පංච නීවර්ණ
1.නීවණ යනු මනසේ පහල වන මානසික ගති ස්වභාවයකි.
2. පුද්ගලයන්ගේ සත්‍ය ස්වරූපය ආවරණය කිරීම නීවරණවල කෘත්‍ය වේ.
3.බුදුදහමේ පෙන්වන නිවන ආවරණය කරන ප‍්‍රධාන මානසික අංගයන් වන්නේ නීවරණයන් වේ.
4.තවද කාමාවචර භාවය ඉක්මවා ඇති රූපාවචර හා අරූපාවචර මානසික තත්වයන් නීවරණ මගින් ආවර්ණය කරයි.
5.සමථ භාවනා ක‍්‍රම මගින් නීවර්ණ යටපත් කිරීමට හැකිවේ.
6.විපස්සනා භාවනා ක‍්‍රම මගින් පළමුව නීවර්ණ යටපත් කරන අතර දෙවනුව නීවර්ණ ජනණය කරණ ආස‍්‍රවයන් විනාශකර නීවර්ණ අතුරුදහන් කරනු ලබයි.
7.ධර්මයේ පංච නීවර්ණ කාමච්ඡුන්ද, ව්‍යාපාදය, ථීනමිද්ධය, උද්ධච්ච- කුක්කුච්ච හා විචිකිචිචා ලෙස නම් කරයි.
2. පුද්ගලයන්ගේ සත්‍ය ස්වරූපය ආවරණය කිරීම නීවරණවල කෘත්‍ය වේ.
3.බුදුදහමේ පෙන්වන නිවන ආවරණය කරන ප‍්‍රධාන මානසික අංගයන් වන්නේ නීවරණයන් වේ.
4.තවද කාමාවචර භාවය ඉක්මවා ඇති රූපාවචර හා අරූපාවචර මානසික තත්වයන් නීවරණ මගින් ආවර්ණය කරයි.
5.සමථ භාවනා ක‍්‍රම මගින් නීවර්ණ යටපත් කිරීමට හැකිවේ.
6.විපස්සනා භාවනා ක‍්‍රම මගින් පළමුව නීවර්ණ යටපත් කරන අතර දෙවනුව නීවර්ණ ජනණය කරණ ආස‍්‍රවයන් විනාශකර නීවර්ණ අතුරුදහන් කරනු ලබයි.
7.ධර්මයේ පංච නීවර්ණ කාමච්ඡුන්ද, ව්‍යාපාදය, ථීනමිද්ධය, උද්ධච්ච- කුක්කුච්ච හා විචිකිචිචා ලෙස නම් කරයි.
කාමච්ඡන්ද
කාමලෝකයේ ජීවත්වන සත්්වයන්ගේ ඇස්, කන, නාසා ආදී ඉන්ද්‍රියයන් මගින් ලබාදෙන අරමුණු වලට කැමැත්ත, ආශාව, ඇල්ම ඇති කරනු ලබන්නේ කාමඡන්ද නීවර්ණය මගිනි.
ව්‍යාපාදය
කාම ලෝකයේ ජීවත්වන සත්්වයන්ගේ ඇස්, කන්්, නාසා ආදී ඉන්ද්‍රියයන් මගින් ලබාදෙන අරමුණු වලට අකමැත්ත තරහව ගැටීම ඇති කරනු ලබන්නේ ව්‍යාපාද නීවර්ණය මගිනි.
ථීනමිද්ධය
කාමලෝකයේ ජීවත්වන සත්වයන්ගේ ඇස්, කන, නාසා ආදී ඉන්ද්‍රියයන් මගින් ලබාදෙන අරමුණුු තාවකාලිකව නවතා දැමීමට කි‍්‍රයාකරනු ලබන්නේ ථීනමිද්ධ නීවර්ණයයි. සෑම පුද්ගලයෙක්ම නින්දට යොමු කරන්නේ ථීනමිද්ධ නීවර්ණයයි.
උද්ධච්ච කුක්කුච්ච
කාමලෝකයේ ජීවත්වන සත්වයන්ගේ ඇස්, කන, නාසා ආදී ඉන්ද්‍රියයන් මගින් ලබාදෙන අරමුණු වල නොසන්සුන් ස්වභාවය ඇති කරනු ලබන්නේ උද්ධච්ච කුක්කුච්ච නීවර්ණය මගිනි.
විචිකිච්චා
කාමලෝකයේ ජීවත්වන සත්වයන්ගේ ඇස්, කන, නාසා ආදී ඉන්ද්‍රියයන් මගින් ලබාදෙන අරමුණු වලට සැක ස්වරූපයක් ඇති කරනු ලබන්නේ විචිකිච්චා නීවර්ණය මගිනි.
ජීවත්වීම හා නීවර්ණ අතර සම්බන්ධය
නීවර්ණ මගින් නිවන ආවරණය කරන අතරමල සංසාරය පවත්වාගෙන යෑමට ද උදව් කරනු ලබයි.
සාමාන්‍ය මිනිසුන්ගේ කි‍්‍රයාකාරීත්වය රදා පවතින්නේ එම පුද්ගලයන්ගේ මනසේ කි‍්‍රයාත්මක වන නීවර්ණ වල බලපෑම අනුව වේ.
සෑම මිනිසෙක්ම ජීවත්ව වීමේදී තමන් කැමති දෙය ලබා ගැනිමටත් අකමැති දෙයින් ඉවත් වීමටත් උත්සාහ කරයි. මෙය සමාජයේ ඉල්ලූම ලෙස හඳුන්වයි. ලෝකයේ තිබෙන සියලූම ඉල්ලූම්වල මනෝකාරකයන් වන්නේ කාමච්ඡන්ද සහ ව්‍යාපාදයයි.
සමාජයේ ඉල්ලුමක් ඇති විට ඊට අදාල සැපයුම් නිපදවනු ලැබේ. මේ සදහා සිදුකරනු ලබන නව සොයා ගැනිම් පර්යේෂණාදියට උදව් වන්නේ උද්දච්ච කුක්කුච්ච නීවරණය හා විචිකිච්චා නීවරණයයි.
එනම් සමාජයේ දිවණුව යනු උද්දච්ච කුක්කුච්ච හා විචිකිච්චා නීවරණ දෙකෙන් වැඩ ගන්න ප‍්‍රමාණයයි.
සෑම පුද්ගලයෙක්ම නිදා ගැනීමට ආසන්න මොහොතේ නීවරණ පහම යටපත් වේ. නමුත් එවැනි අවස්ථාවකදී පලදායි මනෝ භාවයන් වන ශද්ධාව, සතිය, වීරියය ,සමාධි, පඤ්ඥා, වැනි ගුණාංග අක‍්‍රීය බැවින් සත්‍යය අවබෝධයකට යොදා ගත නොහැකි වෙයි.
සමථ භාවනාවක් මගින් පංච නීවරණ යටපත් කරණ අතර ශ‍්‍රද්ධාව, සතිය, වීරිය, සමාධි යන මනෝ භාවයන් සංවර්ධනය කරයි.
විපස්සනා භාවනාවකින් වැඩි දියුණු කරන සප්තබොජ්ජංග නැමැති මනෝ භාවයන් මගින් යටපත් වූ නීවර්ණවල මූලයන් විනාශ කරනු ලබයි.
සාමාන්‍ය පුද්ගලයෙකුගේ මරණාසන්න අරමුණේ යෙදී ඇති නීවරණවල ප‍්‍රබලතාව මත දේව මනුස්ස සතර අපාය යන සත්ව තලවල නැවත ඉපදීම සිදු වේ.
සමථ භාවනාවකින් නීවණ යටපත් කල පුද්ගලයෙකු මරණාසන්න අරමුණේ නීවර්ණ යටපත් කරගැනීමට දක්ෂ වූ විට ඔහු විසින් වැඩි දියුණු කරගත් යහපත් මනෝභාවයන්ගේ ස්වභාවය අනුව රූපාවචර අරූපාවචර සත්ව තලවල ඉපදීම සිදුවේ.
විපස්සනා භාවනාවකින් පළමුව නීවරණ යටපත් කරගෙන දෙවනුව විචිකිච්චා නීවරණය සම්පූර්නයෙන් විනාශ කිරීමන් සොවාන් තත්ත්වයට පත්වී මරණයෙන් පසු කාමලෝකයේ නැවත ඉපදීම් හතකට අවම කරගනී.
විපස්සනා භාවනාවකින් කාමච්ඡුන්දය හා ව්‍යාපාදය නීවරණවල මූල වල අඩක් විනාශ කිරීමෙන් සකදාගාමී තත්ත්වයට පත්වී කාමලෝකයේ නැවත ඉපඳීම් එකකට සීමා කර ගනී.
විපස්සනා භාවනාවකින් කාමච්ඡුන්දය හා ව්‍යාපාදය නීවරණවල මූල සම්පූර්ණයෙන් විනාශ කිරීමෙන් අනාගාමී තත්ත්වයට පත්වී අකනිඨා බ‍්‍රහ්මලෝකයේ එක්වරක් පමණක් ඉපඳීම සිදු වේ.
විපස්සනා භාවනාවකින් පංච නීවර්ණවල මූලයන් සියල්ලම සම්පූර්ණයෙන්ම විනාශ කිරීමෙන් මහරහත් භාවයට පත් වී සංසාරය අවසාන කරයි.
පංච නීවර්ණ සම්බන්ඳව වැඩිදුර අද්ධ්‍යනය කිරීම සඳභා පහතින් දක්වා ඇති ධර්මදෙශනා ශ්‍රවණය කර්න්න
ධර්මදෙශනා-01
ධර්මදෙශනා-02
ධර්මදෙශනා-01
ධර්මදෙශනා-02
No comments:
Post a Comment