Sunday, November 29, 2015

ඉන්ද්‍රියභාවනා සූත්‍රය

(2015-11-29 දින කොළඹ 06,සුගත දස්සිනාරාමය විහාරස්ථානයේ පැවැත්වූ  ධර්මදෙශණාව.)




දෙශණා-02




ඉන්ද්‍රියභාවනා සූත්‍රය

අසෙඛ පුද්ගලයන් (රහතන්වහන්සේ)-:
කථඤ්චානන්ද, අරියස්ස විනයෙ අනුත්තරා ඉන්ද්‍රියභාවනා හොති? ඉධානන්ද, භික්ඛුනො චක්ඛුනා රූපං දිස්වා උප්පජ්ජති මනාපං, උප්පජ්ජති අමනාපං, උප්පජ්ජති මනාපාමනාපං. සො එවං පජානාති - උප්පන්නං ඛො මෙ ඉදං මනාපං, උප්පන්නං අමනාපං, උප්පන්නං මනාපාමනාපං . තඤ්ච ඛො සඞ්ඛතං ඔළාරිකං පටිච්චසමුප්පන්නං. එතං සන්තං එතං පණීතං යදිදං - උපෙක්ඛාති. තස්ස තං උප්පන්නං මනාපං උප්පන්නං අමනාපං උප්පන්නං මනාපාමනාපං නිරුජ්ඣති; උපෙක්ඛා සණ්ඨාති. සෙය්‍යථාපි, ආනන්ද, චක්ඛුමා පුරිසො උම්මීලෙත්වා වා නිමීලෙය්‍ය, නිමීලෙත්වා වා උම්මීලෙය්‍ය; එවමෙව ඛො, ආනන්ද, යස්ස කස්සචි එවංසීඝං එවංතුවටං එවංඅප්පකසිරෙන උප්පන්නං මනාපං උප්පන්නං අමනාපං උප්පන්නං මනාපාමනාපං නිරුජ්ඣති, උපෙක්ඛා සණ්ඨාති - අයං වුච්චතානන්ද, අරියස්ස විනයෙ අනුත්තරා ඉන්ද්‍රියභාවනා චක්ඛුවිඤ්ඤෙය්‍යෙසු රූපෙසු.

ආනන්දය, කිසෙයින් ආර්‍ය්‍යවිනයෙහි අනුත්තර ඉන්ද්‍රියභාවනා වෙයි යත්: ආනන්දය, මෙසස්නෙහි මහණහට ඇසින් රූ දැක මනාප උපදී, අමනාප උපදී, මනාපාමනාප උපදී. හේ මෙසේ දැනගනී: මට මේ මනාපය උපන, අමනාපය උපන, මනාපාමනාපය උපන, එය සඞ්ඛත යැ, ඖලාරික යැ, ප්‍රතීත්‍යසමුත්පන්න යි. යම් උපෙක්ෂාවක් ඇද්ද එය ශාන්ත යැ, එය ප්‍රණීත යැයි කියා යි. ඔහුට ඒ උපන් මනාපය උපන් අමනාපය උපන් මනාපාමනාපය නිරුද්ධ වෙයි. උපෙක්ෂාව පිහිටා සිටී. ආනන්දය, යම්සේ ඇස් ඇති පුරුෂයෙක් ඇස ඇර පියාලන්නේ හෝ වේ ද ඇස පියා ඇරලන්නේ හෝ වේ ද, එසෙයින් මැ ආනන්දය, යම් කිසිවක්හට මෙසේ ශීඝ්‍ර වැ, මෙසේ ක්ෂණිකව මෙසේ නිදුකින් උපන් මනාපය උපන් අමනාපය උපන් මනාපාමනාපය නිරුද්ධ වේ ද, විදර්ශනොපෙක්ෂාව පිහිටා සිටී ද, ආනන්දය, මේ ආර්‍ය්‍යවිනයෙහි චක්ෂුර්විඥෙය රූප විෂයෙහි අනුත්තර වූ ඉන්ද්‍රියභාවනා යයි කියනු ලැබේ.
කනින් ශබ්ද අසා ... නැහැයෙන් ගඳ ආඝ්‍රාණය කොට ... දිවින් රස විඳ ... කයින් පහස් පැහැස ... මනසින් දහම් දැන මනාප උපදී . අමනාප උපදී………………….

සෙඛ පතිපදා (ශුතවත් ආර්ය්‍ය ශාවක)-:
‘‘කථඤ්චානන්ද , සෙඛො හොති පාටිපදො? ඉධානන්ද, භික්ඛුනො චක්ඛුනා රූපං දිස්වා උප්පජ්ජති මනාපං, උප්පජ්ජති අමනාපං, උප්පජ්ජති මනාපාමනාපං. සො තෙන උප්පන්නෙන මනාපෙන උප්පන්නෙන අමනාපෙන උප්පන්නෙන මනාපාමනාපෙන අට්ටීයති හරායති ජිගුච්ඡති. සොතෙන සද්දං සුත්වා...පෙ.... ඝානෙන ගන්ධං ඝායිත්වා..., ජිව්හාය රසං සායිත්වා... කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා... මනසා ධම්මං විඤ්ඤාය උප්පජ්ජති මනාපං, උප්පජ්ජති අමනාපං, උප්පජ්ජති මනාපාමනාපං. සො තෙන උප්පන්නෙන මනාපෙන උප්පන්නෙන අමනාපෙන උප්පන්නෙන මනාපාමනාපෙන අට්ටීයති හරායති ජිගුච්ඡති. එවං ඛො, ආනන්ද, සෙඛො හොති පාටිපදො.


ආනන්දය, කිසෙයින් ශෛක්ෂප්‍රතිපත් ඇත්තේ වෙයි යත් : ආනන්දය, මේ සස්නෙහි මහණහට ඇසින් රූ දැක මනාප උපදී. අමනාප උපදී. මනාපාමනාප උපදී. හේ ඒ උපන් මානාපයෙන් උපන් අමනාපයෙන් උපන් මනාපාමනාපයෙන් දුකට පැමිණෙයි. ලජ්ජාවට පැමිණෙයි. ජුගුප්සාවට පැමිණෙයි. කනින් ශබ්ද අසා ... නැහැයෙන් ගඳ ආඝ්‍රාණය කොට ... දිවින් රස විඳ ... කයින් පහස් පැහැස ... මනසින් දහම් දැන මනාප උපදී . අමනාප උපදී. මනාපාමනාප උපදී. හේ ඒ උපන් මනාපයෙන් උපන් අමනාපයෙන් උපන් මනාපාමනාපයෙන් දුක් වෙයි. ලජ්ජාවෙයි. ජුගුප්සා කෙරෙයි. ආනන්දය, මෙසේ ශෛක්ෂප්‍රතිපත් ඇත්තේ වේ.

සෙඛ පුද්ගලයන් (සොවාන් ,සකදාගාමි ,අනාගාමි)-:

‘‘කථඤ්චානන්ද, අරියො හොති භාවිතින්ද්‍රියො? ඉධානන්ද, භික්ඛුනො චක්ඛුනා රූපං දිස්වා උප්පජ්ජති මනාපං, උප්පජ්ජති අමනාපං, උප්පජ්ජති මනාපාමනාපං. සො සචෙ ආකඞ්ඛති - පටිකූලෙ අප්පටිකූලසඤ්ඤී විහරෙය්‍යන්ති, අප්පටිකූලසඤ්ඤී තත්ථ විහරති. සචෙ ආකඞ්ඛති - අප්පටිකූලෙ පටිකූලසඤ්ඤී විහරෙය්‍යන්ති, පටිකූලසඤ්ඤී තත්ථ විහරති. සචෙ ආකඞ්ඛති - පටිකූලෙ ච අප්පටිකූලෙ ච අප්පටිකූලසඤ්ඤී විහරෙය්‍යන්ති, අප්පටිකූලසඤ්ඤී තත්ථ විහරති. සචෙ ආකඞ්ඛති - අප්පටිකූලෙ ච පටිකූලෙ ච පටිකූලසඤ්ඤී විහරෙය්‍යන්ති, පටිකූලසඤ්ඤී තත්ථ විහරති. සචෙ ආකඞ්ඛති - පටිකූලඤ්ච අප්පටිකූලඤ්ච තදුභයං අභිනිවජ්ජෙත්වා උපෙක්ඛකො විහරෙය්‍යං සතො සම්පජානොති, උපෙක්ඛකො තත්ථ විහරති සතො සම්පජානො.

ආනන්දය, කිසෙයින් ආර්‍ය්‍ය වැඩූ ඉඳුරන් ඇත්තේ වෙයි යත් : ආනන්දය, මේ සස්නෙහි මහණහට ඇසින් රූ දැක මනාප උපදී, අමනාප උපදී, මනාපාමනාප උපදී. ඉදින් හේ ප්‍රතිකුලයෙහි අප්‍රතිකුලසංඥා ඇති වැ වසන්නෙමියි කැමති වේ නම් එහි අප්‍රතිකුලසංඥා ඇති වැ වෙසෙයි. ඉදින් අප්‍රතිකුලයෙහි ප්‍රතිකූලසංඥා ඇති වැ වෙසෙන්නෙමියි රිසි වේ නම් එහි ප්‍රතිකූල සංඥා ඇති වැ වෙසෙයි. ඉදින් ප්‍රතිකූලයෙහි ද අප්‍රතිකූලයෙහි ද අප්‍රතිකූලසංඥා ඇති වැ වෙසෙන්නෙමියි රිසි වේ නම් එහි අප්‍රතිකූල සංඥා ඇති වැ වෙසෙයි. ඉදින් අප්‍රතිකූලයෙහි ද ප්‍රතිකූලයෙහි ද ප්‍රතිකූලසංඥා ඇති වැ වෙසෙන්නෙමියි රිසි වේ නම් එහි ප්‍රතිකුලසංඥා ඇති වැ වෙසෙයි. ඉදින් ප්‍රතිකූලයත් අප්‍රතිකූලයත් යන දෙක දුරු කොට පියා උපේක්ෂා ඇති වැ ස්මෘතිමත් වැ සම්‍යග්ඥාන ඇති වැ වෙසෙන්නෙමියි කැමැති වේ නම් එහි උපේක්ෂා ඇති වැ ස්මෘතිමත් වැ සම්‍යග්ඥාන ඇති වැ වෙසෙයි.
කනින් ශබ්ද අසා ... නැහැයෙන් ගඳ ආඝ්‍රාණය කොට ... දිවින් රස විඳ ... කයින් පහස් පැහැස ... මනසින් දහම් දැන මනාප උපදී . අමනාප උපදී…………………………………..

ආනන්දයෙනි, මෙසේ වනාහි මා විසින් ආර්‍ය්‍ය විනයෙහි නිරුත්තරවූ, ඉන්ද්‍රිය භාවනාව දෙශනා කරනලදී. ශෛක්ෂ ප්‍රතිපදාව ඇති පුද්ගලයා දෙශනා කරන ලද්දේය. වඩනලද ඉන්ද්‍රියයන් ඇති ආර්‍ය්‍යතෙම දෙශනා කරන ලද්දේය. ආනන්දයෙනි, ශ්‍රාවකයනට හිතෛෂීවූ අනුකම්පා කරන්නාවූ ශාස්තෲන් විසින් අනුකම්පා පිණිස යමක් කටයුතුද, එය මා විසින් තොපට කරනලදී. ආනන්දය, ඒ වෘක්ෂමූලයෝ වෙති. ඒ සූන්‍යාගාරයෝ වෙති. ආනන්දය, භාවනා කරව්. පමා වූවෝ නොවව්. පසුව විපිළිසර වූවෝ නොවව්. මේ තොපට අපගේ අනුශාසනයයි.

(මජ්‌ඣිම නිකාය-උපරි පන්නාසකය-සළායතන වර්ගය-ඉන්ද්‍රියභාවනා සූත්‍රය)

No comments:

Post a Comment