Thursday, May 14, 2015

පංචස්ඛන්ධය හා පංචඋපාධානස්ඛන්ධය

නව භාවනා වැඩමුළුව



සති පතා පැවෙත්වෙන භාවනා වැඞසටහන්

2015 සැප්. 12,19,26 ඔක්. 10,17,24 නොවැ. 14
සෙනසුරාදා දිනවල පෙරවරැ 8.30 සිට පස්වරු 3.00 දක්වා
එඩේරමුල්ල ගොංගිතොට
 ශ්‍රි විජයාරාම විහාරස්ථානයේ පවත්වනු ලැබේ.

විමසීම්-:
චන්ද්‍රකාන්ති මිය 0112947083

පත්මලතා මිය  0112939044



මාසිකව පැවෙත්වෙන භාවනා වැඞසටහන්

සෑම මසකම හතරවන අගහරුවාදා මාලඹේ සුසිලාරාම විහාරස්ථානයේදී

සෑම මසකම පලමුවැනි සෙනසුරාදා පානදුර වැලිපිටිය විහාරස්ථානයේදී

සෑම මසකම දෙවැනි ඉරිදා කොළඹ 06,සුගත දස්සිනාරාමය                    විහාරස්ථානයේදී 





පංචස්ඛන්ධය හා පංචඋපාධානස්ඛන්ධය



 1.බුදුදාහමේ හරය චතුර්‍ය්‍යසත්‍ය යයි

 2. නමුත් චතුර්‍ය්‍යසත්‍ය පැහදිලි කිරිම පංචඋපාධානස්ඛන්ධය මගින් කරනු ලබයි එනම්.

    දුඃඛාර්‍ය්‍යසත්‍ය             =   පංචස්ඛන්ධය උපාධාන විමයි 
  දුඃඛසමුදයාර්‍ය්‍යසත්‍ය    = පංචස්ඛන්ධය උපාධාන විමට හෙතුව                                                       තණ්හාවයි 
  දුඃඛනිරොධාර්‍ය්‍යසත්‍ය  = පංචස්ඛන්ධය උපාධාන නොමැති ස්ථානය
  දුක්ඛනිරොධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍ය    = පංචස්ඛන්ධය උපාධාන                                                                        නොමැති ස්ථානයට ගමන්මඟ

3.  ඉහත කාරණා අනුව පැහැදිලි වන්නේ බුදුදාහම තෙරැම් ගැනීමට පංචස්ඛන්ධය හා පංචඋපාධානස්ඛන්ධය      තෙරැම් ගැනීම අත්‍යඅවශය්‍ය බවයි.

4.ධර්මයේ පංචනීවර්ණ මගින් නිවන ආවර්ණය කරණ බව පැහැදිලිකරයි  එනම් පංචඋපාධානස්ඛන්ධය ආවර්ණය කිරීම පංචනීවර්ණ මගින්ම සිදුකරනු ලබයි. මෙයින් පංචඋපාධානස්ඛන්ධය සම්බන්ඳව වැදගත් ධර්මයක් පැහැදිලිවෙ එනම් පංචනීවර්ණ මානසික ධර්මයක් බැවින් පංචඋපාධානස්ඛන්ධයද මානසික ධර්මයක් වියයුතුයි.

5 දීඝ නිකායේ මහා සතිපට්ඨාන සූත්‍රයේ ධම්මානු පස්සනාවෙ පෙලගස්සවා ඇති ධර්ම කරැණු නීවර්ණ පබ්බය,පංචඋපාධානස්ඛන්ධ පබ්බය, ආයතන පබ්බය, බොජ්ජංඟ පබ්බය,චතුර්‍ය්‍යසත්‍ය පබ්බය, වශයෙනි මෙමගින් පහතින් පෙන්වා ඇති ආකාරයට පංචඋපාධානස්ඛන්ධ සම්බන්ධ තොරතුරුලබාගත හැකිවේ.

නීවර්ණ  පබ්බය,පංචඋපාධානස්ඛන්ධ පබ්බය, ආයතන පබ්බය,        බොජ්ජංඟ පබ්බය,චතුර්‍ය්‍යසත්‍ය පබ්බය


i.පංචඋපාධානස්ඛන්ධය ආවර්ණය කිරීම පංචනීවර්ණ මගින්ම සිදුකරනු ලබයි

ii.පංචඋපාධානස්ඛන්ධය සකස්වීම ඇස්,කණ්, නාශා, දිව කය, මන යන ආයතන මගින් සිදුකරනු ලබයි.

iii.පංචඋපාධානස්ඛන්ධය  උපාධාන විම නැවැත්වීමෙ වැඩ පිලිවෙල  සප්ත බොජ්ජංඟ ධර්ම වැඩීමයි.

iv.පංචස්ඛන්ධය උපාධාන නොවන අවස්ථාව චතුර්‍ය්‍යසත්‍ය    දැකීම හෙවත් සම්මාදිට්ඨිය ලැබිමයි .


6 ඉහත පෙන්වා ඇති ධර්මකරුණු හා පහාතින් හදුන්වා ඇති ධර්මකරුණු සැලකිල්ලට ගෙන  පංචස්ඛන්ධය    තෙරුම්ගැනිමට උත්සහගන්න.

   පංචස්ඛන්ධය මනොමය දෙයක් බව.

 ඇස්,කණ්, නාශා, දිව කය, මන යන ආයතන මගින්    පංචස්ඛන්ධය හටගන්නා බව.



  ඉතා කුඩා කාලයක් (මොහොතක්) තුල ඇස්වලට පෙනෙන සියලුම         රෑපමගින් ඇතිකරණ  මනොරැපයන් එම කාලයේ පංචස්ඛන්ධයේ             කොටස්බව,මේ ආකාරයටම ඉතිරි ආයතන   පහ මගින්ද ඇතිකරණ         මනොරැපයන් පංචස්ඛන්ධය සකස්කරණ බව.


i. ඉහත මනොරැපයන්ගෙන් එකක් එක්වරකට උපාධානයට හසුවනබව.


ii.එක් මනොරූපයක් තුල රෑප, වේදනා,සඤ්ඤා,සංස්කාර,විඤ්ඤාණ
   යන අංග පහ ඇතුලත්බව.

iii.එක් මනොරැපයක්  එක්වරකට උපාධාන වීම
    පංචඋපාධානස්ඛන්ධය ලෙස හදුන්වනබව.


පංචස්ඛන්ධය හා පංචඋපාධානස්ඛන්ධය සම්බන්ඳව වැඩිදුර අද්ධ්‍යනය කිරීම සඳභා පහතින් දක්වා ඇති ධර්මදෙශනා ශ්‍රවණය කරන්න.





දේශනා



  දුඃඛාර්‍ය්‍යසත්‍ය

කතමඤ්ච භික්ඛවේ දුක්ඛං අරියසච්චං? ඡාතිපි දුක්ඛා, මරණම්පි දුක්ඛං, සෝකපරිදේව, දුක්ඛදෝමස්සුපායාසාපි දුක්ඛා අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ, පියේහි විප්පයෝගෝ දුක්ඛෝ යම්පිච්ජං න ලභති තම්පි දුක්ඛං සඬ්ඛිත්තෙන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා.



(ඇවත්නි, දුඃඛාර්‍ය්‍යසත්‍යය කවරෙ ද : ජාතිය  දුකවේ, ජරාව දුකවේ, මරණය දුකවේ, ශොකය දුකවේ, පරිදෙවය දුකවේ,  දුඃඛය දුකවේ,  දෞර්‍මනස්‍යදුකවේ,   උපායාසයෝ දුකවේ,අප්‍රියදෙය ලැබීම දුකවේ,ප්‍රියදෙය නොලැබීම දුකවේ, කැමතිදෙය නොලැබිම දුකවේ, සැකෙවින් පඤ්චොපාදනස්කන්ධයෝ දුකවේ.)

1.ඉහතින් දක්වා ඇත්තේ මාහා සතිපට්ඨාන සූත්‍රයේ ධම්මානු පස්සනාව යටතේ දුඃඛාර්‍ය්‍යසත්‍යය පැහැදිලි කරඇති ආකාරයයි.

2.මෙහිදී ජාතිය,ජරාව,මරණය,ශොකය,පරිදෙවය,දුඃඛ,දෞර්‍මනස්‍ය,උපායාසය,අප්‍රියදෙය ලැබීම,ප්‍රියදෙය නොලැබීම,කැමතිදෙය නොලැබිම,
වශයෙන් දුකේ අවස්ථා 11 ක් පෙන්වා ඇත නමුත් විස්තරක්‍රිරීමේදි
අවසාන 3 එක කරැණක් වශයෙන් ගෙන තිබේ.

3.මෙහි ජාතිය,ජරාව,මරණය පමනක් ස්භාවධර්මයේ පවතින අතර ඉතිරි ඒවා සත්ව පුද්ගලභාවය අනුව   මනසින් සකස්කර ගන්නා දෙවල්වේ.

4.එනම් ශොකය,පරිදෙවය,දුඃඛ,දෞර්‍මනස්‍ය,උපායාසය,අප්‍රියදෙය ලැබීම,ප්‍රියදෙය නොලැබීම,කැමතිදෙය නොලැබිම ආදී දුක්, ජාතිය,ජරාව,මරණ යන  ධර්ම  වල කියාකාරිත්වය අනුව   මනසින් සකස්කර ගන්නා දෙවල්වේ.



5.සත්ව පුද්ගලභාව අනුව මනසින්  සකස්කරගැනීම ,උපාධාන වීම ලෙස  ගතයුතුවේ.  

6.සත්වයකුට ජාතිය,ජරාව,මරණයද දුකක් වන්නේ එම ස්භාවයන්  උපාධානය වනවිට පමනකි.

7.සත්වයකුට දුකක් වන්නේ එම ස්භාවයන් උපාධානය වනවිට පමනකි
 මේ අනුව සියළුම දුක්  හටගැනීම උපාධානය  මගින් සිදුවන බැවින්

"සඬ්ඛිත්තෙන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා."
"සැකෙවින් පඤ්චොපාදනස්කන්ධයෝ දුකවේ"

දුඃඛාර්‍ය්‍යසත්‍යය සම්බන්ඳව වැඩිදුර අද්ධ්‍යනය කිරීම සඳභා පහතින් දක්වා ඇති ධර්මදෙශනා ශ්‍රවණය කරන්න.



අනුශාසනාව



දුඃඛසමුදයර්‍ය්‍ය සත්‍යය


"කතමඤ්ච භික්ඛවේ දුක්ඛසමුදයං අරියසච්චං?යායං තණ්හා පොනොභවිකා නන්දිරාගසහගතා තත්‍ර තත්‍රාභිනන්දිනී?සෙය්‍යථිදං කාමතණ්හා භවතණ්හා විභවතණ්හා."

(මහණෙනි දුඃඛසමුදයර්‍ය්‍ය සත්‍යය කවරේද යත් නැවත නැවත ඉපැදීම කරන්නාවූ,  අරමුණෙහි ඇලෙන,අරමුණෙන් අරමුණට මාරැවන  යම් තෘෂ්ණාවක් වේ ද? ඒ කවරෙදයත් කාමතණ්හා භවතණ්හා විභවතණ්හා වේ.)

ඉහත තොරතුරු අනුව දුඃඛසමුදයර්‍ය්‍ය සත්‍යය  සම්බන්දව පහතින් පෙන්වා ඇති කරුනු සැලකිල්ලට ගන්න.

1.දුකට හෙතුව තණ්හාව බව.
2.කාමතණ්හා ,භවතණ්හා ,විභවතණ්හා වශයෙන් තණ්හාවේ ආකාර          තුනක් ඇති බව.
3.තණ්හාව තුල නැවත නැවතඉපැදීම,අරමුණෙහිඇලෙන බව,අරමුණෙන්    අරමුණට මාරැවන බව,වශයෙන් හැකියාවන් තුනකින් යුක්ත බව.

4.කාමතණ්හාව මගින් අරමුණෙහි ඇලීම සිදුකරයි.
   භවතණ්හාව මගින් අරමුණෙහි උපෙක්ෂාව සිදුකරයි.
   විභවතණ්හාව  මගින් අරමුණෙහි ගැටීම සිදුකරයි.

5.තණ්හාවේ ඇති "පොනොභවිකා" ගුනයෙන් නැවත නැවත අරමුණු              ගැනීම සිදුකරයි.
    තණ්හාවේ ඇති "නන්දිරාගසහගතා" ගුනයෙන්  අරමුණෙහි ඇලීම,
    උපෙක්ෂාව,ගැටීම, සිදුකරයි.
  තණ්හාවේ ඇති "තත්‍ර තත්‍රාභිනන්දිනී" ගුනයෙන් ඇස්,කන් නාශා ආදි       ඉන්ද්‍රීයන්ට මාරැවීම සිදුකරයි. 

මෙය බුදුධහාමේ පෙන්නුම් කරණ සත්ව ක්‍රියාවලිය හෙවත් සංසාරයයි.

6.දුඃඛාර්‍ය්‍යසත්‍යය යනු පංචස්ඛන්ධය උපාධාන වීම බැවින්,

තණ්හාවේ ඇති "පොනොභවිකා" ගුනයෙන් නැවත නැවත පංචස්ඛන්ධය උපාධාන වීම සිදුකරයි.

 තණ්හාවේ ඇති "නන්දිරාගසහගතා" ගුනයෙන්  පංචස්ඛන්ධය උපාධානය තුල ඇලීම,උපෙක්ෂාව,ගැටීම, සිදුකරයි.
                       තණ්හාවේ ඇති "තත්‍ර  තත්‍රාභිනන්දිනී" ගුනයෙන් පංචස්ඛන්ධය උපාධා    නය ඇස්,කන් නාශා ආදි    ඉන්ද්‍රීයන්ට මාරැවීම සිදුකරයි.


වැඩි විස්තර සදහා පහාත ධර්මදෙශණා ශ්‍රවණය කරන්න.

දේශනා-201404-29-01

දේශනා-201404-29-02



.










No comments:

Post a Comment