Tuesday, August 16, 2016

2016 අගොස්තු සැප්තැම්බර් මාස දෙශණා







වැලිමඩ මොරගොල්ල ධර්ම ගවේශී ආර්ය්‍ය සදහම් සමිති ශාලාවේ
2016-09-22 දින පැවැත්වූ ධර්ම දෙශණා









2016 සැප්තැම්බර් මස 16,17 සහ 18 යන දිනවලදී පොළොන්නරුව ගල්තබරාව නිශ්ශන්කමල්ලපුර ශ්‍රී විජයාරාමයේදී සිදු කල ධර්ම දේශනාව




2016-09 -17 දින ශ්‍රි ලංකා ගුවන්විදුලි සංස්ථාව මගින් ප්‍රචාරය වූ ධර්ම දෙශණාව.




2016-09 -03 දින ශ්‍රි ලංකා ගුවන්විදුලි සංස්ථාව මගින් ප්‍රචාරය වූ ධර්ම දෙශණාව.



ගම්පහ ඉඹුල්ගොඩ විජයවර්ධන ශ්‍රි මහා විහාරයේ පැවැත්වූ දෙශණා මාලාව

දෙශණා 01,දෙශණා 02 ,දෙශණා 03 ,දෙශණා 04,


දෙශණා 05  දෙශණා 06 ,දෙශණා 07 ,දෙශණා 08 


තලාව ජයගංගාරාම විහාරස්ථානයේ අගෝස්තු මස 30,31 දින පැවැත්වූ 

ධර්ම දෙශණා

දෙශණා 01,දෙශණා 02 ,දෙශණා 03 ,දෙශණා 04,දෙශණා 05

දෙශණා 06 ,දෙශණා 07 ,දෙශණා 08 


කැලණිය කිරිබත්ගොඩ  2016-08-28 දින පැවැත්වූ ධර්ම දෙශණා


දෙශණා 01  දෙශණා 02   දෙශණා 03



වැලිමඩ මොරගොල්ල ධර්ම ගවේශී ආර්ය්‍ය සදහම් සමිති ශාලාවේ
2016-08-25 දින පැවැත්වූ ධර්ම දෙශණා











2016 අගෝස්තු 13 දින ස්වදේශීය සේවයේ සිදු කල දේශණාව 



පිලියන්දල  ශ්‍රි  විද්‍යාශාන්ති විහාරස්ථානයේ භාවනා වැඩමුළුව​




Tuesday, August 9, 2016

ඔඝ සූත්‍රය


පානදුර  වැලිපිටිය විහරස්ථානයේ පැවැත්වූ ඔගතරන සුත්‍රය(2016-09-02)

දෙශණා -01    දෙශණා -02    දෙශණා -03



දෙශණා -01    දෙශණා -02    දෙශණා -03

(2016-08-07 මාළඹේ පැවැත්වූ ධර්ම දෙශණාව)


ඔඝතරණසුත්තං
එවං මෙ සුතං - එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො අඤ්ඤතරා දෙවතා අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණා කෙවලකප්පං ජෙතවනං ඔභාසෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතා ඛො සා දෙවතා භගවන්තං එතදවොච - ‘‘‘කථං නු ත්වං, මාරිස, ඔඝමතරී’ති? ‘අප්පතිට්ඨං ඛ්වාහං, ආවුසො, අනායූහං ඔඝමතරි’න්ති. ‘යථා කථං පන ත්වං, මාරිස, අප්පතිට්ඨං අනායූහං ඔඝමතරී’ති? ‘යදාඛ්වාහං, ආවුසො, සන්තිට්ඨාමි තදාස්සු සංසීදාමි ; යදාඛ්වාහං, ආවුසො, ආයූහාමි තදාස්සු නිබ්බුය්හාමි එවං ඛ්වාහං, ආවුසො, අප්පතිට්ඨං අනායූහං ඔඝමතරි’’’න්ති.
චිරස්සං වත පස්සාමි, බ්‍රාහ්මණං පරිනිබ්බුතං;
අප්පතිට්ඨං අනායූහං, තිණ්ණං ලොකෙ විසත්තික’’න්ති.
ඉදමවොච සා දෙවතා. සමනුඤ්ඤො සත්ථා අහොසි. අථ ඛො සා දෙවතා - ‘‘සමනුඤ්ඤො මෙ සත්ථා’’ති භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා තත්ථෙවන්තරධායීති.

ඔඝ සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඩු සිටානන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.එකල වනාහි එකතරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබලන ශරීර වර්‍ණය ඇත්තේ සියලු ජේතවනය බබුලුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේය.එකත්පසෙක සිටි ඒ දෙවිතෙම භාග්‍යවතුන් වහන්සේට ’’නිදුකානන් වහන්ස, කෙසේනම් ඔබ මහා ඔඝය පිහිනා ගොඩ වූවෝදැ’’ යි කීය.
ඇවැත්නි මම පිහිටාද නොසිට පැදීමද නොකොට පිහිනා එතර වූයෙමි.
නිදුකානනි ඔබ කෙසේනම් පිහිටාද නොසිට පැදීම්ද නොකොට මහා ඔඝය තරණය කළෝද ?
ඇවැත්නි යම්විටක මම පිහිටා සිටින්නෙම්ද එකල ගිලා බසින්නෙමි. ඇවැත්නි යම් කලෙක මම පදින්නෙම්ද එකල පාවී යන්නෙමි යි ඇවැත්නි මෙසේ වනාහි මම පිහිටා නොසිට නොපැද මහා ඔඝය එතෙර කළෙමි.
පිහිටා සිටීමත් නොකොට පැදීමත් නොකොට ලෝකයෙහි තන්හාව එතර කළාවූ එහෙයින්ම කෙලෙස් පිරිනිවීමෙන් පිරිනිවියාවූ බ්‍රාහ්මණයෙකු (පව් නැසූ කෙනෙකු) බොහෝ කලෙකින් පසු දැක්කෙමි යි
මෙසේ ඒ දෙවිතෙම කීය. ශාස්තෘන් වහන්සේ එය අනුමත කළසේක. එකල වනාහි ඒ දෙවිතෙම ශාස්තෘන් වහන්සේ මගේ වචනය අනුමත කළසේකැයි සතුටුව භාග්‍යවතුන්වහන්සේ වැඳ පැදකුනුකොට එහිම අතුරුදහන්විය.

www.medamawatha.blogspot.com  

Thursday, July 14, 2016

අවිජ්ජාපුරිමකොටි සූත්‍රය

2016-08-02 දින පානදුර වැලිපිටිය විහාරස්ථානයේ පැවැත්වූ දෙශණාව

දෙශණා -01

දෙශණා -02

දෙශණා -03

2016-07-31 සුගත දස්සිනාරාමය විහාරස්ථානයේදී පැවැත්වූ දෙශණාව



දෙශණා -01

දෙශණා -02

දෙශණා -03

2016-07-12 දින මාළඹේ සුසිලාරාමයේ  පැවැත්වූ ධර්ම දෙශණාව








අවිජ්ජාපුරිමකොටි සූත්‍රය (අවිජ්ජාසුත්තං)
මහණෙනි, ’මින් පෙර අවිද්‍යාව (නොදැනීම) නොවූයේය. නැවත පසුව පහළවූයේය’ යි අවිද්‍යාවගේ මුල් කෙළවර නොපෙනේ. මහණෙනි, එය මෙසේ කියනු ලැබේ. එසේද වුවත් මෙය ප්‍රත්‍යයක් කොට ඇත්තේයයි පෙනේ. මහණෙනි, මම අවිද්‍යාවද ආහාර සහිතයයි කියමි. ආහාර නැතැයි නොකියමි.
අවිද්‍යාවගේ ආහාරය කවරේද? එයට පංච නීවරණයෝයයි කිව යුතුය. මහණෙනි, මම නීවරණ පසද ආහාර සහිතයයි කියමි. ආහාර රහිතයයි නොකියමි. පඤ්ච නීවරණයණ්ට ආහාරය කවරේද, එයට ත්‍රිවිධ දුශ්චරිතයෝයයි කිව යුතුය. ආහාර සහිතවූ, ආහාර රහිත නොවූ, ත්‍රිවිධ දුශ්චරිතයන්ද කියමි. ත්‍රිවිධ දුශ්චරිතයන්ට ආහාරය කවරේද? එයට ඉන්‍ද්‍රිය අසංවරයයි කිව යුතුය.
මහණෙනි, මම ඉන්‍ද්‍රිය අසංවරයද ආහාර සහිතයයි කියමි. ආහාර රහිතයයි නොකියමි. ඉන්‍ද්‍රිය අසංවරයට ආහාරය කවරේද? සිහිය හා මනාව නොදැනීමයයි කිව යුතුය. මහණෙනි, මම සිහිය හා මනාව නොදැනීමද ආහාර සහිතයයි කියමි. ආහාර රහිතයයි නොකියමි. අසිහියට හෝ මනාව නොදැනීමට ආහාරය කවරේද? එය නුනුවණින් මෙනෙහි කිරීම යයි කිව යුතුය. මහණෙනි, මම නුනුවණින් මෙනෙහි කිරීමද ආහාර සහිතයයි කියමි. ආහාර රහිතයයි නොකියමි. නුනුවණින් මෙනෙහි කිරීමට ආහාරය කවරේද? එයට අශ්‍රද්‍ධාවයයි කිව යුතුය. මහණෙනි, මම අශ්‍රද්‍ධාවද ආහාර සහිතයයි කියමි. ආහාර රහිතයයි නොකියමි. අශ්‍රද්‍ධාවට ආහාරය කවරේද? එයට සද්ධර්‍ම නොවූ දේ ඇසීමයයි කිව යුතුය. මහණෙනි, මම සද්ධර්ම නොවූ දේ ඇසීම ආහාර සහිතයයි කියමි. ආහාර රහිතයයි නොකියමි. සද්ධර්ම නොවූ දේ ඇසීමට ආහාරය කවරේද? එයට අසත්පුරුෂ ආශ්‍රයයි කිව යුතුය.
මහණෙනි, මෙසේ අසත්පුරුෂාශ්‍රය සම්පූර්‍ණ කළ තැනැත්තා, සද්ධර්ම නොවූ දේ ඇසීම සම්පූර්‍ණ කරයි. සද්ධර්ම නොවූ දෙය පුරවන්නේ අශ්‍රද්‍ධාව පුරවයි. අශ්‍රද්‍ධාව පුරවන්නේ, නුනුවණින් මෙනෙහි කිරීම පුරවයි. නුනුවණින් මෙනෙහි කිරීම පුරවන්නේ, සිහිය හා මනාව නොදැනීම පුරවයි. සිහිය හා මනාව නොදැනීම පුරවන්නේ, ඉන්‍ද්‍රියයන්ගේ අසංවරය පුරවයි. ඉන්‍ද්‍රියයන්ගේ අසංවරය පුරවන්නේ, ත්‍රිවිධ දුශ්චරිත පුරවයි. ත්‍රිවිධ දුශ්චරිතය සම්පූර්‍ණ කළාහු, නීවරණ ධර්‍ම පස පුරවත්. නීවරණ ධර්‍ම පසේ සම්පූර්‍ණත්‍වයෙන් අවිද්‍යාව පුරවයි. මෙසේ මේ අවිද්‍යාවගේ ආහාරය මෙසේද සම්පූර්‍ණ වේ.
මහණෙනි, යම් සේ පර්‍වතයක් උඩ ලොකු වැහි බින්දු ඇති වර්‍ෂාවක් වස්නා කල්හි, වළාකුළු ගුගුරණ කල්හි, ඒ ජලය නිම්න කරා ගලා යන්නේ පර්‍වත, කඳුරු, ඇල, දොළ ශාඛා පුරවයි. පර්‍වත, කඳුරු, ඇල, දොළ ශාඛා පිරීමෙන් කුඩා වලවල් පුරවත්. කුඩා වලවල් පිරීමෙන් මහ වලවල් පුරවත්. මහ වලවල් පිරීමෙන් කුඩා ගංගා පුරවත්. කුඩා ගංගා පිරීමෙන් මහ ගංගා පිරෙත්ද, මහා ගංගා පිරීමෙන් මහා සමුද්‍රය සාගරය පුරවත්. මෙසේ මේ මහා සමුද්‍ර නම් සාගරයාගේ ආහාරය වේ. මෙසේ සම්පූර්‍ණවීම වේ.
මහණෙනි, එසේම අසත්පුරුෂ ආශ්‍රය සම්පූර්‍ණ කරන්නේ සද්ධර්ම නොවූ දෙය ඇසීම සම්පූර්‍ණ කරයි. සද්ධර්ම නොවූ දෙය ඇසීම පුරන්නේ, අශ්‍රද්‍ධාව පුරවයි. අශ්‍රද්‍ධාව පුරවන්නේ, නුනුවණින් මෙනෙහි කිරීම පුරවයි. නුනුවණින් මෙනෙහි කිරීම පුරවන්නේ, අසිහිය හා මනාව නොදැනීම පුරවයි. අසිහිය හා මනාව නොදැනීම පුරවන්නේ, ඉන්‍ද්‍රිය අංසවරය පුරවයි. ඉන්‍ද්‍රිය අංසවරය පුරවන්නේ, ත්‍රිවිධ දුශ්චරිත පුරවයි. ත්‍රිවිධ දුශ්චරිතය පුරවන්නේ, නීවරණ ධර්‍ම පස පුරවයි. නීවරණ ධර්‍ම පස පුරවන්නේ, නොදැනීම පුරවයි. මෙසේ මේ අවිද්‍යාවගේ ආහාරය වේ. මෙසේද පිරෙන්නේ වේ.
මහණෙනි, මම විද්‍යාවන් නිසා ලබන විමුක්තියද ආහාර සහිතයයි කියමි. ආහාර රහිතයයි නොකියමි. විද්‍යාවන්ගෙන් ලබන නිදහසට ආහාරය කවරේද? බොධියෙහි අංගසතබොජ්ඣඞ්ගයයි කියමි. මහණෙනි, මම බොධියෙහි අංග සතද ආහාර සහිතයයි කියමි. ආහාර රහිතයයි නොකියමි. බෝධියෙහි අංග සතට ආහාරය කවරේද? සතර සතිපට්ඨානයයි කිව යුතුය. මහණෙනි, මම සතර සතිපට්ඨානයද ආහාර සහිතයයි කියමි. ආහාර රහිතයයි නොකියමි. සතර සතිපට්ඨානයන්ට ආහාරය කවරේද? සුචරිත තුනයයි කිව යුතුය. මහණෙනි, මම සුචරිත තුනද ආහාර සහිතයයි කියමි. ආහාර රහිතයයි නොකියමි. ත්‍රිවිධ සුචරිතයන්ගේ ආහාරය කවරේද? ඉන්‍ද්‍රිය සංවරයයි කිව යුතුය. මහණෙනි, මම ඉන්‍ද්‍රිය සංවරයද ආහාර සහිතයයි කියමි. ආහාර රහිතයයි නොකියමි. ඉන්‍ද්‍රිය සංවරයට ආහාරය කවරේද? සිහිය හා මනාව දැනීමයයි කිව යුතුය. මහණෙනි, මම සිහිය හා මනාව දැනීමද ආහාර සහිතයයි කියමි. ආහාර රහිතයයි නොකියමි. සිහියට හා මනාව දැනීමට ආහාරය කවරේද? නුවණින් මෙනෙහි කිරීමයයි කිවයුතුය. මහණෙනි, මම නුවණින් මෙනෙහි කිරීමද ආහාර සහිතයයි කියමි. ආහාර රහිතයයි නොකියමි. නුවණින් මෙනෙහි කිරීමට ආහාරය කවරේද? ශ්‍රද්‍ධාවයයි කිව යුතුය. මහණෙනි, මම ශ්‍රද්‍ධාවද ආහාර සහිතයයි කියමි. ආහාර රහිතයයි නොකියමි. ශ්‍රද්‍ධාවට ආහාරය කවරේද? සද්‍ධර්‍ම ශ්‍රවණයයි කිව යුතුය. මහණෙනි, මම සද්‍ධර්‍ම ශ්‍රවණයද ආහාර සහිතයයි කියමි. ආහාර රහිතයයි නොකියමි. සද්‍ධර්‍ම ශ්‍රවණයට ආහාරය කවරේද? සත්පුරුෂ ආශ්‍රයයි කිව යුතුය.
මහණෙනි, මෙසේ සත්පුරුෂාශ්‍රය පුරන්නේ සද්‍ධර්‍ම ශ්‍රවණය පුරයි. සද්‍ධර්‍ම ශ්‍රවණය පුරන්නේ ශ්‍රද්‍ධාව පුරයි. ශ්‍රද්‍ධාව පිරීමෙන්, නුවණින් මෙනෙහි කිරීම පුරයි. නුවණින් මෙනෙහි කිරීම පුරන්නේ, සිහිය හා මනාව දැනීම පුරයි. සිහිය හා මනාව දැනීම පුරන්නේ, ඉන්ද්‍රිය සංවරය පුරයි. ඉන්ද්‍රිය සංවරය පුරන්නේ ත්‍රිවිධ සුචරිතය පුරයි. ත්‍රිවිධ සුචරිත පිරුනාහු සතර සතිපට්ඨානයන් පුරත්. සතර සතිපට්ඨානයන් පිරීමෙන් බොධියෙහි අංග සත පුරයි. බොධියෙහි අංග සත පිරීමෙන් විද්‍යාවන් කරණකොට මිදීම පුරයි. මෙසේ මේ විද්‍යාවන් කරණකොට මිදීමට ආහාරය වේ. මෙසේද සම්පූර්‍ණවේ.
මහණෙනි, යම් සේ පර්‍වතයක් උඩ ලොකු වැහි බින්දු ඇති වර්‍ෂාවක් වස්නා කල්හි, වළාකුළු ගුගුරණ කල්හි, ඒ ජලය නිම්න කරා ගලා යන්නේ පර්‍වත, කඳුරු, ඇල, දොළ ශාඛා පුරවයි. පර්‍වත, කඳුරු, ඇල, දොළ ශාඛා පිරීමෙන් කුඩා වලවල් පුරවත්. කුඩා වලවල් පිරීමෙන් මහ වලවල් පුරවත්. මහ වලවල් පිරීමෙන් කුඩා ගංගා පුරවත්. කුඩා ගංගා පිරීමෙන් මහ ගංගා පිරෙත්ද, මහා ගංගා පිරීමෙන් මහා සමුද්‍රය සාගරය පුරවත්. මෙසේ මේ මහා සමුද්‍ර නම් සාගරයාගේ ආහාරය වේ. මෙසේ සම්පූර්‍ණවීම වේ.
මහණෙනි, මෙසේ සත්පුරුෂාශ්‍රය පුරන්නේ සද්‍ධර්‍ම ශ්‍රවණය පුරයි. සද්‍ධර්‍ම ශ්‍රවණය පුරන්නේ ශ්‍රද්‍ධාව පුරයි. ශ්‍රද්‍ධාව පිරීමෙන්, නුවණින් මෙනෙහි කිරීම පුරයි. නුවණින් මෙනෙහි කිරීම පුරන්නේ, සිහිය හා මනාව දැනීම පුරයි. සිහිය හා මනාව දැනීම පුරන්නේ, ඉන්ද්‍රිය සංවරය පුරයි. ඉන්ද්‍රිය සංවරය පුරන්නේ ත්‍රිවිධ සුචරිතය පුරයි. ත්‍රිවිධ සුචරිත පිරුනාහු සතර සතිපට්ඨානයන් පුරත්. සතර සතිපට්ඨානයන් පිරීමෙන් බොධියෙහි අංග සත පුරයි. බොධියෙහි අංග සත පිරීමෙන් විද්‍යාවන් කරණකොට මිදීම පුරයි. මෙසේ මේ විද්‍යාවන් කරණකොට මිදීමට ආහාරය වේ. මෙසේද සම්පූර්‍ණවේ.

(අඞ්‌ගුත්‌තර නිකාය - දසක නිපාතය - යමක වර්ගය )

Friday, June 24, 2016

සාලාගාම සූත්‍රය හා සකුණග්ඝී සූත්‍රය


2016-07-05 දින පානදුර වැලිපිටිය විහාරස්ථානයේ අරියවංස සම්බන්දව සිදුකල දෙශණා.





2016-06-26 දින හැව්ලොක් ටවුමේ සුගතදස්සිනාරාමයේ පැවැත්වූ දෙශණාව.




2016-06-14 දින මාළඹේ සුසිලාරාමයේ  පැවැත්වූ ධර්ම දෙශණාව






සාලාගාම සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ කොසොල් රට සාලා නම් බ්‍රාහ්මණ ගමෙහි වාසය කරන සේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට ආමන්ත්‍රණය කොට මෙසේ වදාළහ. “මහණෙනි, අලුත පැවිදිවූ අලුත මේ ශාසනයට ඇතුළත්වූ යම් ඒ නවක භික්ෂූහු වෙත්ද, මහණෙනි, තෙපි ඔවුන් සතර සතිපට්ඨානයන් වඩනු පිණිස සමාදන් කරවිය යුතුය. එහි ඇතුළත් කරවිය යුතුය. පිහිටුවිය යුතුය.
“කවර සතරක්ද යත්? ඇවැත්නි, තෙපි එව් කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිතේ එකඟකමින් යුක්තව පැහැදුණු සිත් ඇතිව සමාහිතව එකඟ සිත් ඇතිව ඇති සැටියෙන් කය අවබොධ කරනු පිණිස කයෙහි කය නැවත නැවත බලමින් වාසය කරව්.
“කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිතේ එකඟකමින් යුක්තව පැහැදුනු සිත් ඇතිව සමාහිතව එකඟ සිත් ඇතිව වේදනාවන් ඇති සැටියෙන් අවබෝධ කරනු පිණිස වේදනාවන්හි වේදනා නැවත නැවත බලමින් වාසය කරව්.
“කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිතේ එකඟකමින් යුක්තව පැහැදුණු සිත් ඇතිව සමාහිතව එකඟ සිත් ඇතිව චිත්තයන් ඇති සැටියෙන් අවබොධ කරනු පිණිස චිත්තයන්හි චිත්තයන් නැවත නැවත බලමින් වාසය කරව්.
“කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිතේ එකඟකමින් යුක්තව පැහැදුනු සිත් ඇතිව සමාහිතව එකඟ සිත් ඇතිව ධර්මයන් ඇති සැටියෙන් අවබොධ කරනු පිණිස ධර්මයන්හි ධර්මය නැවත නැවත බලමින් වාසය කරව්.
 “මහණෙනි, රහත් බවට නොපැමිණියාවූ නිරුත්තර නිර්වාණය බලාපොරොත්තු වන්නාවූ යම් ඒ ශෛක්ෂ භික්ෂූහු වෙත්ද ඔව්හුද වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිතේ එකඟකමින් යුක්තව පැහැදුනු සිත් ඇතිව සමාහිතව එකඟ සිත් ඇතිව කය පිරිසිඳ දැනගැනීම පිණිස කයෙහි කය නැවත නැවත බලමින් වාසය කරත්......................................
 “මහණෙනි, ආශ්‍රවයන් ක්ෂය කළාවූ වැස නිමවන ලද බ්‍රහ්මචර්යා ඇත්තාවූ අවසාන කළ කටයුතු ඇත්තාවූ බහා තැබූ ස්කන්ධ බර ඇත්තාවූ තමාගේ අර්ථයට පැමිණියාවූ ක්ෂය කළ භව බැඳුම් ඇත්තාවූ මනාව දැනගත්තාවූ කෙලෙසුන් කෙරෙන් මිදුණාවූ රහත් භික්ෂූහු වෙත්ද, ඔව්හුද වීර්‍ය්‍යයෙන් යුක්තව
නුවණින් යුක්තව සිතේ එකඟකමින් යුක්තව පැහැදුනු සිත් ඇතිව සමාහිතව එකඟ සිත් ඇතිව කය හා බැඳීමෙන් වෙන්ව කයෙහි කය නැවත නැවත බලමින් වාසය කරත්......................................
 (සංයුත්තනිකාය- සතිපට්ඨානසංයුත්තය- අම්බපාලිවග්ගය)


සකුණග්ඝී සූත්‍රය
 “මහණෙනි, පෙර වූ දෙයක් කියමි. උකුස්සෙක් වේගයෙන් බැස කැටකුරුල්ලෙකු හදිසියෙන් අල්වාගත්තේය. මහණෙනි, ඉක්බිති උකුස්සා විසින් ඩැහැගෙන යනු ලබන්නාවූ කැට කුරුල්ලා මෙසේ කියමින් හැඬීය. කෙසේද? ‘අපිම කාලකණ්ණි වෙමු. අපිම අඩු පින් ඇත්තෝ වෙමු. ඒ අපි විසීමට නුසුදුසුවූ අනුන්ට අයත්වූ ස්ථානයක විසුවෙමු. ඉදින් අපි සිය පරපුරෙන් ආ තමහට අයත් වාසස්ථානයෙහි විසුවෙමු නම් මේ උකුසුතෙම (මා සමග කරන) යුද්ධයට සමර්ථ නොවේ’ යනුය.
(මෙසේ කී කල්හි) උකුසුතෙම ‘කැටකුරුල්ලා, තගේ පිය පරපුරෙන් ආ තට අයත් වාසස්ථානය නම් කවරේදැයි’ ඇසීය.‘නගුලෙන් සාන ලද කැට ස්ථානයයි!’ හේ කීය.“මහණෙනි, ඉක්බිති උකුස්සා ස්වකීය බලයෙහි දැඩිව සිට ස්වකීය බලය ප්‍රකාශ කරමින් ‘කැට කුරුල්ල එසේ නම් පල එහිදීද තෝ (මගෙන්) නොගැලවෙන්නෙහියයි’ කියා කැටකුරුල්ලා අතහැරියේය.“ඉක්බිති කැට කුරුල්ලා නඟුලෙන් සාන ලද කැට ඇති තැනකට ගොස් ලොකු කැටයක් උඩට නැඟී උකුස්සාට ‘දැන් ඉතින් වර’යයි කියමින් සිටියේය.
ඉක්බිති උකුස්සා ස්වකීය බලයෙහි පිහිටා ස්වකීය බලය ප්‍රකාශ කරමින් යුද්ධයට ඊතලය මෙන් අත්තටු හදා ක්ෂණයකින් කැට කුරුල්ලා වෙත පාත්විය. කැට කුරුල්ලා උකුස්සා තමහට ඉතාම ළංවන අවස්ථාව යම් විටෙක දැන ගත්තේද එකෙණෙහිම එම සී කැටයේ ඇතුල් පැත්තට රිංගා ගත්තේය. මහණෙනි, ඉක්බිති උකුස්සා එහිම ළය පැළී මළේය. මහණෙනි, යමෙක් තමහට නුසුදුසු ස්ථානයෙහි හැසිරේනම් මෙසේ වන්නේය.
මහණෙනි, එහෙයින් අනුන්ට අයත්වූ නුසුදුසු ස්ථානයන්හි නොවසව්. අනුන්ට අයත් තන්හි වසන්නහු පිළිබඳව මාරයා ඉඩ ලබන්නේය. මාරයා කරුණු ලබන්නේය. මහණෙනි, භික්ෂුවට නුසුදුසු ස්ථානය නම් කුමක්ද? මේ කාමගුණ පස වෙති.
කවර පසක්ද? ඇසින් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මන වඩන්නාවූ ප්‍රිය ස්වභාවය ඇත්තාවූ ඇලීම පිණිස පවත්නාවූ ඇලිය යුතුවූ යම් රූපයෝ වෙත්ද,කනින් ..........,නැහැයෙන්  ..........,දිවෙන්  .........., “කයින්  ..........,මහණෙනි, මේ වනාහි භික්ෂුවට නුසුදුසුවූ අනුන්ට අයත් වාසස්ථානය වෙයි.
“මහණෙනි, තම පිය පරපුරෙන් එන ස්වකීය වාසස්ථානයෙහි වාසය කරව. මහණෙනි, තම පිය පරපුරෙන් එන ස්වකීය වාසස්ථානයෙහි වසන්නහු පිළිබඳව මාරයා ඉඩක් නොලබන්නේය. මාරයා කරුණක් නොලබන්නේය.
“මහණෙනි, සිය පිය පරපුරෙන් එන ස්වකීය වාසස්ථානය නම් කවරේද? මේ සතර සතිපට්ඨානයෝයි. කවර සතරක්ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිතේ එකඟකමින් යුක්තව පැහැදුනු සිත් ඇතිව සමාහිතව එකඟ සිත් ඇතිව කයෙහි කය පිරිසිඳ දැනගැනීම පිණිස කයෙහි කය නැවත බලමින් වාසය කරන්නේය. වෙදනාවන්හි වේදනා නැවත නැවත…………
චිත්තයන්හි චිත්තයන් නැවත නැවත………….,
 මහණෙනි, මේ භික්ෂුවගේ සිය පරපුරෙන් එය ස්වකීය වාසස්ථානය වෙයි.

www.medamawatha.blogspot.com