Sunday, April 24, 2016

මහා මංගල සුත්‍රය හා සංසාර විමුක්තිය

2016-04 -24 දින කොළඹ 06 සුගතදස්සිනාරාමයේ පැවැත්වූ ධර්ම දෙශණාව






මහා මංගල සුත්‍රය හා සංසාර විමුක්තිය
එවං මෙ සුතං - එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො අඤ්ඤතරා දෙවතා අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණා කෙවලකප්පං ජෙතවනං ඔභාසෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතා ඛො සා දෙවතා භගවන්තං ගාථාය අජ්ඣභාසි -

බහූ දෙවා මනුස්සා ච, මඞ්ගලානි අචින්තයුං
ආකඞ්ඛමානා සොත්ථානං, බ්‍රූහි මඞ්ගලමුත්තමං.
බොහෝ දෙවියෝද මනුෂ්‍යයෝද යහපත පතන්නෝ අභිවෘද්ධිය සලසාලන උතුම් කරුණු සෙවූහ. වහන්ස, අභිවෘද්ධිය සලසාලන උතුම් කරුණු වදාරණ සේක්වායිගාථායෙන් කීය.

අසෙවනා ච බාලානං, පණ්ඩිතානඤ්ච සෙවනා
පූජා ච පූජනෙය්‍යානං, එතං මඞ්ගලමුත්තමං.
1.බාලයන් සේවනය නොකිරීම.  2.පණ්ඩිතයන් ඇසුරු කිරීම.  3.පිදිය යුත්තන් පිදීම

පතිරූපදෙසවාසො ච, පුබ්බෙ ච කතපුඤ්ඤතා
අත්තසම්මාපණිධි ච, එතං මඞ්ගලමුත්තමං.
4.සුදුසු ප‍්‍රදේශයන් හි වාසය කිරීම.  5.පෙර කරන ලද පින් ඇති බව.  6.තමා ශීලාදී දහම්හි පිහිටුවීම.

බාහුසච්චඤ්ච සිප්පඤ්ච, විනයො ච සුසික්ඛිතො
සුභාසිතා ච යා වාචා, එතං මඞ්ගලමුත්තමං.
7.බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව.  8.මනා කොට ශිල්ප දැනීම.  9.විනයෙන් හික්මීම.    10.යහපත් වචන භාවිතය.

මාතාපිතු උපට්ඨානං, පුත්තදාරස්ස සඞ්ගහො
අනාකුලා ච කම්මන්තා, එතං මඞ්ගලමුත්තමං.
11.මව්පිය උපස්ථානය.   12.දරුවන්ට සංග‍්‍රහ කිරීම.  13.භාර්යාවන්ට සංග‍්‍රහ කිරීම.  14. නිරවුල් ගෘහ ජීවිතය.

දානඤ්ච ධම්මචරියා ච, ඤාතකානඤ්ච සඞ්ගහො
අනවජ්ජානි කම්මානි, එතං මඞ්ගලමුත්තමං.
15.දානය.  16.ධර්මයෙහි හැසිරීම. 17.නෑයන්ට සංග‍්‍රහ කිරීම.  18.නිරවුල් කර්මාන්තය.

ආරතී විරතී පාපා, මජ්ජපානා ච සංයමො
අප්පමාදො ච ධම්මෙසු, එතං මඞ්ගලමුත්තමං.
19.පවින් වැළකීම. 20.මත්පැන් පානයෙන් වැළකීම.  21.නොපමාව කුසල් කිරීම.

ගාරවො ච නිවාතො ච, සන්තුට්ඨි ච කතඤ්ඤුතා;
කාලෙන ධම්මස්සවනං, එතං මඞ්ගලමුත්තමං.
22.ගරු කළ යුත්තන්ට ගරු කිරීම.  23.නිහතමානී බව.  24.ලද දෙයින් සතුටු වීම.
25.කළ ගුණ සැලකීම.  26.සුදුසු කල ධර්මය ශ‍්‍රවනය කිරීම.

ඛන්තී ච සොවචස්සතා, සමණානඤ්ච දස්සනං;
කාලෙන ධම්මසාකච්ඡා, එතං මඞ්ගලමුත්තමං.
27.ඉවසීම. 28.කීකරු බව.  29.ශ‍්‍රමණයන් වහන්සේලා දැකීම.  30.සුදුසු කල්හි ධර්ම සාකච්ඡාව.

තපො ච බ්‍රහ්මචරියඤ්ච, අරියසච්චාන දස්සනං;
නිබ්බානසච්ඡිකිරියා ච, එතං මඞ්ගලමුත්තමං.
31.තපස.  32.බඹසර රැකීම.  33.චතුරාර්ය සත්‍ය පිළිබඳ දැනීම.  34.නිර්වාණය අවබෝධ කිරීම.

ඵුට්ඨස්ස ලොකධම්මෙහි, චිත්තං යස්ස න කම්පති;
අසොකං විරජං ඛෙමං, එතං මඞ්ගලමුත්තමං.
35.අටලෝ දහමින් කම්පා නොවීම. 36.ශෝක නැති බව.  37.කෙළෙසුන්ගෙන් දුරු වීම.   38.චතුර්යෝග භයින් මිදුණු බව.

එතාදිසානි කත්වාන, සබ්බත්ථමපරාජිතා;
සබ්බත්ථ සොත්ථිං ගච්ඡන්ති, තං තෙසං මඞ්ගලමුත්තම න්ති.
මෙවැනි අභිවෘද්ධියට කරුණුවූ දේ කිරීමෙන් හැමතන්හි නොපැරදුනෝව හැමතන්හි සැපසේ යත්. ඒ දේ ඒ පුරන්නහුට උතුම් මඟුල්ය.


No comments:

Post a Comment