නිබ්බෙධික
පරියාය සූත්‍රය
මහණෙනි, නුබලාට
තියුණු අවබෝධයක් ඇතිකර ගැනීමට හේතුවන ධර්ම ක්‍රමය දේශනා කරන්නෙමි. එය අසව්. මනාකොට
සිහි කරව්. දේශනා කරන්නෙමි ’’එසේය, ස්වාමීනි.’’ යි ඒ භික්‍ෂූහු
භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.මහණෙනි, තියුණු
අවබෝධයක් ඇතිකර ගැනීමට හේතුවන ඒ ධර්ම ක්‍රමය කවරේද?
01.මහණෙනි, කාමයෝ
දතයුතුය. කාමයන් ඇතිවීමේ හේතුව දතයුතුය. කාමයන්ගේ වෙනස දතයුතුය. කාමයන්ගේ විපාකය
දතයුතුය. කාමයන් නැතිවීම හෝ නැති තැන දත යුතුය. කාමයන් නැතිකිරිමට ගමන් කරණ මාර්ගය
දත යුතුය.’’ යි මෙසේ දේශනා කරණ ලදී.
’’මෙය කුමක්
නිසා දේශනා කරණ ලද්දේද? මහණෙනි, කාම ගුණයෝ
පසක් වෙති. යහපත්වූ, ප්‍රියවූ, සිත්
අලවන්නාවූ, මනා දැකුම් ඇති, මනා රූ
ඇති,
කාමයන්
ඇතිකරවන්නාවූ, ඇසින් හැඳින ගන්නා රූපයෝද, කණින්
හැඳිනගන්නා ශබ්දයෝද, නාසයෙන් හැඳිනගන්නාවූ සුවඳද. දිවෙන්
හැඳිනගන්නාවූ රසයෝද, කයින් හැඳිනගන්නාවූ ස්පර්‍ශයෝද වෙති. එසේ නමුදු
මේ කාමයෝ නොවෙති. මොවුහු කාම ගුණයෝයි ආර්‍ය්‍ය විනයෙහි කියත්.
’’පුරුෂයාගේ
කල්පනා වශයෙන් උපන්නාවූ රාගය තෙම කාම නම් වේ. ලෝකයෙහි යම් විසිතුරු අරමුණු ඇද්ද, මොවුහු
කාමයෝ නොවෙත්. ලෝකයෙහි එසේම විසිතුරු අරමුණු ඇත්තාහ. එසේ වුවත් මේ ලෝකයෙහි
නුවණැත්තෝ කාමාශාව දුරු කරත්. හික්මවත්.’’
’’මහණෙනි, කාමයන්ගේ
නිදාන (මුල් කාරණය) ඇතිවීම කෙසේද? ස්පර්‍ශය මහණෙනි, කාමයන්ගේ
නිදාන ඇතිවීමයි.
’’මහණෙනි, කාමයන්ගේ
වෙනස කෙසේද? මහණෙනි, රූපය
කාමයෙහි අන්‍යය. ශබ්දයෙහි කාමය අන්‍යය. ගඳ සුවඳෙහි කාමය අන්‍යය. රසයෙහි කාමය අන්‍යය.
ස්පර්‍ශයෙහි කාමය අන්‍යය. මහණෙනි, මේ වනාහි කාමයන්ගේ වෙනස් බවයි.
’’මහණෙනි, කාමයන්ගේ
විපාකය කවරේද? මහණෙනි, යමක්
කැමතිවනු ලබන්නේ, පින් පක්‍ෂයෙහිවූ හෝ, පව් පක්‍ෂයෙහිවූ
හෝ,
එයින්
උපදනා ආත්ම භාවය උපදවයි. මහණෙනි, කාමයන්ගේ විපාකය මේ යයි කියනු ලැබේ.
’’මහණෙනි, කාමයන්ගේ
නැතිකිරීම කෙසේද? මහණෙනි, ස්පර්‍ශය
නැතිකිරීම කාමය නැතිකිරීම වේ. මෙයම ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයයි. කාමය නැතිකිරීමේ
පිළිවෙතයි. ඒ කෙසේදයත්? නිවැරදි දැකීමයි. නිවැරදි අදහසයි. නිවැරදි
වචනයයි. නිවැරදි කර්මාන්තයයි. නිවැරදි ජීවිකාවයි. නිවැරදි ව්‍යායාමයයි. නිවැරදි
සිහියයි. නිවැරදි සිත එකඟ කමයි.
’’මහණෙනි, යම් විටක
මෙයින් වනාහි ආර්යශ්‍රාවකතෙම මෙසේ කාමයන් මනාව දනීද, මෙසේ
කාමයන්ගේ නිදාන ඇතිවීම දනීද, මෙසේ කාමයන්ගේ වෙනස් බව මනාව දනීද. මෙසේ
කාමයන්ගේ විපාකය දනීද, මෙසේ කාමයන් නැතිකිරීම දනීද, මෙසේ
කාමයන්ගේ නැතිකිරීමට යවන පිළිවෙත දනීද. හෙතෙම මේ කාමයන් නැති කිරීමවූ, තියුණු
අවබෝධය වූ, බඹසර දනී.
’’මහණෙනි, කාමය
දතයුතුය. කාමය ඇතිවීමේ හේතුව දතයුතුය. කාමයන්ගේ වෙනස දතයුතුයි. කාමයන්ගේ විපාකය
දතයුතුය. කාමයන් නැතිවීම හෝ නැති තැන දත යුතුය. කාමයන් නැතිකිරිමට ගමන් කරණ ප්‍රතිපදාව
දත යුතුය.
02.මහණෙනි, වේදනාව
දතයුතුය. වේදනාව ඇතිවීමේ හේතුව දතයුතුය. වේදනාවන්ගේ වෙනස දතයුතුය. වේදනාවගේ විපාකය
දතයුතුය. වේදනාවන් නැතිවීම හෝ නැති තැන දත යුතුය. වේදනා දතයුතුය. වේදනාව නැතිකරණ
පිළිවෙත දතයුතුයයි මේ කාරණය වනාහි කියන ලදද, මෙය කුමක්
සඳහා කියන ලදද?
.මහණෙනි, මේ වේදනාව
තුන් වැදෑරුම්ය. සැප විඳීමය, දුක් විඳීමය, සැප නොවූ
දුක් නොවූ විඳීමය (කියායි.)
’’මහණෙනි,වේදනාවන්ගේ
නිදාන ඇතිවීම කෙසේද? මහණෙනි, ස්පර්‍ශය
වේදනාවන්ගේ නිදාන ඇතිවීමයි. මහණෙනි, වේදනාවන්ගේ වෙනස කෙසේද? මහණෙනි, ගොදුරු
සහිතවූ සැපවූ විඳීමක් ඇත. ගොදුරු රහිතවූ සැපවූ විඳීමක් ඇත. ගොදුරු සහිතවූ දුක්වූ
විඳීමක් ඇත. ගොදුරු රහිතවූ දුක්වූ විඳීමක් ඇත. ගොදුරු සහිතවූ දුක් නොවූ සැප නොවූ
විඳීමක් ඇත. ගොදුරු රහිතවූ දුක් නොවූ සැප නොවූ විඳීමක් ඇත. මහණෙනි, මේ වනාහි
වේදනාවන්ගේ වෙනස් බවයි.
’’මහණෙනි, වේදනාවන්ගේ
විපාකය කවරේද? මහණෙනි, යමක්
විඳිනු ලබන්නේ පින් පක්‍ෂයෙහිවූ හෝ, පව් පක්‍ෂයෙහිවූ හෝ, එයින්
(වේදනාවෙන්) උපදනා ආත්මභාවය උපදවයි. මහණෙනි, වේදනාවන්ගේ
විපාකය මේයයි කියනු ලැබේ.
’’මහණෙනි, වේදනාවන්ගේ
නැතිකිරීම කවරේද? මහණෙනි, ස්පර්‍ශයේ
නැතිකිරීම වේදනාවගේ නැතිකිරීම වේ. මෙයම ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්‍ගයයි. වේදනාව
නැතිකිරීමේ පිළිවෙතයි. ඒ කෙසේද යත්, නිවැරදි දැකීමයි. නිවැරදි අදහසයි. නිවැරදි
වචනයයි. නිවැරදි කර්මාන්තයයි. නිවැරදි ජීවිකාවයි. නිවැරදි ව්‍යායාමයයි. නිවැරදි
සිහියයි. නිවැරදි සිත එකඟ කමයි.
’’මහණෙනි, යම් (බඳු)
මෙයින් වනාහි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙමේ මෙසේ වේදනාව දනීද. මෙසේ වේදනාව ඇතිවීම දනීද, මෙසේ
වේදනාවන්ගේ වෙනස දනීද. මෙසේ වේදනාවන්ගේ විපාකය දනීද, මෙසේ
වේදනාවන්ගේ නැතිකිරීම දනීද, මෙසේ වේදනාව නැතිකිරීමට යවන පිළිවෙත දනීද, හෙතෙම මේ
වේදනාව නැතිකිරීමවූ තියුණු අවබෝධයවූ, බඹසර දනී. ’’මහණෙනි, වේදනාව
දතයුතුය. වේදනාව ඇතිවීමේ හේතුව දතයුතුය. වේදනාවන්ගේ වෙනස දතයුතුය. වේදනාවගේ විපාකය
දතයුතුය. වේදනාවන් නැතිවීම හෝ නැති තැන දත යුතුය. වේදනා දතයුතුය. වේදනාව නැතිකරණ
පිළිවෙත දතයුතුයයි මේ කාරණය වනාහි කියන ලදද,
03.මහණෙනි, සංඥාව (හැඟීම)
දතයුතුය. සංඥාව ඇතිවීමේ හේතුව දතයුතුය. සංඥාවේ විපාකය දතයුතුය. සංඥාව නැතිවීම දත
යුතුය. සංඥා නැතිකරණ පිළිවෙත දතයුතුයයි යම් මේ කාරණයක් කියනලදද, මෙය කුමක්
සඳහා කියන ලදද?
’’මහණෙනි, මේ හැඟීම්
සයෙකි. රූපයේ හැඟීමද, ශබ්දයේ හැඟීමද, ගඳ
සුවඳෙහි හැඟීමද, රසයෙහි හැඟීමද, ස්පර්‍ශයෙහි
හැඟීමද, ධර්‍මයෙහි හැඟීමද, (කියාය.)
’’මහණෙනි, සංඥාවන්ගේ
නිදාන ඇතිවීම කෙසේද? මහණෙනි, ස්පර්‍ශය
හැඟීම්වල නිදාන ඇතිවීමයි. මහණෙනි, සංඥාවන්ගේ වෙනස කෙසේද? මහණෙනි, රූපයෙහි
සංඥාව අන්‍යය. ශබ්දයෙහි සංඥාව අන්‍යය. ගඳ-සුවඳෙහි සංඥාව අන්‍යය. රසයෙහි සංඥාව අන්‍යය.
ස්පර්‍ශයෙහි සංඥාව අන්‍යය. ධර්මයෙහි සංඥාව අන්‍යය. මහණෙනි, මේ වනාහි
සංඥාවන්ගේ වෙනසයි.
’’මහණෙනි, සංඥාවන්ගේ
විපාකය කෙසේද? මහණෙනි, යම් යම්
පරිද්දකින් එය හඳුනාද, ඒ ඒ පරිද්දෙන් ව්‍යවහාර කෙරෙයි. මෙසේ සංඥා ඇත්තේ
වීමියි ව්‍යවහාරයෙන් පැසුණු මම සංඥාව කියමි. මහණෙනි, මේ වනාහි
සංඥාවන්ගේ විපාකයයි.
’’මහණෙනි, සංඥාවන්ගේ
නැතිකිරීම කෙසේද? මහණෙනි, ස්පර්‍ශය
නැතිකිරීම සංඥාවන්ගේ නැතිකිරීමයි. මෙයම ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්‍ගයයි. සංඥාවන්
නැතිකිරීමේ පිළිවෙතයි. ඒ කෙසේද යත්? නිවැරදි දැකීමයි. නිවැරදි අදහසයි. නිවැරදි
වචනයයි. නිවැරදි කර්මාන්තයයි. නිවැරදි ජීවිකාවයි. නිවැරදි ව්‍යායාමයයි. නිවැරදි
සිහියයි. නිවැරදි සිත එකඟ කමයි. මහණෙනි, යම්බඳු මෙයින් වනාහි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම මෙසේ
සංඥාව දනීද, මෙසේ සංඥාවන්ගේ නිදාන ඇතිවීම දනීද, මෙසේ
සංඥාවන්ගේ වෙනස දනීද, මෙසේ වේදනාවන්ගේ විපාකය දනීද, මෙසේ වේදනාවන්ගේ
නැති කිරීම දනීද, මෙසේ සංඥාව නැතිකරණ පිළිවෙත දනීද, හෙතෙම මේ
සංඥාවන් නැතිකිරීමවූ, තියුණු අවබෝධයවූ, බඹසර දනී.
මහණෙනි, සංඥාව (හැඟීම) දතයුතුය. සංඥාව ඇතිවීමේ හේතුව
දතයුතුය. සංඥාවේ විපාකය දතයුතුය. සංඥාව නැතිවීම දත යුතුය. සංඥා නැතිකරණ පිළිවෙත
දතයුතුයයි යම් මේ කාරණයක් කියනලදද, මෙය ඒ සඳහාම කියන ලදී.
04.මහණෙනි, ආශ්‍රවයෝ
(කෙලෙස්) දතයුතුය. ආශ්‍රවයන් ඇතිවීමේ හේතුව දතයුතුය. ආශ්‍රවයන්ගේ විපාකය දතයුතුය.
ආශ්‍රවයන් නැතිකිරීම දතයුතුය. ආශ්‍රවයන් නැතිකරණ පිළිවෙත දතයුතුය. මෙය කියන ලදද, එය කුමක්
සඳහා කියන ලදද?
’’මහණෙනි, ආශ්‍රවයෝ
තුනෙකි. කාමාශ්‍රවය, භවාශ්‍රවය, අවිජ්ජාශ්‍රවය
(කියා) ය. මහණෙනි, ආශ්‍රවයන්ගේ නිදානය ඇතිවීම කෙසේද? මහණෙනි, අවිද්‍යාව
(නොදැනීම) ආශ්‍රවයන්ගේ නිදානය ඇතිවීමයි. මහණෙනි, ආශ්‍රවයන්ගේ
වෙනස කෙසේද? මහණෙනි, නිරයට යවන
ආශ්‍රවයෝ ඇත. තිරිසන් ජාතියට යවන ආශ්‍රවයෝ ඇත. ප්‍රේත ලෝකයට යවන ආශ්‍රවයෝ ඇත.
මිනිස් ලොවට යවන ආශ්‍රවයෝ ඇත. දෙව්ලොවට යවන ආශ්‍රවයෝ ඇත. මහණෙනි, මෙය වනාහි
ආශ්‍රවයන්ගේ වෙනස යයි කියනු ලැබේ.
’’මහණෙනි, ආශ්‍රවයන්ගේ
විපාකය කවරේද? මහණෙනි, යමක්
නොදැනීමට පත්වූයේ, පින් පක්‍ෂයෙහිවූ හෝ, පව් පක්‍ෂයෙහිවූ
හෝ,
ඉන්
උපදනා ආත්මභාවය උපදවයි. මහණෙනි, ආශ්‍රවයන්ගේ විපාකය මේයයි කියනු ලැබේ.
’’මහණෙනි, ආශ්‍රවයන්ගේ
නැතිකිරීම කවරේද? මහණෙනි, අවිද්‍යාව
නැතිකිරීම, ආශ්‍රවයන් නැතිකිරීමයි. මේ ආර්‍ය්‍ය අෂ්ටාංගික
මාර්‍ගයයි. ආශ්‍රවයන් නැතිකරණ පිළවෙතයි. ඒ කෙසේද යත්? නිවැරදි
දැකීමයි. නිවැරදි අදහසයි. නිවැරදි වචනයයි. නිවැරදි කර්මාන්තයයි. නිවැරදි
ජීවිකාවයි. නිවැරදි ව්‍යායාමයයි. නිවැරදි සිහියයි. නිවැරදි සිත එකඟ කමයි. මහණෙනි, යම් (බඳු)
මෙයින් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙමේ මෙසේ ආශ්‍රවයන් දනී. මෙසේ ආශ්‍රවයන්ගේ නිදානය ඇතිවීම
දනී. මෙසේ ආශ්‍රවයන්ගේ වෙනස දනී. මෙසේ ආශ්‍රවයන්ගේ විපාකය දනී. මෙසේ ආශ්‍රවයන්ගේ
නැතිකිරීම දනී. මෙසේ ආශ්‍රවයන් නැතිකරණ පිළිවෙත දනී. හෙතෙම මේ ආශ්‍රවයන්ගේ
නැතිකිරීමවූ තියුණු අවබෝධයවූ බඹසර දනී.
05. මහණෙනි, කර්‍මය
දතයුතුය කර්‍මය ඇතිවීමේ හේතුව දතයුතුය. කර්‍මයන්ගේ විපාකය දතයුතුය. කර්‍මයන්
නැතිකිරීම දතයුතුය. කර්‍මය නැතිකරණ පිළිවෙත දතයුතුයයි. මෙය කියන ලදද, මෙය කුමක්
සඳහා කියන ලදද?
’’මහණෙනි, සිතීම
කර්මය යයි මම කියමි. සිතා කයින් හෝ, වචනයෙන් හෝ, සිතින් හෝ
කර්මය කරයි. මහණෙනි, කර්මයන්ගේ නිදානය ඇතිවීම කෙසේද? මහණෙනි, ස්පර්‍ශය
කර්මයන්ගේ නිදානය ඇතිවීමයි. මහණෙනි, කර්මයන්ගේ වෙනස කෙසේද? මහණෙනි, නිරයෙහි
විඳියයුතු කර්මයක් ඇත. තිරිසන් ජාතියෙහි විඳියයුතු කර්මයක් ඇත. ප්‍රෙත ලෝකයේ
විඳියයුතු කර්මයක් ඇත. මිනිස් ලොව විඳියයුතු කර්මයක් ඇත. දෙව්ලොව විඳියයුතු
කර්මයක් ඇත. මහණෙනි, මේ වනාහි කර්මයන්ගේ වෙනසයයි කියනු ලැබේ. මහණෙනි, කර්මයන්ගේ
විපාකය කවරේද? මහණෙනි, කර්මයන්ගේ
විපාකය ත්‍රිවිධයයි කියමි. මේ ලෝකයෙහි හෝ, ඊළඟ
ආත්මයෙහි හෝ භවයෙන් භවයෙහි හෝ (කියා)ය. මහණෙනි, මේ වනාහි
කර්මයන්ගේ විපාකයයි කියනු ලැබේ.
’’මහණෙනි, කර්මයන්
නැතිකිරීම කෙසේද? මහණෙනි, ස්පර්‍ශයන්ගේ
නැතිකිරීම කර්‍මයන්ගේ නැතිකිරීමයි. මෙයම ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්‍ගයයි. කර්‍මය
නැතිකරණ පිළවෙතයි. ඒ කෙසේද යත්? නිවැරදි දැකීමයි. නිවැරදි අදහසයි. නිවැරදි
වචනයයි. නිවැරදි කර්මාන්තයයි. නිවැරදි ජීවිකාවයි. නිවැරදි ව්‍යායාමයයි. නිවැරදි
සිහියයි. නිවැරදි සිත එකඟ කමයි. මහණෙනි, යම් (බඳු) මෙයින් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙමේ මෙසේ
කර්‍මය දනීද. මෙසේ කර්‍මයන්ගේ නිදානය ඇතිවීම දනීද. මෙසේ කර්‍මයන්ගේ වෙනස දනීද. කර්‍මයන්ගේ
විපාකය, කර්‍මයන්ගේ නැතිකිරීම, කර්‍මයන්
නැතිකරණ පිළිවෙත දනීද. හෙතෙමේ කර්‍මයන් නැතිකිරීමවූ තියුණු අවබෝධ ඇති බඹසර දනී.
06. මහණෙනි, දුක දත
යුතුය. දුකෙහි නිදානය ඇතිවීම දතයුතුය. දුකෙහි වෙනස දතයුතුය. දුකෙහි විපාකය
දතයුතුය. දුකෙහි නැතිකිරීම දතයුතුය. දුක නැතිකරණ පිළිවෙත දතයුතුයයි, මෙය කියන
ලදද,
මෙය
කුමක් සඳහා කියන ලදද?
’’ඉපදීමද
දුක්ය. දිරාපත්වීමද දුක්ය. ලෙඩද දුක්ය. මරණයද දුක්ය. ශොකය. වැලපීම. දුක, දොම්නස, සිත්
තැවුලද දුක්ය. කැමති යමක් නොලැබේද, එයද දුක්ය. කෙටි වශයෙන්, දැඩි
ගැනීම් ඇති, පස් කොටස දුක්ය. මහණෙනි, දුකෙහි
නිදානය ඇතිවීම කෙසේද? මහණෙනි, තෘෂ්ණාව
දුකෙහි නිදානය ඇතිවීමයි. මහණෙනි, දුකෙහි වෙනස කවරේද? මහණෙනි, ඉතා
අධිකවූත් දුකක් ඇත. කුඩාවූත් දුකක් ඇත. සෙමෙන් විරාගයට පත්වන්නාවූ දුකක් ඇත.
මහණෙනි, මෙය වනාහි දුකෙහි වෙනසයයි කියනු ලැබේ.
’’මහණෙනි, දුකෙහි
විපාකය කවරේද? මහණෙනි, මේ
ලොකයෙහි වනාහි ඇතැමෙක් යම් දුකෙකින් මැඩුනේ, බැසගත්
සිත් ඇත්තේ දුක්වේ. ක්ලාන්තවේ. වැලපේ. ලෙහි අත් ගසා හඬයි. මූර්ඡාවට පත්වේ. යම් මේ
දුකෙකින් මැඩුනේ, බැස ගත් සිත් ඇත්තේ, පිටත
සෝදිසියට පැමිණේ. කවරෙක් හෝ මේ දුකේ නැතිකිරීමට, එක
විදියක් හෝ දෙදෙයක් දනීද (කියා) ය. මහණෙනි, මම
මූර්ඡාවෙන්වූ විපාකය හෝ සෝදිසියටවූ විපාකය හෝ දුකයයි කියමි. මහණෙනි, දුකෙහි
විපාකය මේයයි කියනු ලැබේ.
’’මහණෙනි, දුක නැති
කිරීම කෙසේද? මහණෙනි, තෘෂ්ණාව
නැති කිරීම දුක නැති කිරීමයි. මෙයම ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්‍ගයයි. දුක් නැතිකිරීමේ
පිළිවෙතයි. ඒ කෙසේද යත්? නිවැරදි දැකීමයි. නිවැරදි අදහසයි. නිවැරදි
වචනයයි. නිවැරදි කර්මාන්තයයි. නිවැරදි ජීවිකාවයි. නිවැරදි ව්‍යායාමයයි. නිවැරදි
සිහියයි. නිවැරදි සිත එකඟ කමයි. මහණෙනි, යම් බඳු මෙයින් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙමේ මෙසේ දුක
දනීද. මෙසේ දුකෙහි නිදාන ඇතිවීම, දුකෙහි වෙනස, දුකෙහි
විපාකය, දුක නැතිකිරීම, දුක
නැතිකරණ පිළිවෙත දත යුතුයයි යම් මේ කාරණයක් කියන ලදද, මෙය සඳහා
කියන ලදී. මහණෙනි, ඒ මේ
වනාහි තියුණු අවබෝධ ඇතිකර ගැනීමේ ධර්‍ම ක්‍රමයයි.’’
(අඞ්‌ගුත්‌තර
නිකාය-ඡක්ක නිපාතය-මහා වර්ගය)
No comments:
Post a Comment