Tuesday, August 25, 2015

කලහවිවාද සූත්‍රය







කලහවිවාද සූත්‍රය

පෘච්ඡා:01. කලහයෝත් විවාදයෝත් කොතැනින් උපන්හු ද? පරිදේව ශොකයෝත් මාත්සර්‍ය්‍යයෝත් මානඅභිමානයෝත් පිසිනුබසුත් යන මොහු අටදෙන කොතැනින් ප්‍ර‍භූත වූහු ද? එඅරුත වදාළ මැනව.

විසර්ජන: කලහයෝත් විවාදයෝත් පරිදේව ශෝකයෝත් මාත්සර්‍ය්‍යයෝත් මාන-අතිමානයෝත් පෛශූන්‍යයෝත් (යන මොහු අටදෙනා) ප්‍රියවස්තූහු කෙරෙන් උපන්හ. කලහවිවාදයෝ ද (පරිදෙව-ශෝක-මාන අතිමාන පෛශූන්‍ය යෝ ද) මාත්සර්‍ය්‍යය හා යෙදුනාහු වෙත්, විවාද උපදුත් ම පිසුන් බස් උපදනේ ය.

පෘච්ඡා:02.  ලෝකයෙහි ප්‍රියවස්තූහු කොයින් උපන්නාහු ද? නොහොත් කුමක් නිදාන කොට ඇත්තාහු ද? ලොව්හි ක්ෂත්‍රියාදි යම් කෙනෙක් ලෝභයෙන් හැසිරෙත් නම් එ ලොභය කුමක් නිදාන කොට ඇත් ද? ආශාවත් එහි සමෘද්ධියත් කුමක් නිදාන කොට ඇත්තාහු ද? මනුෂ්‍යයාට යම් ධර්ම කෙනෙක් පරලොව්හි පිහිට පිණිස වෙත් නම්, ඒ ධර්මයෝ කොයින් උපන්හු ද?

විසර්ජන: ලෝකයෙහි ප්‍රියවස්තූහු කාමච්ඡන්දය නිදාන කොට ඇත. යම් ක්ෂත්‍රියාදි කෙනෙක් හෝ ලෝභය හේතු කොට ලොව්හි හැසිරෙත් නම් ඔවුන්ගේ ඒ ලෝභයත් කාමච්ඡන්‍දය නිදාන කොට ඇත, ආශාවත් ආශාසෘමෘධියත් මේ කාමච්ඡන්‍දයම නිදාන කොට ඇත. යම් ධර්ම කෙනෙක් මිනිසාට පරලොව්හි හිත පිණිස වෙත් නම් උහු ද කාමච්ඡන්‍දය නිදාන කොට ඇති.

පෘච්ඡා:03.  ලෝකයෙහි කාමච්ඡන්‍දය කුමක් නිදාන කොට ඇතියේ ද? තෘෂ්ණා-දෘෂ්ටි විනිශ්චයයෝ හෝ කොතැනින් උපන්නාහු ද? ක්‍රෝධයත් මෘෂාවාදයත් විචිකිච්ඡාවත් බුද්ධශ්‍ර‍මණයන් වහන්සේ විසින් දෙසන ලද යම් අකුශල ධර්මයෝ හෝ වෙත් නම් ඔහු කොතැනින් උපන්නාහු ද?

විසර්ජන: ලොව්හි සුව යයි ද දුකැයි ද යමක් කියත් නම් එ සාත-අසාත වෙදනා නිසා කාමච්ඡන්‍දය උපදනේ ය. ලොකයෙහි සත්ත්ව තෙමේ භූතොපාදාය රූපයන්හි විනාශයත් උදයත් දැක තෘෂ්ණා-දෘෂ්ටි විනිශ්චය කරන්නේ යි.
ක්‍රෝධය හා මෘෂාවාදය හා විචිකිච්ඡා හා යන මේ ධර්මයෝත් සාතාසාතවෙදනා දෙක ඇතිවත් ම වෙත්. විචිකිච්ඡායෙන් යුක්ත පුද්ගල තෙමේ ඥානදර්ශනඥානාධිගමය සඳහා ත්‍රිවිධශික්ෂාහි හික්මෙන්නේ ය. බුද්ධශ්‍ර‍මණයන් වහන්සේ විසින් අනිත්‍යාදි විසින් දැන ධර්මයෝ දෙසන ලදහ.

පෘච්ඡා:04.  සුඛවෙදනා දුඃඛවෙදනා යන මොහු කුමකින් උපදනාහු ද? කුමක් නැතිවත්ම මොහු නූපදනාහු ද? යළි ඒ සාතාසාතයන්ගේ විනාශය හා උපත යන යම් අර්ථයෙක් යමෙකින් වේ නම්, ඔවුන්ගේ තෙල කාරණය මට ප්‍ර‍කාශ කළ මැනැව.

විසර්ජන: සුඛවෙදනා දුඃඛවෙදනා හා ස්පර්ශය නිදාන කොට ඇත. ස්පර්ශය නැතිවත් ම තෙල සාතාසාතයෝ නූපදනාහ. සාතාසාතයන්ගේ විනාශය හා උදය හා යන යම් අර්ථයෙක් මෙ පහස කරුණු කොට උපදනේ නම් තෙල අරුත් තොපට කියමි.

පෘච්ඡා:05.  ලොව්හි ස්පර්ශය කුමක් නිදාන කොට ඇත් ද? තෘෂ්ණාදෘෂ්ටි පරිග්‍ර‍යෝත් කොයින් ප්‍ර‍භූත වූ හු ද? කුමක් අවිද්‍යමාන කල්හි මමත්‍වය නැති ද? කුමක් ඉක්මැ යත් ම ස්පර්ශයෝ නො පහස්නාහු ද?

විසර්ජන:සම්ප්‍ර‍‍යුක්ත නාමය හා වස්ත්‍වාලම්බනරූපය හා නිසා ස්පර්ශයෝ උපදනාහ. තෘෂ්ණාදෘෂ්ටිපරිග්‍ර‍හයෝ ඉච්ඡාව නිදාන කොට ඇත්තාහ. ඉච්ඡාව නැති වත් ම මමත්‍වය නැත රූපය ඉක්මැ යත්ම ස්පර්ශයෝ නො පහස්නාහ.

පෘච්ඡා:06.  කිසෙයින් පිළිපන්නහුට රූපය නො වේ ද? සුඛදුඃඛ හෝ කෙසේ නොවේ ද? තෙල රූප-සුඛ දුඃඛ යන තුණ යමෙසේ නොවේ නම් එ පරිදි මට වදාළ මැනැව. එය දනුම්හ‘යි මට සිතෙක් වී.

විසර්ජන:

න සඤ්ඤසඤ්ඤී න විසඤ්ඤසඤ්ඤී
නොපි අසඤ්ඤී න විභූත සඤ්ඤී
එවං සමේතස්ස විභොති රූපං
සඤ්ඤා නිදානා හි පපඤ්ච සංඛා

හේ ප්‍ර‍කෘතිසංඥායෙන් සංඥා ඇතියේ නො වෙයි. විකෘතසංඥායෙන් විසංඥා ද නො වෙයි. සංඥා විරහිත ද නො වෙයි. ඉක්මැ වූ සංඥා ඇතියේ ද නො වෙයි. මෙසෙයින් පිළිපන්නහුට රූපය නො වෙයි. තෘෂ්ණාදී ප්‍ර‍පඤ්ච සංඥා නිදාන කොට ඇති හෙයිනි.

පෘච්ඡා:07. අපි යමක් විචාළමෝ නම් එය අපට දෙසූහ. ඔබ ගෙන් අනෙක් කරුණකුදු විචාරම්හ. එ ද ඒකාන්තයෙන් වදාළ මැනැව. මෙ ලොව්හි පණ්ඩිතමානී ඇතැම් මහණබමුණු කෙනෙක් මෙ අරූපසමාපත්තිමාත්‍රයෙන් මැ සත්‍වයාගේ අග්‍ර‍ ශුද්ධියක් කියත් දැ? යි.

විසර්ජන: මෙ ලෝකයෙහි පණ්ඩිතමානී ඇතැම් මහණ බමුණු කෙනෙක් මෙ අරූපසමාපත්ති මාත්‍රයෙනුදු සත්වයාගේ අග්‍ර‍ වූ ශුද්ධිය කියත් මැ යි ඔවුනතුරෙන් ඇතැමෙක් අනුපාදිශේෂයෙහි පණ්ඩිතවාද ඇත්තාහු උච්ඡේද ශුද්ධිය කියත්.

තවද තෙල දෘෂ්ටිගතිකයන් ශාශ්වතොච්ඡෙදදෘෂ්ටි ඇසුරුකළාහු’යි දැන පණ්ඩිත බුද්ධමුනි තෙම තෘෂ්ණාදෘෂ්ටිනිඃශ්‍ර‍යන් දැන දුඃඛ අනිත්‍යාදි විසින් ධර්මයත් දැන අනුපාදාවිමෝක්ෂයෙන් මිදුනේ විරුද්ධවාදයට නො එළඹෙයි, එ ධීර තෙම පුන පුනා භවයට නො පැමිණේ යි.



කලහවිවාද සූත්‍ර‍ය නිමි.
(ඛුද්දකනිකාය -සුත්තනිපාතය  -අට්‌ඨක වර්ගය) 


Thursday, May 14, 2015

පංචස්ඛන්ධය හා පංචඋපාධානස්ඛන්ධය

නව භාවනා වැඩමුළුව



සති පතා පැවෙත්වෙන භාවනා වැඞසටහන්

2015 සැප්. 12,19,26 ඔක්. 10,17,24 නොවැ. 14
සෙනසුරාදා දිනවල පෙරවරැ 8.30 සිට පස්වරු 3.00 දක්වා
එඩේරමුල්ල ගොංගිතොට
 ශ්‍රි විජයාරාම විහාරස්ථානයේ පවත්වනු ලැබේ.

විමසීම්-:
චන්ද්‍රකාන්ති මිය 0112947083

පත්මලතා මිය  0112939044



මාසිකව පැවෙත්වෙන භාවනා වැඞසටහන්

සෑම මසකම හතරවන අගහරුවාදා මාලඹේ සුසිලාරාම විහාරස්ථානයේදී

සෑම මසකම පලමුවැනි සෙනසුරාදා පානදුර වැලිපිටිය විහාරස්ථානයේදී

සෑම මසකම දෙවැනි ඉරිදා කොළඹ 06,සුගත දස්සිනාරාමය                    විහාරස්ථානයේදී 





පංචස්ඛන්ධය හා පංචඋපාධානස්ඛන්ධය



 1.බුදුදාහමේ හරය චතුර්‍ය්‍යසත්‍ය යයි

 2. නමුත් චතුර්‍ය්‍යසත්‍ය පැහදිලි කිරිම පංචඋපාධානස්ඛන්ධය මගින් කරනු ලබයි එනම්.

    දුඃඛාර්‍ය්‍යසත්‍ය             =   පංචස්ඛන්ධය උපාධාන විමයි 
  දුඃඛසමුදයාර්‍ය්‍යසත්‍ය    = පංචස්ඛන්ධය උපාධාන විමට හෙතුව                                                       තණ්හාවයි 
  දුඃඛනිරොධාර්‍ය්‍යසත්‍ය  = පංචස්ඛන්ධය උපාධාන නොමැති ස්ථානය
  දුක්ඛනිරොධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍ය    = පංචස්ඛන්ධය උපාධාන                                                                        නොමැති ස්ථානයට ගමන්මඟ

3.  ඉහත කාරණා අනුව පැහැදිලි වන්නේ බුදුදාහම තෙරැම් ගැනීමට පංචස්ඛන්ධය හා පංචඋපාධානස්ඛන්ධය      තෙරැම් ගැනීම අත්‍යඅවශය්‍ය බවයි.

4.ධර්මයේ පංචනීවර්ණ මගින් නිවන ආවර්ණය කරණ බව පැහැදිලිකරයි  එනම් පංචඋපාධානස්ඛන්ධය ආවර්ණය කිරීම පංචනීවර්ණ මගින්ම සිදුකරනු ලබයි. මෙයින් පංචඋපාධානස්ඛන්ධය සම්බන්ඳව වැදගත් ධර්මයක් පැහැදිලිවෙ එනම් පංචනීවර්ණ මානසික ධර්මයක් බැවින් පංචඋපාධානස්ඛන්ධයද මානසික ධර්මයක් වියයුතුයි.

5 දීඝ නිකායේ මහා සතිපට්ඨාන සූත්‍රයේ ධම්මානු පස්සනාවෙ පෙලගස්සවා ඇති ධර්ම කරැණු නීවර්ණ පබ්බය,පංචඋපාධානස්ඛන්ධ පබ්බය, ආයතන පබ්බය, බොජ්ජංඟ පබ්බය,චතුර්‍ය්‍යසත්‍ය පබ්බය, වශයෙනි මෙමගින් පහතින් පෙන්වා ඇති ආකාරයට පංචඋපාධානස්ඛන්ධ සම්බන්ධ තොරතුරුලබාගත හැකිවේ.

නීවර්ණ  පබ්බය,පංචඋපාධානස්ඛන්ධ පබ්බය, ආයතන පබ්බය,        බොජ්ජංඟ පබ්බය,චතුර්‍ය්‍යසත්‍ය පබ්බය


i.පංචඋපාධානස්ඛන්ධය ආවර්ණය කිරීම පංචනීවර්ණ මගින්ම සිදුකරනු ලබයි

ii.පංචඋපාධානස්ඛන්ධය සකස්වීම ඇස්,කණ්, නාශා, දිව කය, මන යන ආයතන මගින් සිදුකරනු ලබයි.

iii.පංචඋපාධානස්ඛන්ධය  උපාධාන විම නැවැත්වීමෙ වැඩ පිලිවෙල  සප්ත බොජ්ජංඟ ධර්ම වැඩීමයි.

iv.පංචස්ඛන්ධය උපාධාන නොවන අවස්ථාව චතුර්‍ය්‍යසත්‍ය    දැකීම හෙවත් සම්මාදිට්ඨිය ලැබිමයි .


6 ඉහත පෙන්වා ඇති ධර්මකරුණු හා පහාතින් හදුන්වා ඇති ධර්මකරුණු සැලකිල්ලට ගෙන  පංචස්ඛන්ධය    තෙරුම්ගැනිමට උත්සහගන්න.

   පංචස්ඛන්ධය මනොමය දෙයක් බව.

 ඇස්,කණ්, නාශා, දිව කය, මන යන ආයතන මගින්    පංචස්ඛන්ධය හටගන්නා බව.



  ඉතා කුඩා කාලයක් (මොහොතක්) තුල ඇස්වලට පෙනෙන සියලුම         රෑපමගින් ඇතිකරණ  මනොරැපයන් එම කාලයේ පංචස්ඛන්ධයේ             කොටස්බව,මේ ආකාරයටම ඉතිරි ආයතන   පහ මගින්ද ඇතිකරණ         මනොරැපයන් පංචස්ඛන්ධය සකස්කරණ බව.


i. ඉහත මනොරැපයන්ගෙන් එකක් එක්වරකට උපාධානයට හසුවනබව.


ii.එක් මනොරූපයක් තුල රෑප, වේදනා,සඤ්ඤා,සංස්කාර,විඤ්ඤාණ
   යන අංග පහ ඇතුලත්බව.

iii.එක් මනොරැපයක්  එක්වරකට උපාධාන වීම
    පංචඋපාධානස්ඛන්ධය ලෙස හදුන්වනබව.


පංචස්ඛන්ධය හා පංචඋපාධානස්ඛන්ධය සම්බන්ඳව වැඩිදුර අද්ධ්‍යනය කිරීම සඳභා පහතින් දක්වා ඇති ධර්මදෙශනා ශ්‍රවණය කරන්න.





දේශනා



  දුඃඛාර්‍ය්‍යසත්‍යය

කතමඤ්ච භික්ඛවේ දුක්ඛං අරියසච්චං? ඡාතිපි දුක්ඛා, මරණම්පි දුක්ඛං, සෝකපරිදේව, දුක්ඛදෝමස්සුපායාසාපි දුක්ඛා අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ, පියේහි විප්පයෝගෝ දුක්ඛෝ යම්පිච්ජං න ලභති තම්පි දුක්ඛං සඬ්ඛිත්තෙන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා.



(ඇවත්නි, දුඃඛාර්‍ය්‍යසත්‍යය කවරෙ ද : ජාතිය  දුකවේ, ජරාව දුකවේ, මරණය දුකවේ, ශොකය දුකවේ, පරිදෙවය දුකවේ,  දුඃඛය දුකවේ,  දෞර්‍මනස්‍යදුකවේ,   උපායාසයෝ දුකවේ,අප්‍රියදෙය ලැබීම දුකවේ,ප්‍රියදෙය නොලැබීම දුකවේ, කැමතිදෙය නොලැබිම දුකවේ, සැකෙවින් පඤ්චොපාදනස්කන්ධයෝ දුකවේ.)

1.ඉහතින් දක්වා ඇත්තේ මාහා සතිපට්ඨාන සූත්‍රයේ ධම්මානු පස්සනාව යටතේ දුඃඛාර්‍ය්‍යසත්‍යය පැහැදිලි කරඇති ආකාරයයි.

2.මෙහිදී ජාතිය,ජරාව,මරණය,ශොකය,පරිදෙවය,දුඃඛ,දෞර්‍මනස්‍ය,උපායාසය,අප්‍රියදෙය ලැබීම,ප්‍රියදෙය නොලැබීම,කැමතිදෙය නොලැබිම,
වශයෙන් දුකේ අවස්ථා 11 ක් පෙන්වා ඇත නමුත් විස්තරක්‍රිරීමේදි
අවසාන 3 එක කරැණක් වශයෙන් ගෙන තිබේ.

3.මෙහි ජාතිය,ජරාව,මරණය පමනක් ස්භාවධර්මයේ පවතින අතර ඉතිරි ඒවා සත්ව පුද්ගලභාවය අනුව   මනසින් සකස්කර ගන්නා දෙවල්වේ.

4.එනම් ශොකය,පරිදෙවය,දුඃඛ,දෞර්‍මනස්‍ය,උපායාසය,අප්‍රියදෙය ලැබීම,ප්‍රියදෙය නොලැබීම,කැමතිදෙය නොලැබිම ආදී දුක්, ජාතිය,ජරාව,මරණ යන  ධර්ම  වල කියාකාරිත්වය අනුව   මනසින් සකස්කර ගන්නා දෙවල්වේ.



5.සත්ව පුද්ගලභාව අනුව මනසින්  සකස්කරගැනීම ,උපාධාන වීම ලෙස  ගතයුතුවේ.  

6.සත්වයකුට ජාතිය,ජරාව,මරණයද දුකක් වන්නේ එම ස්භාවයන්  උපාධානය වනවිට පමනකි.

7.සත්වයකුට දුකක් වන්නේ එම ස්භාවයන් උපාධානය වනවිට පමනකි
 මේ අනුව සියළුම දුක්  හටගැනීම උපාධානය  මගින් සිදුවන බැවින්

"සඬ්ඛිත්තෙන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා."
"සැකෙවින් පඤ්චොපාදනස්කන්ධයෝ දුකවේ"

දුඃඛාර්‍ය්‍යසත්‍යය සම්බන්ඳව වැඩිදුර අද්ධ්‍යනය කිරීම සඳභා පහතින් දක්වා ඇති ධර්මදෙශනා ශ්‍රවණය කරන්න.



අනුශාසනාව



දුඃඛසමුදයර්‍ය්‍ය සත්‍යය


"කතමඤ්ච භික්ඛවේ දුක්ඛසමුදයං අරියසච්චං?යායං තණ්හා පොනොභවිකා නන්දිරාගසහගතා තත්‍ර තත්‍රාභිනන්දිනී?සෙය්‍යථිදං කාමතණ්හා භවතණ්හා විභවතණ්හා."

(මහණෙනි දුඃඛසමුදයර්‍ය්‍ය සත්‍යය කවරේද යත් නැවත නැවත ඉපැදීම කරන්නාවූ,  අරමුණෙහි ඇලෙන,අරමුණෙන් අරමුණට මාරැවන  යම් තෘෂ්ණාවක් වේ ද? ඒ කවරෙදයත් කාමතණ්හා භවතණ්හා විභවතණ්හා වේ.)

ඉහත තොරතුරු අනුව දුඃඛසමුදයර්‍ය්‍ය සත්‍යය  සම්බන්දව පහතින් පෙන්වා ඇති කරුනු සැලකිල්ලට ගන්න.

1.දුකට හෙතුව තණ්හාව බව.
2.කාමතණ්හා ,භවතණ්හා ,විභවතණ්හා වශයෙන් තණ්හාවේ ආකාර          තුනක් ඇති බව.
3.තණ්හාව තුල නැවත නැවතඉපැදීම,අරමුණෙහිඇලෙන බව,අරමුණෙන්    අරමුණට මාරැවන බව,වශයෙන් හැකියාවන් තුනකින් යුක්ත බව.

4.කාමතණ්හාව මගින් අරමුණෙහි ඇලීම සිදුකරයි.
   භවතණ්හාව මගින් අරමුණෙහි උපෙක්ෂාව සිදුකරයි.
   විභවතණ්හාව  මගින් අරමුණෙහි ගැටීම සිදුකරයි.

5.තණ්හාවේ ඇති "පොනොභවිකා" ගුනයෙන් නැවත නැවත අරමුණු              ගැනීම සිදුකරයි.
    තණ්හාවේ ඇති "නන්දිරාගසහගතා" ගුනයෙන්  අරමුණෙහි ඇලීම,
    උපෙක්ෂාව,ගැටීම, සිදුකරයි.
  තණ්හාවේ ඇති "තත්‍ර තත්‍රාභිනන්දිනී" ගුනයෙන් ඇස්,කන් නාශා ආදි       ඉන්ද්‍රීයන්ට මාරැවීම සිදුකරයි. 

මෙය බුදුධහාමේ පෙන්නුම් කරණ සත්ව ක්‍රියාවලිය හෙවත් සංසාරයයි.

6.දුඃඛාර්‍ය්‍යසත්‍යය යනු පංචස්ඛන්ධය උපාධාන වීම බැවින්,

තණ්හාවේ ඇති "පොනොභවිකා" ගුනයෙන් නැවත නැවත පංචස්ඛන්ධය උපාධාන වීම සිදුකරයි.

 තණ්හාවේ ඇති "නන්දිරාගසහගතා" ගුනයෙන්  පංචස්ඛන්ධය උපාධානය තුල ඇලීම,උපෙක්ෂාව,ගැටීම, සිදුකරයි.
                       තණ්හාවේ ඇති "තත්‍ර  තත්‍රාභිනන්දිනී" ගුනයෙන් පංචස්ඛන්ධය උපාධා    නය ඇස්,කන් නාශා ආදි    ඉන්ද්‍රීයන්ට මාරැවීම සිදුකරයි.


වැඩි විස්තර සදහා පහාත ධර්මදෙශණා ශ්‍රවණය කරන්න.

දේශනා-201404-29-01

දේශනා-201404-29-02



.










Friday, April 24, 2015

ගැටලු හා විසදුම්

ගැටලු හා විසදුම්

ඔබගේ ගැටළු ඊමේල් මාර්ගයෙන් (සිංහල යුනිකෝඩ් භාවිතා කර ) අප වෙත යොමු කරන්න.ellawalavijithananda@gmail.com


1.භාවනා කරනවිට නිදිමත වැඩියෙන් දැනෙන් ඇයි?

පිළිතුර ශ්‍රවණයකරන්න.

2.අනිච්ච දුක්ඛ අනාත්ම මෙනෙහි කිරිම විපස්සනාවක් නොවන්නෙ ඇයි?

පිළිතුර ශ්‍රවණයකරන්න.

3.සමාධි ශික්ෂාව පැහැදිලි කරන්න. ?

පිළිතුර ශ්‍රවණයකරන්න.

4.සමාධි ශික්ෂාවෙදි උපන්අකුසලය මැඩපැවත්වන්නෙ කෙසෙද.?

පිළිතුර ශ්‍රවණයකරන්න.

5.පැරණි අයට පහාසුවෙන් මෙම ධර්මය තෙරීඇත්තෙ කෙසෙද.?

පිළිතුර ශ්‍රවණයකරන්න.

6.හුස්ම නොදැනෙන අවස්ථාවලදි කලයුතු දෙය කුමක්ද?

පිළිතුර ශ්‍රවණයකරන්න.

7.වාචා කම්මන්ත ආජිව යන අංග තුන සම්මා වන අවස්ථා උදාහරණ ඇසුරෙන් පෙන්වා දෙන්න.

පිළිතුර ශ්‍රවණයකරන්න.

8.අංග අට මගින් සංසාරය හැදෙනහැටි උදාහරණ ඇසුරෙන් පෙන්වා දෙන්න.

පිළිතුර ශ්‍රවණයකරන්න.

9.ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩිය යුත්තේ ශීල, සමාධි, ප‍්‍රඥා වසයෙන්ද නැත්නම් ප‍්‍රඥා,ශීල, සමාධි වසයෙන්ද?

පිළිතුර ශ්‍රවණයකරන්න

10.කාය විවෙකය අදුන්වාදෙන්න?

පිළිතුර ශ්‍රවණයකරන්න

11.ආනාපානසති භාවනාව කරගෙන යනවිට කයට දැනෙන වෙදනාවල්
සම්බන්ධව අවධානයෙන් සිටීම හොදද?

පිළිතුර ශ්‍රවණයකරන්න

12.බෞද්ධයා සෑමවිටම සම්මාදිට්ඨියේ සිටිනවාද?

පිළිතුර ශ්‍රවණයකරන්න

13.කාමරාග හා රෑපරාග පැහැදිලි කරණ්න?

පිළිතුර ශ්‍රවණයකරන්න

14.ආනාපාන සති භාවනා කරමින් බණ ඇසීම කලහැකිද?

පිළිතුර ශ්‍රවණයකරන්න

15.මේ ජිවිත කාලයේදීම සොවාන් විමට පුලුවන්ද?

පිළිතුර ශ්‍රවණයකරන්න

16. ආනාපානසති භාවනාවේ සබ්බකාය පටිසංවේදි අවස්ථාව  පැහැදිලි කරණ්න?.

පිළිතුර ශ්‍රවණයකරන්න

17.ආනාපානසති භාවනාවේ අජ්ජත්ත කය හා බහිද්ධ කය  පැහැදිලි කරණ්න?

පිළිතුර ශ්‍රවණයකරන්න

18.ආනාපානසති භාවනාවේ අජ්ජත්ත කය හා බහිද්ධ කය නැවත පැහැදිලි කරණ්න?

පිළිතුර ශ්‍රවණයකරන්න

19.ඇතැම් භාවනා ගුරුවරු ආනාපානසති භාවනා කරණවිට දැනෙන වේදනාවල් හා ශබ්ද මෙනෙහිකිරීමට  උපදෙස් දෙයි මෙය කලයුතුම දෙයක්ද?

පිළිතුර ශ්‍රවණයකරන්න

20.සමථ භාවනාවේදි සම්මාවායාමය වැඩියයුතු ආකාරය පැහැදිලි කරණ්න?

පිළිතුර ශ්‍රවණයකරන්න

21.මෛත්‍රි භාවනා කිරීමට සුදුසුම වචන ක්‍රමය කුමක්ද?

පිළිතුර ශ්‍රවණයකරන්න

22.පස්සම්භයං කායසංඛාර අවස්ථාව කායවිඤ්ඤාණය ක්‍රියාකාරි නොවන
      අවස්ථාවක්ද?

පිළිතුර ශ්‍රවණයකරන්න

23.රෑප රාගය යෙදෙන අවස්ථාවලට උදාහරණ දෙන්න.

පිළිතුර ශ්‍රවණයකරන්න

24.පස්සම්භයං කායසංඛාර අවස්ථාවට පසුව ඇතිවන හිස්තැනෙදි කලයුතුදෙය කුමක්ද?

පිළිතුර ශ්‍රවණයකරන්න

25.රෑප රාගය යෙදෙන අවස්ථාවල් ප්‍රඥ්ඥාව හා සතියෙන් තෙරුම්ගන්ඞ පලුවන්නේද?


26.යෝනිසෝ මනසීකාරය පැහැදිලි කරණ්න.

පිළිතුර ශ්‍රවණයකරන්න

27.සතිය හා මතකය එකම දෙයක්ද?

පිළිතුර ශ්‍රවණයකරන්න

28.පංච නීවර්ණ තුල රූපරාග තිබියහැකිද?

පිළිතුර ශ්‍රවණයකරන්න

29.විපස්සනා භාවනාවේදි සමුදය ධම්මානුපස්සි විහරති පැහැදිලි කරණ්න.

පිළිතුර ශ්‍රවණයකරන්න

30.භාවණාවේදි අරූපරාග දැනෙන අවස්ථාවක් පැහැදිලි කරණ්න.

පිළිතුර ශ්‍රවණයකරන්න

31.අධිකුසලය පැහැදිලි කරණ්න?

පිළිතුර ශ්‍රවණයකරන්න

32.නිවන් දැකීමේ අරමුණෙන් ලෝකයා යෙදෙන ආජිවය පැහැදිලි කරණ්න?

පිළිතුර ශ්‍රවණයකරන්න

33.අල්පේච්ඡ බව තිබුණත් පදපරම පුද්ගලයාට නිවන් දකින්න බැහැනේද?

පිළිතුර ශ්‍රවණයකරන්න

34.භාවණා කරණවිට තමාගේ සරීරය වැනෙන බව දනෙනවා නම් කලයුතුදෙය කුමක්ද?

පිළිතුර ශ්‍රවණයකරන්න

35.භාවණා කරණවිට දැනෙන නිමිත්ත ප්‍රමානයෙන් විශාල ලෙස පෙනිය හැකිද?

පිළිතුර ශ්‍රවණයකරන්න


36.නීවර්න යටපත් කිරීමේ සිට මාර්ගඵල අවබෝධය දක්වා විදර්ශණා භාවනාව පැහැදිලි කරණ්න?

පිළිතුර ශ්‍රවණයකරන්න

37.විපස්සනා භාවනාවේදි යොගියා විසින් සිදුකරණ අත්වැරදි පැහැදිලි කරණ්න?

පිළිතුර ශ්‍රවණයකරන්න

38.
 ස්වාමින් වහන්සේගේ ධර්ම දෙසනා ශ්‍රවණය කලෙමි. 
ආනාපාන භාවනාවේදී එන අද්ජත්තන්වා භාහිද්දවා හා ඉරියාපත භාවනාවේ එන අද්ජත්තන්වා භාහිද්දවා සම්බන්ද කරන්නේ කෙසේද.
ඉරියාපත භාවනාවේදී මා ඉගෙන ඇති ආකාරයට කරනුයේ ඉරියව් ගෙන අවදානයෙන් සිටීමය. මෙහිදී තමාට දැනෙන හා නොදැනෙන ලෙසද එය ගත යුත්තේ? මෙය හරි හැටි නොවැටහේ.

තෙරුවන් සරණයි 
ජයන්ත 

පිළිතුර

ඉරිපථ භාවනාවේ අද්ධත්ත හා බහිද්ධ අවස්ථාව

ඉරිපථ භාවනාවේදී පලමුව ඉරියව්පැවැත්වීම සම්බන්දව අවධානයෙන් සිටිය යුතුවේ. වැඩි කාලයක් මෙසේ පුරුදුවන විට එම ඉරියව්පැවැත්වීම හුදු කායික දැනීමක් පමනක් බවට පත්වන අවස්ථාවකට එලබේ. මෙම අවස්ථාවේ එම කායික දැනීම අද්ධත්ත වන අතර එසේ නොදැනෙන කොටස් බහිද්ධ  ලෙස ගත යුතුවේ.

තෙරුවන් සරණයි .

39.මනුස්සන්ට මෙන් දෙවියන්ට පංචස්කන්ධයේ අනිත්‍ය තාව 
      වැටහෙනවාද?

පිළිතුර ශ්‍රවණයකරන්න

40.දෙවියන් පිංඅනුමෝදන් කරගන්නේ කේසේද?

පිළිතුර ශ්‍රවණයකරන්න

41. කාම, භව.  විභව තණ්හා මගින් පංචස්කන්ධය උපාධාන වන ආකාරය       පැහැදිලි කරන්න.


පිළිතුර ශ්‍රවණයකරන්න

42.ඕඝ තරණ ස්‍රත්‍රයේ පැහැදිලි කරණ අප්තිට්ඨං, අනායුහං       යනආකාරයෙන් පෙන්වා ඇති විපස්සනා භාවනාව   පැහැදිලි කරන්න.

පිළිතුර ශ්‍රවණයකරන්න

43.
ගරුතර ස්වාමීන්වහන්ස,

ඉහත ප්‍රශ්ණයට ඔබ වහන්සේ දෙන ලද පිළිතුර තව දුරටත් නිරාකරණය කර ගැනීමට අවශ්‍යයි. පංච විමුක්තායතන සුත්‍රයේදී මෙනෙහි කිරීම තුලින් නිවන් අවබෝධ වන බව පහත සඳහන් අයුරින් සඳහන් වේ.

තවද මහණෙනි, භික්‍ෂුහට ශාස්තෘ හෝ අන්‍යතර ගුරුස්ථානික සබ්‍රම්සරෙක් හෝ නො ම දහම් දෙසන්නේ ය. යථාශ්‍රැත යථාපර්ය්‍යාප්ත ධර්‍මය විස්තරයෙන් පරහට නො ද දෙසන්නේ ය. යථාශ්‍රැත යථාපර්ය්‍යාප්ත ධර්‍මය විස්තරයෙන් නො ද සජ්ඣායනා කරන්නේ ය. වැලිත් යථාශ්‍රැත යථාපර්ය්‍යාප්ත ධර්‍මය සිතින් අනුවිතර්‍ක කෙරේ. අනුවිචාර කෙරේ. සිතින් අනුප්‍රෙක්‍ෂා කෙරේ. මහණෙනි, මහණ යම් යම් පරිදි යථාශ්‍රැත යථාපර්ය්‍යාප්ත ධර්‍මය සිතින් අනුවිතර්‍කන කෙරේ නම්, අනුවිචරණ කෙරේ නම්, සිතින් අනුප්‍රෙක්‍ෂා කෙරේ නම්, ඒ ඒ පරිදි හෙ එ දහම්හි අරුත් පිළිවිදුනේත් පෙළදම් පිළිවිදුනේත් වෙයි. අරුත් පිළිවිදුනා පෙළදම් පිළිවිදුනා ඕහට ප්‍රමොදය උපදනේය. ප්‍රමුදිතයාහට ප්‍රීතිය උපදනේය. ප්‍රීතිමනස්කයාගේ කය සන්හිඳෙයි. සන්හුන් කය ඇතියේ සුව විඳිනේය. සුව ඇතියහුගේ සිත සමාහිත වේ. මහණෙනි, යම් විමුත්තායතනයෙක්හි අප්‍රමත්ත ව ආතාපී ව ප්‍රහිතාත්ම ව වාස කරණ මහණහුගේ අවිමුක්ත වූ හෝ චිත්තය මිදේ නම්, අපරික්‍ෂීණ වූ හෝ ආස්‍රවයෝ පරික්‍ෂයට යෙත් නම්, අනනුප්‍රාප්ත වූ හෝ අනුත්තරයොගක්‍ෂමයට අනුප්‍රාප්ත වේ නම්, මේ ඒ සතරවන විමුක්තායතනයයි.

එසේ නම් කෙනෙක් අර්ථ සහිතව කෙළෙස් තවන අයුරින් අනිච්ච දුක්ඛ අනාත්ම මෙනෙහි කිරිම තුලින් නිවන් ලැබිය හැකි නේද? කරුණාකර පහදා දෙන්න. 



Tuesday, April 21, 2015

සත්තිස් බෝධිපාක්ෂික ධර්ම

සත්තිස් බෝධිපාක්ෂික ධර්ම

සතර සතිපට්ඨානය -:
                                 කායානු පස්සනාව
                                 වේදනානු පස්සනාව
                                 චිත්තානු පස්සනාව
                                 ධම්මානු පස්සනාව

සතර සම්ය්‍යයක් ප‍්‍රධාන වීර්යය-:  
                                                  නූපන් අකුසල් නූපදවීමේ වීර්යය
                                                 උපන් අකුසල් ප‍්‍රහාණය කිරීමේ වීර්යය.
                                                 නූපන් කුසල් උපදවාගැනිමෙ වීර්යය
                                                 උපන් කුසල් වැඩිදියුනු කරගැනීමේ වීර්යය

සතර සෘද්ධිපාද-: 
                            ඡන්ද සෘද්ධිපාද
                            චිත්ත  සෘද්ධිපාද
                            විරිය සෘද්ධිපාද
                            වීමංසා  සෘද්ධිපාද

පංච ඉන්ද්‍රිය-:  
                            ශ‍්‍රද්ධා ඉන්ද්‍රිය
                            විරිය ඉන්ද්‍රිය
                            සති ඉන්ද්‍රිය
                           සමාධි ඉන්ද්‍රිය
                           ප‍්‍රඥා ඉන්ද්‍රිය

පංච බල-: 
                          ශ‍්‍රද්ධා බල
                          විරිය බල
                          සති බල
                          සමාධි බල
                          ප‍්‍රඥා බල

සප්ත බොජ්ජංග-:  
                                 සති බොජ්ජංගය
 ධම්මවිජය බොජ්ජංගය
 වීරිය බොජ්ජංගය
 ප‍්‍රීති බොජ්ජංගය
 පස්සද්ධි බොජ්ජංගය
 සමාධි බොජ්ජංගය
 උපේක්ෂා බොජ්ජංගය

ආර්ය අෂ්ඨාංගික මාර්ගය-:
                                         සම්මා දිට්ඨි
                                   සම්මා සංකප්ප
 සම්මා වාචා
 සම්මා කම්මන්ත
                                   සම්මා ආජීව
 සම්මා වායාම
 සම්මා සති
 සම්මා සමාධි


සත්තිස්බෝධිපාක්ෂික ධර්ම හා ආර්ය අෂ්ඨාංගික මාර්ගය අතර සම්බන්ධය-:











සත්තිස් බෝධිපාක්ෂික ධර්ම සම්බන්ඳව වැඩිදුර අද්ධ්‍යනය කිරීම සඳභා පහතින් දක්වා ඇති ධර්මදෙශනා ශ්‍රවණය කර්න්න-:





2.   ධර්මදෙශනා -02

3. ධර්මදෙශනා-03

4. ගෙඹි අම්මා සහ ඉස්ගෙඩි පැටව්
(ශ‍්‍රී පාද අඩවියේ වර්ණගල අම්බලමේ 2014 වර්ෂයේ නොවැම්බර් මස  පැවැත්වූ භාවනා වැඩ සටහනේ සිදුකළ අනුශාසනාවකි.)

      ධර්මදෙශනා -04





පංච නීවර්ණ

පංච නීවර්ණ

1.නීවණ යනු මනසේ පහල වන මානසික ගති ස්වභාවයකි.

2. පුද්ගලයන්ගේ සත්‍ය ස්වරූපය ආවරණය කිරීම නීවරණවල කෘත්‍ය වේ.

3.බුදුදහමේ පෙන්වන නිවන ආවරණය කරන ප‍්‍රධාන මානසික අංගයන් වන්නේ නීවරණයන් වේ.

4.තවද කාමාවචර භාවය ඉක්මවා ඇති රූපාවචර හා අරූපාවචර මානසික තත්වයන් නීවරණ මගින් ආවර්ණය    කරයි.

5.සමථ භාවනා ක‍්‍රම මගින් නීවර්ණ යටපත් කිරීමට හැකිවේ.

6.විපස්සනා භාවනා ක‍්‍රම මගින් පළමුව නීවර්ණ යටපත් කරන අතර දෙවනුව නීවර්ණ ජනණය කරණ  ආස‍්‍රවයන් විනාශකර නීවර්ණ අතුරුදහන් කරනු ලබයි.

7.ධර්මයේ පංච නීවර්ණ කාමච්ඡුන්ද, ව්‍යාපාදය, ථීනමිද්ධය, උද්ධච්ච- කුක්කුච්ච හා විචිකිචිචා ලෙස නම් කරයි.


කාමච්ඡන්ද
කාමලෝකයේ ජීවත්වන සත්්වයන්ගේ ඇස්, කන, නාසා ආදී ඉන්ද්‍රියයන් මගින් ලබාදෙන අරමුණු වලට කැමැත්ත, ආශාව, ඇල්ම ඇති කරනු ලබන්නේ කාමඡන්ද නීවර්ණය මගිනි.

ව්‍යාපාදය
කාම ලෝකයේ ජීවත්වන සත්්වයන්ගේ ඇස්, කන්්, නාසා ආදී ඉන්ද්‍රියයන් මගින් ලබාදෙන අරමුණු වලට අකමැත්ත තරහව ගැටීම ඇති කරනු ලබන්නේ ව්‍යාපාද නීවර්ණය මගිනි.

ථීනමිද්ධය
කාමලෝකයේ ජීවත්වන සත්වයන්ගේ ඇස්, කන, නාසා ආදී ඉන්ද්‍රියයන් මගින් ලබාදෙන අරමුණුු තාවකාලිකව නවතා දැමීමට කි‍්‍රයාකරනු ලබන්නේ ථීනමිද්ධ නීවර්ණයයි. සෑම පුද්ගලයෙක්ම නින්දට යොමු කරන්නේ ථීනමිද්ධ නීවර්ණයයි.

උද්ධච්ච කුක්කුච්ච
කාමලෝකයේ ජීවත්වන සත්වයන්ගේ ඇස්, කන, නාසා ආදී ඉන්ද්‍රියයන් මගින් ලබාදෙන අරමුණු වල නොසන්සුන් ස්වභාවය ඇති කරනු ලබන්නේ උද්ධච්ච කුක්කුච්ච නීවර්ණය මගිනි.

විචිකිච්චා
කාමලෝකයේ ජීවත්වන සත්වයන්ගේ ඇස්, කන, නාසා ආදී ඉන්ද්‍රියයන් මගින් ලබාදෙන අරමුණු වලට සැක ස්වරූපයක් ඇති කරනු ලබන්නේ විචිකිච්චා නීවර්ණය මගිනි.


ජීවත්වීම හා නීවර්ණ අතර සම්බන්ධය

නීවර්ණ මගින් නිවන ආවරණය කරන අතරමල සංසාරය පවත්වාගෙන යෑමට ද උදව් කරනු ලබයි.
සාමාන්‍ය මිනිසුන්ගේ කි‍්‍රයාකාරීත්වය රදා පවතින්නේ එම පුද්ගලයන්ගේ මනසේ කි‍්‍රයාත්මක වන  නීවර්ණ වල බලපෑම අනුව වේ.

සෑම මිනිසෙක්ම ජීවත්ව වීමේදී තමන් කැමති දෙය ලබා ගැනිමටත් අකමැති දෙයින් ඉවත් වීමටත් උත්සාහ කරයි. මෙය සමාජයේ ඉල්ලූම ලෙස හඳුන්වයි. ලෝකයේ තිබෙන සියලූම ඉල්ලූම්වල මනෝකාරකයන් වන්නේ කාමච්ඡන්ද සහ ව්‍යාපාදයයි. 

සමාජයේ ඉල්ලුමක් ඇති විට ඊට අදාල සැපයුම් නිපදවනු ලැබේ. මේ සදහා සිදුකරනු ලබන නව සොයා ගැනිම් පර්යේෂණාදියට උදව් වන්නේ උද්දච්ච කුක්කුච්ච නීවරණය හා විචිකිච්චා නීවරණයයි.

එනම් සමාජයේ දිවණුව යනු උද්දච්ච කුක්කුච්ච හා විචිකිච්චා නීවරණ දෙකෙන් වැඩ ගන්න ප‍්‍රමාණයයි.

සෑම පුද්ගලයෙක්ම නිදා ගැනීමට ආසන්න මොහොතේ නීවරණ පහම යටපත් වේ. නමුත් එවැනි අවස්ථාවකදී පලදායි මනෝ භාවයන් වන ශද්ධාව, සතිය, වීරියය ,සමාධි, පඤ්ඥා,  වැනි ගුණාංග අක‍්‍රීය බැවින් සත්‍යය අවබෝධයකට යොදා ගත නොහැකි වෙයි. 

සමථ භාවනාවක් මගින් පංච නීවරණ යටපත් කරණ අතර ශ‍්‍රද්ධාව, සතිය, වීරිය, සමාධි යන මනෝ භාවයන් සංවර්ධනය කරයි.


විපස්සනා භාවනාවකින් වැඩි දියුණු කරන සප්තබොජ්ජංග නැමැති මනෝ භාවයන් මගින් යටපත් වූ නීවර්ණවල මූලයන් විනාශ කරනු ලබයි. 

සාමාන්‍ය පුද්ගලයෙකුගේ මරණාසන්න අරමුණේ යෙදී ඇති නීවරණවල ප‍්‍රබලතාව මත දේව මනුස්ස සතර අපාය යන සත්ව තලවල නැවත ඉපදීම සිදු වේ.

සමථ භාවනාවකින් නීවණ යටපත් කල පුද්ගලයෙකු මරණාසන්න අරමුණේ නීවර්ණ යටපත් කරගැනීමට දක්ෂ වූ විට ඔහු විසින් වැඩි දියුණු කරගත් යහපත් මනෝභාවයන්ගේ ස්වභාවය අනුව රූපාවචර අරූපාවචර සත්ව තලවල ඉපදීම සිදුවේ.

විපස්සනා භාවනාවකින් පළමුව නීවරණ යටපත් කරගෙන දෙවනුව විචිකිච්චා නීවරණය සම්පූර්නයෙන් විනාශ කිරීමන් සොවාන් තත්ත්වයට පත්වී මරණයෙන් පසු කාමලෝකයේ නැවත ඉපදීම් හතකට අවම කරගනී.
විපස්සනා භාවනාවකින් කාමච්ඡුන්දය හා ව්‍යාපාදය නීවරණවල මූල වල අඩක් විනාශ කිරීමෙන් සකදාගාමී තත්ත්වයට පත්වී කාමලෝකයේ නැවත ඉපඳීම් එකකට සීමා කර ගනී.

විපස්සනා භාවනාවකින් කාමච්ඡුන්දය හා ව්‍යාපාදය නීවරණවල මූල  සම්පූර්ණයෙන් විනාශ කිරීමෙන් අනාගාමී තත්ත්වයට පත්වී අකනිඨා බ‍්‍රහ්මලෝකයේ එක්වරක් පමණක් ඉපඳීම සිදු වේ.

විපස්සනා භාවනාවකින් පංච නීවර්ණවල මූලයන් සියල්ලම සම්පූර්ණයෙන්ම විනාශ කිරීමෙන් මහරහත් භාවයට පත් වී සංසාරය අවසාන කරයි.



පංච නීවර්ණ සම්බන්ඳව වැඩිදුර අද්ධ්‍යනය කිරීම සඳභා පහතින් දක්වා ඇති ධර්මදෙශනා ශ්‍රවණය කර්න්න


ධර්මදෙශනා-01
ධර්මදෙශනා-02



Monday, April 20, 2015

භාවනා වැඩමුළු

Wesunu Niwandora Viwara Kara Ganimu.pdf

භාවනා වැඩමුළු
විවිධ ස්ථානවල සිදු කළ භාවනා වැඩමුළුවල  දේශනා මෙම වෙබ් පිටුවේ ඇතුලත් කර ඇති බැවින් ඒවා ශ්‍රවණය කරමිත් ඔබගේ භාවනාව සාර්ථක කර ගන්න.




රාගම  වල්පොල ශ්‍රි විමලරත්නා රාම විහාරස්ථානයේ දී 2015
නොවැම්බර් මස 28,දෙසැම්බර් මස 12,19,26 2016 ජනවාරි
           මස 09,16,23 දින වල පැවැත්වූ භාවණා වැඩමුළුව


දේශනා-01

දේශනා-02

දේශනා-03

දේශනා-04

දේශනා-05

දේශනා-06

දේශනා-07

දේශනා-08

දේශනා-09

දේශනා-10

දේශනා-11

දේශනා-12

දේශනා-13

දේශනා-14

දේශනා-15










එඩේරමුල්ල ගොංගිතොට ශ්‍රි විජයාරාම විහාරස්ථානය(205 සැප්. 112,19,26 ඔක්. 10,17,24 නොවැ. 14 සෙනසුරාල දා දිනවපෙරවරැ 8.30 සිට පස්වරු 3.00 දක්වා)


දේශනා-01

දේශනා-02

දේශනා-03

දේශනා-04

දේශනා-05

දේශනා-06

දේශනා-07

දේශනා-08

දේශනා-09


දේශනා-10

දේශනා-11

දේශනා-12

දේශනා-13

දේශනා-14

දේශනා-15

දේශනා-16

දේශනා-17

දේශනා-18

දේශනා-19

දේශනා-20

දේශනා-21

දේශනා-22

දේශනා-23

දේශනා-24

දේශනා-25

දේශනා-26








කොළඹ 06,සුගත දස්සිනාරාමය






දේශනා-03

දේශනා-04




7.   2015-ජූනි 27,ජූලි 04,11,18,25  අගොස්තු 01,08 යන 
     සෙනසුරාදා දිනවල පෙරවරැ 8.30 සිට පස්වරු 3.00 දක්වා
    පානදුර වලාන ශ්‍රී බෞද්ධාරාමයේදී (මඩවල පන්සල) හා වැලිපිටිය         විහාරස්ථානයේ පැවැත්වූ භාවනා  වඩමුළුව.

දේශනා-01

දේශනා-02

දේශනා-03

දේශනා-04

දේශනා-05

දේශනා-06

දේශනා-07

දේශනා-08

දේශනා-09

දේශනා-10

දේශනා-11

දේශනා-12


දේශනා-13


දේශනා-14

දේශනා-15

දේශනා-16

දේශනා-17

දේශනා-18

දේශනා-19

















පානදුර වැලිපිටිය විහාරස්ථානයේ 2015-10-03 දින පැවැත්වූ දෙශණා

Panadura 151107-01

Panadura 151107-02

Panadura 160106-01

Panadura 160106-02

Panadura 160106-03


6.කැළණිමුල්ලේ කිත්සිරිමෙවන් රාජමහා විහාරයේ 2015 වර්ෂයේ අප්‍රේල් මස 26,මැයි මස 10,17,24,31 ජුනි මස 07,14 යන දිනයන් වල පවත්වන භාවනා වැඩමුලුව.

දේශනා-01

දේශනා-02

දේශනා-03

දේශනා-04

දේශනා-05

දේශනා-06

දේශනා-07

දේශනා-08

දේශනා-09

දේශනා-10

දේශනා-11

දේශනා-12

දේශනා-13

දේශනා-14

දේශනා-15

දේශනා-17

දේශනා-18


දේශනා-19

දේශනා-20

දේශනා-21

දේශනා-22

දේශනා-23



5.රත්මලාන සමන්මාවතෙ අංක 124 නිවසෙ පැවත්වු භාවනා වැඬමුලුව
2015-04-23

දේශනා-01

දේශනා-02

දේශනා-03

දේශනා-04

දේශනා-05

දේශනා-06

දේශනා-07

දේශනා-08

දේශනා-09

දේශනා-11

දේශනා-12

දේශනා-13

දේශනා-14

දේශනා-15

දේශනා-16

දේශනා-17

දේශනා-18

දේශනා-19

දේශනා-20
 



1. ශ්‍රී පාද අඩවියේ වර්ණගල අම්බලම




දේශනා-05



2.බලංගොඩ අටවක්වෙල සුගතාරාම විහාරය.



3.එල්ලාවල  පරනගම බෝධිය





4. මාලඹේ සුසිලාරාමය

දේශනා-19
දේශනා201403-24

දේශනා-201404-29-01
දේශනා-201404-29-02
දේශනා-201404-29-03

දේශනා-150526-01
දේශනා-150526-02
දේශනා-150526-03

දේශනා-150623-01
දේශනා-150623-02
දේශනා-150623-03

දේශනා-150929-01

දේශනා-150929-02

දේශනා-150929-03

Malabe-Sugathadassinaramaya 2016-02-09 (01)

Malabe-Sugathadassinaramaya 2016-02-09 (02)

Malabe-Sugathadassinaramaya 2016-02-09 (03)



4.කොට්ටාව දූව පුරාණ විහාරය


දේශනා-01
දේශනා-02
දේශනා-03
දේශනා-04
දේශනා-05
දේශනා-06
දේශනා-07
දේශනා-08
දේශනා-09
දේශනා-10
දේශනා-11
දේශනා-12
දේශනා-13
දේශනා-14
දේශනා-15
දේශනා-16
දේශනා-17
දේශනා-18
දේශනා-19
දේශනා-20
දේශනා-21
දේශනා-22
දේශනා-23
දේශනා-24
දේශනා-25
දේශනා-26
දේශනා-27




විශේෂ දේශණා
01 දෙවියන්ගේ බණ හා බුදු බණ

කොට්ටාව දූව පුරාණ විහාරයේ 2015 වර්ෂයේ පෙබරවාරි හා මාර්තු මස  පැවැත්වූ භාවනා වැඩ සටහනේ සිදුකළ අනුශාසනාවකි.

අනුශාසනාව

02 මනාලියක් විවාහ මංගල්‍යය දිනයේ සෝවාන් වෙයි.

කොට්ටාව දූව පුරාණ විහාරයේ 2015 වර්ෂයේ පෙබරවාරි හා මාර්තු මස  පැවැත්වූ භාවනා වැඩ සටහනේ සිදුකළ අනුශාසනාවකි.


අනුශාසනාව

03 ආනාපාන සති භාවනාව හා මැරතන් තරඟය

කොට්ටාව දූව පුරාණ විහාරයේ 2015 වර්ෂයේ පෙබරවාරි හා මාර්තු මස  පැවැත්වූ භාවනා වැඩ සටහනේ සිදුකළ අනුශාසනාවකි.


04 ගෙඹි අම්මා සහ ඉස්ගෙඩි පැටව්

ශ‍්‍රී පාද අඩවියේ වර්ණගල අම්බලමේ 2014 වර්ෂයේ නොවැම්බර් මස  පැවැත්වූ භාවනා වැඩ සටහනේ සිදුකළ අනුශාසනාවකි.



05 දුක්ඛ ආර්යය සත්‍ය හා දුකේ හෙවනැල්ල 

 2015 - 03- 24 දින මාලඹේ සුසිලාරාමයේදී පැවැත්වූ භාවනා වැඩ සටහනේ සිදුකළ අනුශාසනාවකි.


අනුශාසනාව


5. දිට්ඨිය හා ගොඩාහැලිය

ශ‍්‍රී පාද අඩවියේ වර්ණගල අම්බලමේ 2014 වර්ෂයේ නොවැම්බර් මස  පැවැත්වූ භාවනා වැඩ සටහනේ සිදුකළ අනුශාසනාවකි.

අනුශාසනාව

6. මහා මංගල සුත්‍රයට දෙවියන් වැඩියෙන් කැමති ඇයි?

මංගල කරුණු 38-

(1.බාලයන් සේවනය නොකිරීම, 2.පණ්ඩිතයන් ඇසුරු කිරීම,3.පිදිය යුත්තන් පිදීම,4.සුදුසු ප‍්‍රදේශයන් හි වාසය කිරීම, 5.පෙර කරන ලද පින් ඇති බව, 6.තමා ශීලාදී දහම්හි පිහිටුවීම, 7.බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව, 8.මනා කොට ශිල්ප දැනීම,9.විනයෙන් හික්මීම, 10.යහපත් වචන භාවිතය, 11.මව්පිය උපස්ථානය, 12දරුවන්ට සංග‍්‍රහ කිරීම, 13.භාර්යාවන්ට සංග‍්‍රහ කිරීම, 14නිරවුල් කර්මාන්තය,15.දානය,
16.ධර්මයෙහි හැසිරීම,17.නෑයන්ට සංග‍්‍රහ කිරීම,18.නිරවුල් කර්මාන්තය,
19.පවින් වැළකීම,20.මත්පැන් පානයෙන් වැළකීම,21.නොපමාව කුසල් කිරීම,
22.ගරු කළ යුත්තන්ට ගරු කිරීම, 23නිහතමානී බව, 24.ලද දෙයින් සතුටු වීම,
25.කළ ගුණ සැලකීම, 26.සුදුසු කල ධර්මය ශ‍්‍රවනය කිරීම, 27.ඉවසීම,
28.කීකරු බව, 29.ශ‍්‍රමණයන් වහන්සේලා දැකීම, 30.සුදුසු කල්හි ධර්ම සාකච්ඡුාව,

31.තපස, 32.බඹසර රැුකීම, 33.චතුරාර්ය සත්‍ය පිළිබඳ දැනීම, 34.නිර්වාණය අවබෝධ කිරීම,

35.අටලෝ දහමින් කම්පා නොවීම, 36.ශෝක නැති බව, 37.කෙළෙසුන්ගෙන් දුරු වීම, 38.චතුර්යෝග භයින් මිදුණු බව,)



7.විපස්සනා භාවනාව හා අධිමානසික බලය



8.සතර ඍද්ධිපාද  ආමිසපුජාව, ශීල ශික්ෂාව, සමාධි ශික්ෂාව, පඤ්ඤා
 ශික්ෂාවට බලපාන ආකාරය
 අතුරැගිරිය අබේවීර ධර්මායතනයේ 2015-06-06 දින පැවත්වූ ධර්ම
 දෙශණාව

අනුශාසනාව-01

අනුශාසනාව-02