්මායතනයේ පැවැත්වූ දෙශණාව.
දෙශණය

2016-05-21 වැනි දින තලගල භාවනා මධස්ථානයේදි පැවැත්වූ දෙශණාව.

                                               දෙශණය



2016-05-21 වැනි දින ලංකා බැංකු මූලස්ථානයේදි පැවැත්වූ දෙශණාව.

දෙශණය

හොරණ රොහලේ 2016-05-23 දින පැවැත්වූ දෙශණය.


Tuesday, May 10, 2016

බෙලුවගාමක සූත්‍රය



පානදුර වැලිපිටිය විහාරස්ථානයේ 2016-06-07 දින පැවැත්වූ ධර්ම දෙශණය.





2016-05-29 දින හැව්ලොක් ටවුමේ සුගතදස්සිනාරාමයේ පැවැත්වූ දෙශණාව.





2016-05-10 දින මාළඹේ සුසිලාරාමයේ පැවැත්වූ දෙශණාව.










බෙලුවගාමක සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ විශාලා නුවර බෙලුව නම් ගමෙහි වාසය කරති. එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට ආමන්ත්‍රණය කළසේක. මහණෙනි, එව තෙපි විශාලා නුවර අවට මිත්‍රයන් යහළුවන් එකට වළඳා පුරුදු ඇතියන් ඇති ඇති සැටියෙන් වස් වසව. මම මෙහිම බෙලුව ගමෙහි වස් වසන්නෙමියිවදාළේය.
ස්වාමීනි, එසේයයිඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දී විශාලා නුවර හාත්පස මිත්‍රයන් යහළුවන් එකට වළඳා පුරුදු වූවත් ඇති පරිදි වස් වැසූහ. භාග්‍යවතුන් වහන්සේ වනාහි බෙලුව ගමෙහි වස් වැසූහ.
එහි වස්වැසූ භාග්‍යවතුන් වහන්සේට කෲර ආබාධයක් උපන්නේය. මාරණාන්තිකවූ බලවත් වෙදනා පවතිත්. ඒ වෙදනා භාග්‍යවතුන් වහන්සේ පීඩා නොවෙමින් සිහි නුවණින් යුක්තව ඉවසූසේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේට මෙසේ අදහස් විය. උපස්ථායකයන්ට නොදන්වා භික්ෂූ සංඝයාට අවවාද නොකොට පිරිනිවන්පාන්නෙමි නම් එය මට සුදුසු නොවේ. එහෙයින් මම මේ ආබාධය වීර්‍ය්‍යයෙන් දුරුකොට ජීවිත සංස්කාරය ආරක්ෂා කරන්නාවූ ඵල සමාපත්තිය ඉටා වාසය කරන්නෙමි නම් මැනවි කියායි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වීර්‍ය්‍යයෙන් ආබාධය දුරුකොට ජීවිතය රක්නාවූ ඵලසමාපත්තිය ඉටා වාසය කළසේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ගිලන්කමින් නැගිට ගිලන්කමින් නැගිටි නොබෝකල් ඇත්තේ සවස් කාලයෙහි වැටෙන විහාර ඡායාවෙහි පණවන ලද ආසනයෙහි වැඩ හුන්හ.
එකල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පසෙක හිඳ ගත්තේය. එක් පසෙක හිඳගත් ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැල කෙළේය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේට ඉවසිය හැකි බව දක්නා ලදී. භාග්‍යවතුන් වහන්සේට යැපිය හැකි බව දක්නාලදී. භාග්‍යවතුන් වහන්සේගේ ගිලන්කම නිසා මගේ කය ගල් ගැසුනාක් මෙන් විය. මට දිශාද නොවැටහෙත්. මට සතිපට්ඨාන ධර්මයන්ද නොවැටහෙත්. එහෙත්, ස්වාමීනි, මට දැන් භාග්‍යවතුන් වහන්සේ භික්ෂුසංඝයා අරබයා කිසියම් පශ්චිම අවවාදයක් නොදී පිරිනිවන් නොපාන්නේ යයි ස්වල්ප මාත්‍ර ආශ්වාදයක් ලැබිණැයිකීය.
ආනන්දය දැන් භික්ෂු සංඝයා මා කෙරෙහි කුමක් හෙයින් බලාපොරොත්තු වන්නෙහිද? ආනන්දය මාවිසින් ඇතුළත් පිරිස, පිට පිරිස වශයෙන් වෙනසක් නොකොට ධර්මය දෙශනා කරන ලදී. ආනන්දය, තථාගතයන්ගේ ධර්මයෙහි ගුරුමුෂ්ටියක් නැත්තේය.
ආනන්දය, යමෙකුට වනාහි මමම භික්ෂු සංඝයා පරිහරණය කරන්නෙමියි හෝ භික්ෂුසංඝයා මා බලාපොරොත්තුවෙන්ම සිටීවායී හෝ හෙතෙමේම භික්ෂු සංඝයා අරබයා කිසි අවසාන අවවාදයක් කරන්නේයයි හෝ අදහස් වේද, ආනන්දය, තථාගතයන් වහන්සේට එවැනී වූ මමම භික්ෂු සංඝයා පරිහරණය කරන්නෙමි. භික්ෂු සංඝයා මාම බලාපොරොත්තු වේවායන අදහසක් නැත. ආනන්දය, ඒ තථාගතයන් වහන්සේ භික්ෂු සංඝයා අරබයා කිනම් අවසාන අවවාදයක් කරන්නේද? ආනන්දය, දැන් වනාහි මම දිරා ගියේ වෙමි. මහළු වූයේ වෙමි. කල් ගත වූයේ වෙමි. වයසට පැමිණියේ වෙමි. අසූ වයස් වෙමි. ආනන්දය, යම්සේ දිරාගිය ගැලක් උණ පතුරු බැඳ ප්‍රයෝජනයට ගනියිද, ආනන්දය, එසේම තථාගතයන් වහන්සේගේ කය උණ පතුරු තබා බඳින ලද්දාක් මෙන් හඟිමියි වදාළේය
ආනන්දය, යම්විටෙක තථාගත තෙමේ සියලු රූපාදී අරමුණු මෙනෙහි නොකිරීමෙන් ඇතැම් වේදනා (ලෞකික වෙදනා) නිරුඞ කිරීමෙන් අනිමිත්ත චෙතො විමුක්ති සංඛ්‍යාත අර්හත්ඵල සමාපත්තියට පැමිණ වාසය කරන්නේද, ආනන්දය, එකල්හි තථාගතයන් වහන්සේට අතිශයින් පහසු වෙයි. එහෙයින් ආනන්දය, තමා ආලෝකයක් කොට ගෙන තමා පිහිට කොට ගෙන අනිකක් පිහිට කොට නොගෙන ධර්මය ආලෝකයක් කොට ගෙන ධර්මය පිහිට කොට ගෙන අනිකක් පිහිට කොට නොගෙන වාසය කරව්.
‘‘කථඤ්චානන්ද, භික්ඛු අත්තදීපො විහරති අත්තසරණො අනඤ්ඤසරණො, ධම්මදීපො ධම්මසරණො අනඤ්ඤසරණො? ඉධානන්ද, භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්‍ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං; වෙදනාසු...පෙ.... චිත්තෙ...පෙ.... ධම්මෙසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්‍ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. එවං ඛො, ආනන්ද, භික්ඛු අත්තදීපො විහරති අත්තසරණො අනඤ්ඤසරණො, ධම්මදීපො ධම්මසරණො අනඤ්ඤසරණො. යෙ හි කෙචි, ආනන්ද, එතරහි වා මමච්චයෙ වා අත්තදීපා විහරිස්සන්ති අත්තසරණා අනඤ්ඤසරණා, ධම්මදීපා ධම්මසරණා අනඤ්ඤසරණා ; තමතග්ගෙ මෙතෙ, ආනන්ද, භික්ඛූ භවිස්සන්ති යෙ කෙචි සික්ඛාකාමා’’ති. නවමං.
ආනන්දය, කෙසේ නම් මහණතෙම තමා ආලෝකයක් කොට ගෙන තමා පිහිට කොට ගෙන අනිකක් පිහිට කොට නොගෙන ආලෝකයක් කොට ගෙන ධර්මය පිහිට කොට ගෙන අනිකක් පිහිට කොට නොගෙන වාසය කරන්නේද?
මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම වීර්‍ය්‍යයෙන් යුත්තව නුවණින් යුක්තව සිහියෙන් යුක්තව ලෝකයෙහි ලොභ ද්වෙෂයන් දුරුකොට කයෙහි කය නැවත නැවත බලමින් වාසය කරයිද, “වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිහියෙන් යුක්තව ලොකයෙහි ලෝභ ද්වෙෂයන් දුරුකොට වේදනාවන්හි වෙදනාවන් නැවත නැවත බලමින් වාසය කරයිද, “වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිහියෙන් යුක්තව ලෝකයෙහි ලෝභ ද්වෙෂයන් දුරුකොට චිත්තයන්හි චිත්තයන් නැවත නැවත බලමින් වාසය කරයිද, ‘වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිහියෙන් යුක්තව ලෝකයෙහි ලෝභ ද්වෙෂයන් දුරු කොට ධර්මයන්හි ධර්මයන් නැවත නැවත බලමින් වාසය කරයිද,
ආනන්දය, මෙසේ වනාහි මහණතෙමේ තමා ආලෝකයක් කොට ගෙන තමා පිහිට කොට ගෙන අනිකක් පිහිට කොට නොගෙන ධර්මය ආලෝකයක් කොට ගෙන ධර්මය පිහිට කොට ගෙන අනිකක් පිහිට කොට නොගෙන වාසය කරන්නේ වෙයි.

ආනන්දය, දැන් හෝ මගෙන් පසුව හෝ යම්කිසිවෙක් තමා ආලෝකයක් කොට ගෙන තමා පිළිසරණ කොට ගෙන අනිකක් පිහිට කොට නොගෙන ධර්මය ආලෝකයක් කොට ගෙන ධර්මය පිළිසරණ කොට අනිකක් පිහිට කොට නොගෙන වාසය කරන්නාහුද ආනන්දය, ඔව්හුම අග්‍ර භික්ෂූහු වෙත්. ඔව්හුම ශික්ෂාකාමීහු වෙත්යයිවදාළේය.                                         ( සංයුත්‌ත නිකාය - සතිපට්ඨාන සංයුක්තය) (www.medamawatha.blogspot.com)  

Monday, May 9, 2016

ගාල්ල භාවනා වැඩමුළුව



ගාල්ල මාගල්ලේ කච්චිවත්ත රජමහා විහාරස්ථානයේ සෑම මසකම දෙවෙනි ඉරුදින පවත්වන භාවනා වැඩමුළුව. (ආරම්භය 2016 මැයි මස 8  ඉරිදා)





Tuesday, April 26, 2016

වැලිමඩ භාවනා වැඩමුළුව.



2016 අප්‍රේල් මස 26,27,28,29  දිනවලදී වැලිමඩ උඩුකිරින්ද විපස්සනා භාවනා මධයස්ථානයේදි පැවැත්වූ නෙවාසික භාවනා වැඩමුළුව.






Sunday, April 24, 2016

මහා මංගල සුත්‍රය හා සංසාර විමුක්තිය

2016-04 -24 දින කොළඹ 06 සුගතදස්සිනාරාමයේ පැවැත්වූ ධර්ම දෙශණාව






මහා මංගල සුත්‍රය හා සංසාර විමුක්තිය
එවං මෙ සුතං - එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො අඤ්ඤතරා දෙවතා අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණා කෙවලකප්පං ජෙතවනං ඔභාසෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතා ඛො සා දෙවතා භගවන්තං ගාථාය අජ්ඣභාසි -

බහූ දෙවා මනුස්සා ච, මඞ්ගලානි අචින්තයුං
ආකඞ්ඛමානා සොත්ථානං, බ්‍රූහි මඞ්ගලමුත්තමං.
බොහෝ දෙවියෝද මනුෂ්‍යයෝද යහපත පතන්නෝ අභිවෘද්ධිය සලසාලන උතුම් කරුණු සෙවූහ. වහන්ස, අභිවෘද්ධිය සලසාලන උතුම් කරුණු වදාරණ සේක්වායිගාථායෙන් කීය.

අසෙවනා ච බාලානං, පණ්ඩිතානඤ්ච සෙවනා
පූජා ච පූජනෙය්‍යානං, එතං මඞ්ගලමුත්තමං.
1.බාලයන් සේවනය නොකිරීම.  2.පණ්ඩිතයන් ඇසුරු කිරීම.  3.පිදිය යුත්තන් පිදීම

පතිරූපදෙසවාසො ච, පුබ්බෙ ච කතපුඤ්ඤතා
අත්තසම්මාපණිධි ච, එතං මඞ්ගලමුත්තමං.
4.සුදුසු ප‍්‍රදේශයන් හි වාසය කිරීම.  5.පෙර කරන ලද පින් ඇති බව.  6.තමා ශීලාදී දහම්හි පිහිටුවීම.

බාහුසච්චඤ්ච සිප්පඤ්ච, විනයො ච සුසික්ඛිතො
සුභාසිතා ච යා වාචා, එතං මඞ්ගලමුත්තමං.
7.බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව.  8.මනා කොට ශිල්ප දැනීම.  9.විනයෙන් හික්මීම.    10.යහපත් වචන භාවිතය.

මාතාපිතු උපට්ඨානං, පුත්තදාරස්ස සඞ්ගහො
අනාකුලා ච කම්මන්තා, එතං මඞ්ගලමුත්තමං.
11.මව්පිය උපස්ථානය.   12.දරුවන්ට සංග‍්‍රහ කිරීම.  13.භාර්යාවන්ට සංග‍්‍රහ කිරීම.  14. නිරවුල් ගෘහ ජීවිතය.

දානඤ්ච ධම්මචරියා ච, ඤාතකානඤ්ච සඞ්ගහො
අනවජ්ජානි කම්මානි, එතං මඞ්ගලමුත්තමං.
15.දානය.  16.ධර්මයෙහි හැසිරීම. 17.නෑයන්ට සංග‍්‍රහ කිරීම.  18.නිරවුල් කර්මාන්තය.

ආරතී විරතී පාපා, මජ්ජපානා ච සංයමො
අප්පමාදො ච ධම්මෙසු, එතං මඞ්ගලමුත්තමං.
19.පවින් වැළකීම. 20.මත්පැන් පානයෙන් වැළකීම.  21.නොපමාව කුසල් කිරීම.

ගාරවො ච නිවාතො ච, සන්තුට්ඨි ච කතඤ්ඤුතා;
කාලෙන ධම්මස්සවනං, එතං මඞ්ගලමුත්තමං.
22.ගරු කළ යුත්තන්ට ගරු කිරීම.  23.නිහතමානී බව.  24.ලද දෙයින් සතුටු වීම.
25.කළ ගුණ සැලකීම.  26.සුදුසු කල ධර්මය ශ‍්‍රවනය කිරීම.

ඛන්තී ච සොවචස්සතා, සමණානඤ්ච දස්සනං;
කාලෙන ධම්මසාකච්ඡා, එතං මඞ්ගලමුත්තමං.
27.ඉවසීම. 28.කීකරු බව.  29.ශ‍්‍රමණයන් වහන්සේලා දැකීම.  30.සුදුසු කල්හි ධර්ම සාකච්ඡාව.

තපො ච බ්‍රහ්මචරියඤ්ච, අරියසච්චාන දස්සනං;
නිබ්බානසච්ඡිකිරියා ච, එතං මඞ්ගලමුත්තමං.
31.තපස.  32.බඹසර රැකීම.  33.චතුරාර්ය සත්‍ය පිළිබඳ දැනීම.  34.නිර්වාණය අවබෝධ කිරීම.

ඵුට්ඨස්ස ලොකධම්මෙහි, චිත්තං යස්ස න කම්පති;
අසොකං විරජං ඛෙමං, එතං මඞ්ගලමුත්තමං.
35.අටලෝ දහමින් කම්පා නොවීම. 36.ශෝක නැති බව.  37.කෙළෙසුන්ගෙන් දුරු වීම.   38.චතුර්යෝග භයින් මිදුණු බව.

එතාදිසානි කත්වාන, සබ්බත්ථමපරාජිතා;
සබ්බත්ථ සොත්ථිං ගච්ඡන්ති, තං තෙසං මඞ්ගලමුත්තම න්ති.
මෙවැනි අභිවෘද්ධියට කරුණුවූ දේ කිරීමෙන් හැමතන්හි නොපැරදුනෝව හැමතන්හි සැපසේ යත්. ඒ දේ ඒ පුරන්නහුට උතුම් මඟුල්ය.