Tuesday, August 9, 2016

ඔඝ සූත්‍රය


පානදුර  වැලිපිටිය විහරස්ථානයේ පැවැත්වූ ඔගතරන සුත්‍රය(2016-09-02)

දෙශණා -01    දෙශණා -02    දෙශණා -03



දෙශණා -01    දෙශණා -02    දෙශණා -03

(2016-08-07 මාළඹේ පැවැත්වූ ධර්ම දෙශණාව)


ඔඝතරණසුත්තං
එවං මෙ සුතං - එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො අඤ්ඤතරා දෙවතා අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණා කෙවලකප්පං ජෙතවනං ඔභාසෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතා ඛො සා දෙවතා භගවන්තං එතදවොච - ‘‘‘කථං නු ත්වං, මාරිස, ඔඝමතරීති? ‘අප්පතිට්ඨං ඛ්වාහං, ආවුසො, අනායූහං ඔඝමතරින්ති. යථා කථං පන ත්වං, මාරිස, අප්පතිට්ඨං අනායූහං ඔඝමතරීති? ‘යදාඛ්වාහං, ආවුසො, සන්තිට්ඨාමි තදාස්සු සංසීදාමි ; යදාඛ්වාහං, ආවුසො, ආයූහාමි තදාස්සු නිබ්බුය්හාමි එවං ඛ්වාහං, ආවුසො, අප්පතිට්ඨං අනායූහං ඔඝමතරි’’’න්ති.
චිරස්සං වත පස්සාමි, බ්‍රාහ්මණං පරිනිබ්බුතං;
අප්පතිට්ඨං අනායූහං, තිණ්ණං ලොකෙ විසත්තික’’න්ති.
ඉදමවොච සා දෙවතා. සමනුඤ්ඤො සත්ථා අහොසි. අථ ඛො සා දෙවතා - ‘‘සමනුඤ්ඤො මෙ සත්ථා’’ති භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා තත්ථෙවන්තරධායීති.

ඔඝ සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඩු සිටානන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.එකල වනාහි එකතරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබලන ශරීර වර්‍ණය ඇත්තේ සියලු ජේතවනය බබුලුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේය.එකත්පසෙක සිටි ඒ දෙවිතෙම භාග්‍යවතුන් වහන්සේට ’’නිදුකානන් වහන්ස, කෙසේනම් ඔබ මහා ඔඝය පිහිනා ගොඩ වූවෝදැ’’ යි කීය.
ඇවැත්නි මම පිහිටාද නොසිට පැදීමද නොකොට පිහිනා එතර වූයෙමි.
නිදුකානනි ඔබ කෙසේනම් පිහිටාද නොසිට පැදීම්ද නොකොට මහා ඔඝය තරණය කළෝද ?
ඇවැත්නි යම්විටක මම පිහිටා සිටින්නෙම්ද එකල ගිලා බසින්නෙමි. ඇවැත්නි යම් කලෙක මම පදින්නෙම්ද එකල පාවී යන්නෙමි යි ඇවැත්නි මෙසේ වනාහි මම පිහිටා නොසිට නොපැද මහා ඔඝය එතෙර කළෙමි.
පිහිටා සිටීමත් නොකොට පැදීමත් නොකොට ලෝකයෙහි තන්හාව එතර කළාවූ එහෙයින්ම කෙලෙස් පිරිනිවීමෙන් පිරිනිවියාවූ බ්‍රාහ්මණයෙකු (පව් නැසූ කෙනෙකු) බොහෝ කලෙකින් පසු දැක්කෙමි යි
මෙසේ ඒ දෙවිතෙම කීය. ශාස්තෘන් වහන්සේ එය අනුමත කළසේක. එකල වනාහි ඒ දෙවිතෙම ශාස්තෘන් වහන්සේ මගේ වචනය අනුමත කළසේකැයි සතුටුව භාග්‍යවතුන්වහන්සේ වැඳ පැදකුනුකොට එහිම අතුරුදහන්විය.

www.medamawatha.blogspot.com  

No comments:

Post a Comment